"බර්ජ් ඛලීෆා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
41 පේළිය:
 
බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල නිර්මාණය කරනු ලැබූයේ එවකට ස්කිඩ්මෝ, ඔවින්ග්ස් සහ මෙරිල් සමාගමේ (SOM) හිමිකරු [[ඒඩ්‍රියන් ස්මිත්]] විසිනි. ඇමරිකාවේ [[විලිස් ටවර්]] සහ [[ලෝක වෙළඳ මධ්‍යස්ථානය (2001-වර්තමානය)|නව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 1 WTC ගොඩනැගිල්ල]] යන සුප්‍රසිද්ධ ගොඩනැගිලිද නිර්මාණය කරනු ලැබූයේ මෙම සමගම විසිනි. [[හයිඩර් කන්සල්ටින්]] සමාගම ගොඩනැගිල්ලේ අධීක්ෂණ ඉංජිනේරු කාර්යය සිදුකළහ. NORR ගෘෘප් කන්සල්ටන්ට්ස් ඉන්ටනැෂනල් ලිමිටඩ් ආයතනය විසින් මෙහි ගෘහනිර්මානය අධීක්ෂණය කරන ලදී. මෙම ගොඩනැගිල්ලේ ගෘහනිර්මාණය [[ඉස්ලාමීය ගෘහනිර්මාණ ශිල්පය]] සහ කලාපයේ සංස්කෘතික හා ඓතිහාසික සංකල්පයන් යොදා ගනිමින් සකසා ඇත. ගොඩනැගිල්ලේ ස්පිරුලාකාර ප්‍රාසාදශෘංගය මීට එක් උදාහරණයකි. ගොඩනැගිල්ලේ ඉංග්‍රීසි Y අකුරේ හැඩය ඇති සැලැස්ම වෙන්කර තිබෙන්නේ නිවාස සහ හෝටල් සඳහාය. ගොඩනැගිල්ල මධ්‍යයේ ඇති රුකුල් දෙනු ලැබූ හර ව්‍යුහ පද්ධතියක් විසින් ගොඩනැගිල්ලට ආධාරකයක් ලෙස ක්‍රියා කරයි. එමෙන්ම ගොඩනැගිල්ල වටකරමින් ඉදිකර ඇති ආරක්ෂක පටල පද්ධතියක් විසින් ඩුබායිහි ගිම්හාන උෂ්ණත්වය දරා සිටීමට ගොඩනැගිල්ලට සහය වෙයි. එක් කුටියක 12 - 14 අතර පිරිසක් රැගෙන යා හැකි සෝපාන පද්ධති 57ක් බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල තුල ඇත. භාණ්ඩ ප්‍රවාහන උත්තෝලක 8ක්ද ඊට අමතරව ඇත.
 
බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල සම්බන්ධයෙන් විචාරක අදහස් ධනාත්මක වේ. මෙම ගොඩනැගිලි නිර්මාණය වෙනුවෙන් සම්මාන රැසක්ද ඊට ලැබී ඇත. කෙසේවෙතත් ගොඩනැගිල්ල ඉදිකරන සමයේ එහි කම්කරුවන්ට මුහුණ දීමට සිදුවූ ගැටළු ආන්දෝලනාත්මක වී ඇත. බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල ඉදිකළ බොහෝ කම්කරුවන් දකුණු සහ නැගෙනහිර ආසියානුවන් වූ අතර ඔවුන් අඩු වැටුප් ලැබූ බවත්, අඩු පහසුකම් සහිත නවාතැන්වල ජීවත් වූ බවත් වාර්තා වේ.
 
 
"https://si.wikipedia.org/wiki/බර්ජ්_ඛලීෆා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි