"ප්‍රතිශක්තිකරණවේදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
24 පේළිය:
ප්‍රතිදේහ මගින් පාලනය වන (humoral) ප්‍රතික්‍රියාවන් ප්‍රතිදේහ හා ප්‍රතිදේහ ජනක අතර අන්තර් ප්‍රතික්‍රියා සිදුවීමෙන් ඇතිවේ. ප්‍රතිදේහ යනු ප්‍රතිශක්ති සෛල (B වස‍ා සෛල) මගින් මුදා හරින විශේෂ ප්‍රෝටීන වර්ගයකි. ප්‍රතිදේහ ජනක යනු ප්‍රතිදේහ නිෂ්පාදනය කිරීමේ හැකියාව ඇති ඕනෑම ද්‍රව්‍යයන්ය. එබැවින් ප්‍රතිශක්තිකරණ විද්‍යාව යනු මෙම ජෛව විද්‍යාත්මක අංගයන් පිළිබදව අවබෝධයක් ලබාගන්නා විද්‍යාවකි. කෙසේ වුව ද මේ හා සමානවම වැදගත් අංගයක් වනුයේ සෛල මගින් ඇති කරන ප්‍රතික්‍රියාවන්ය. (Cellular response) මෙමගින් ප්‍රතිදේහ මගින් වන ප්‍රතික්‍රියාවන් පාලනයට අමතරව ආසාදිත සෛල විනාශ කිරීමට උපකාරී වේ. මෙම පද්ධති දෙකම එකිනෙකා මත යැපෙමින් ප්‍රතික්‍රියා දක්වයි. 21 වන ශතවර්ෂයේ දී ප්‍රතිශක්තිකරණ විද්‍යාවේ සියලුම විශේෂ අවකාශයන්හි පර්යේෂණ ඇත්වීමත් සමග එහි නිම්වළලු පුළුල් විය. සෛල, අවයව සහ පද්ධතිවල ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලි පිළිබද අධ්‍යයනය කිරීම මෙහිදී සිදු කෙරිණ. තවද ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් පිට සිදුවන ප්‍රතිශක්තිකරණ ක්‍රියා පිළිබදව හැදෑරේ.
 
== සායනික ප්‍රතිශක්තිකරණ විද්‍යාවප්‍රතිශක්තිකරණවේදය ==
 
සායනික ප්‍රතිශක්ති විද්‍යාව යනු ප්‍රතිශක්ති කරන පද්ධතියේ අක්‍රමිකතා නිසා හටගන්නා රෝග පිළිබඳව සිදුකරන අධ්‍යයනයයි. (ප්‍රතිශක්ති කරන පද්ධතිය නිසි පරිදි ක්‍රියාකිරීමට අපොහොසත් වන අවස්ථා, අමතර ක්‍රියාකාරීත්වයන් සහ එහි සෛල කොටස්වල අසාමාන්‍ය වර්ධනය) මෙමගින් අනෙකුත් පද්ධතියන්හි රෝග ලක්ෂණ ඇති කිරීම සඳහා ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරීත්වයන් මුල්වන අවස්තාවන් පිළිබඳව ද අධ්‍යයනය කෙරේ.
34 පේළිය:
සායනික ප්‍රතිශක්ති වේදියෙකු බද්ධ කරන ලද අවයව සිරුර මගින් ප්‍රතික්ෂේප කිරීම වැළක්වීම පිළිබඳව අධ්‍යයනය කරයි.
 
== References ==
http://en.wikipedia.org/wiki/Immunology#Classical_immunology
http://en.wikipedia.org/wiki/Immunology
 
{{වෛද්‍ය විද්‍යාව|state=expanded}}
"https://si.wikipedia.org/wiki/ප්‍රතිශක්තිකරණවේදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි