"බර්ජ් ඛලීෆා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'<!-- WIKIPEDIA ASIAN MONTH DO NOT EDIT --> {{Infobox building | name = බර්ජ් ඛලීෆා | na...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
36 පේළිය:
| url = {{URL|www.burjkhalifa.ae}}
}}
'''බර්ජ් ඛලීෆා''' ({{lang-ar|برج خليفة}}, "[[ඛලීෆා බින් සයෙද් අල් නහ්යාන්|ඛලීෆා]] ටවර්", උච්ඡාරණය {{IPAc-en|lang|ˈ|b|ɝ|dʒ|_|k|ə|'|l|i:|f|ə|}}), යනු [[එක්සත් අරාබි එමීර් රාජ්‍යය|එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ]], [[ඩුබායි]] නගරයේ පිහිටි උස් ගොඩනැගිල්ලකි. එය විවෘත කිරීමට පෙර හඳුන්වනු ලැබූයේ '''බර්ජ් ඩුබායි''' ලෙසය. එය ලොව ඇති වඩාත් උසම කෘතීම ව්‍යුහයයි. එහි උස {{convert|829.8|m|ft|0|abbr=on}} වේ.
බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල ඉදිකිරීම අරඹනු ලැබූයේ 2004 වසරේදීය. එහි බාහිර කොටස 2009 වන විට ඉදිකර අවසන් විය. එහි ප්‍රාථමික ව්‍යුහය සවිගැන්වූ කොන්ක්‍රීට් වලින් නිමවා ඇත. ඩුබායි නගරයේ සංවර්ධන ව්‍යාපෘතියකට සමගාමීව මෙම ගොඩනැගිල්ල 2010 වසරේදී විවෘත කෙරිණි. මෙය නිර්මාණය කර ඇත්තේ මහා පරිමාණ මිශ්‍ර භාවිත සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය ලෙසයි. බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල ඉදිකිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජය තීරණය කර ඇත්තේ, එරට ඛනිජ තෙල් මූලික කරගත් ආර්ථිකයෙන් වෙනස් වී රටට ජාත්‍යන්තර පිළිගැනීම ලබාගැනීමටයි. මෙම ගොඩනැගිල්ල එනමින් නම් කර ඇත්තේ [[අබුඩාබි]]හි පාලකයා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති වන කලීෆා බින් සයෙද් අල් නහ්යාන් ට ගෞරව පිණිසය. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේදී ගනු ලැබූ ණය පියවීම සඳහා එක්සත් අරාබි එමීර් රජය සහ අබුඩාබි නගරය විසින් ඩුබායි නගරයට මුදල් ලබාදෙන ලදී. බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල විසින්, එතෙක් ලොව විවිධ ගොඩනැගිලි මගින් තබා තිබූ 'ලොව උසම ගොඩනැගිලි' වාර්තා රැසක් බිඳහෙලනු ලැබීය.
බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල නිර්මාණය කරනු ලැබූයේ එවකට ස්කිඩ්මෝ, ඔවින්ග්ස් සහ මෙරිල් සමාගමේ (SOM) හිමිකරු [[ඒඩ්‍රියන් ස්මිත්]] විසිනි. ඇමරිකාවේ [[විලිස් ටවර්]] සහ [[ලෝක වෙළඳ මධ්‍යස්ථානය (2001-වර්තමානය)|නව ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 1 WTC ගොඩනැගිල්ල]] යන සුප්‍රසිද්ධ ගොඩනැගිලිද නිර්මාණය කරනු ලැබූයේ මෙම සමගම විසිනි. [[හයිඩර් කන්සල්ටින්]] සමාගම ගොඩනැගිල්ලේ අධීක්ෂණ ඉංජිනේරු කාර්යය සිදුකළහ. NORR ගෘෘප් කන්සල්ටන්ට්ස් ඉන්ටනැෂනල් ලිමිටඩ් ආයතනය විසින් මෙහි ගෘහනිර්මානය අධීක්ෂණය කරන ලදී. මෙම ගොඩනැගිල්ලේ ගෘහනිර්මාණය [[ඉස්ලාමීය ගෘහනිර්මාණ ශිල්පය]] සහ කලාපයේ සංස්කෘතික හා ඓතිහාසික සංකල්පයන් යොදා ගනිමින් සකසා ඇත. ගොඩනැගිල්ලේ ස්පිරුලාකාර ප්‍රාසාදශෘංගය මීට එක් උදාහරණයකි. ගොඩනැගිල්ලේ ඉංග්‍රීසි Y අකුරේ හැඩය ඇති සැලැස්ම වෙන්කර තිබෙන්නේ නිවාස සහ හෝටල් සඳහාය. ගොඩනැගිල්ල මධ්‍යයේ ඇති රුකුල් දෙනු ලැබූ හර ව්‍යුහ පද්ධතියක් විසින් ගොඩනැගිල්ලට ආධාරකයක් ලෙස ක්‍රියා කරයි. එමෙන්ම ගොඩනැගිල්ල වටකරමින් ඉදිකර ඇති ආරක්ෂක පටල පද්ධතියක් විසින් ඩුබායිහි ගිම්හාන උෂ්ණත්වය දරා සිටීමට ගොඩනැගිල්ලට සහය වෙයි. එක් කුටියක 12 - 14 අතර පිරිසක් රැගෙන යා හැකි සෝපාන පද්ධති 57ක් බර්ජ් ඛලීෆා ගොඩනැගිල්ල තුල ඇත. භාණ්ඩ ප්‍රවාහන උත්තෝලක 8ක්ද ඊට අමතරව ඇත.
 
 
== මූලාශ්‍ර ==
"https://si.wikipedia.org/wiki/බර්ජ්_ඛලීෆා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි