"ටීවී අසාහි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
47 පේළිය:
 
ටීවී අසාහි මූලස්ථානය [[ටෝකියෝ]] නුවර රොප්පොන්ගි, මිනාටෝ හි පිහිටා ඇත. ෆුමිහිකෝ මකි විසින් නිර්මාණය කරන ලද මෙම නව මූලස්ථානයට නාලිකාව ගෙනෙනු ලැබූයේ 2003 වසරේදී ය. නමුත් 1986 සිට 2003 දක්වා එහි මූලස්ථානය වූ "ටීවී අසාහි සෙන්ටර්" හි තවමත් නිෂ්පාදන මැදිරි පිහිටා ඇත.
 
==ඉතිහාසය==
[[Image:TVAsahi.jpg|thumb|ටීවී අසාහි පැරණි මූලස්ථානය]]
ටීවී අසාහි ජාලය, නිහොන් එඩියුකේෂනල් ටෙලිවිෂන් කොම්පැනි ලිමිටඩ් ලෙස 1957 නොවැම්බර් 1 දින ආරම්භ විය. එය අදායම් ඉලක්ක කරගත් අධ්‍යාපනික නාලිකාවක් විය. එහි ආරම්භක විකාශන බලපත්‍රය අනුව එහි විකාශන කාලයෙන් අවම වශයෙන් 50%ක් අධ්‍යාපනික වැඩසටහන් සඳහාද, විකාශන කාලයෙන් 30% ළමා අධ්‍යාපනික වැඩසටහන් සඳහාද වෙන්කළ යුතු විය.
 
කෙසේවෙතත් එහි අදායම් ඉලක්ක කරගත් විකාශන ක්‍රමවේදය අසාර්ථක තත්වයට පත්විය. එමනිසා 1960 වසරේදී මෙම නාලිකාව සාමාන්‍ය වැඩසටහන් ආකෘතියක් ඇති නාලිකාවක් බවට පත්කෙරිණි. ඒ අනුව කාටූන් වැඩසටහන් සහ විදේශීය චිත්‍රපට මුල් කාලයේදී විකාශය විය. මෙම නාලිකාව විසින් එම වැඩසටහන් ළමයින් සඳහා වූ අධ්‍යාපනික වැඩසටහන් ලෙස දක්වමින් බලපත්‍රයේ අඩංගු කරුණු සාධාරණීකරණය කළේය. නාලිකාවේ නමද NET ලෙස වෙනස් කෙරිණි.
 
වසර 7කට පසු 1967දී NET නාලිකාව විසින් පළමුවරට වර්ණ රූපවාහිනී වැඩසටහනක් විකාශය කරන ලදී. මෙම නාලිකාව සාමාන්‍ය වැඩසටහන් නාලිකාවක් බවට පත්වීම සම්පූර්ණ වූයේ 1973 නොවැම්බර් මාසයේදීය. ඒ එවකට පැවති "ටෝකියෝ චැනල් 12" නාලිකාව සමග සාමාන්‍ය වැඩසටහන් නාලිකාවක් සඳහා වූ බලපත්‍රයකට ඉල්ලුම් කිරීමත් සමගය. ඒ සමගම නාලිකාවේ නාමය "NET ජෙනරල් ටෙලිවිෂන්" ලෙස වෙනස් කල අතර පසුව එය "අසාහි නැෂනල් බ්‍රෝඩ්කාස්ටින් කොම්පැනි, ලිමිටඩ්" බවට පත්විය.
"https://si.wikipedia.org/wiki/ටීවී_අසාහි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි