"ටෙල් අවිව්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
→‎නිරුක්තිය: සංස්කරණය
106 පේළිය:
==නිරුක්තිය==
''ටෙල් අවිව්'' යනු, [[නහුම් සුකොලොම්]] විසින් [[ජර්මන් භාෂාව|ජර්මන් බසින්]] [[හීබෲ භාෂාව|හීබෲ භාෂාවට]] පරිවර්තනය කරන ලද ''Altneuland'' ''(පැරණි නව භූමිය)'' නමැති කෘතියෙහි හීබෲ නාමය යි. සොකොලොව් එම නම නිර්මාණයේ දී [[ඊස්කීල්]] හී එන [[බැබිලෝනියාව]]ට ආසන්න [[මෙසපොටේමියාව|මෙසපොටේමියානු]] ප්‍රදේශයක් වන [[ටෙල් අබිබ්]] යනහි නම උපයෝගී කරගෙන තිබිණි. 1910 දී නාම යෝජනා කිහිපයක් අතුරින් ටෙල් අවිව් නාමය තෝරා ගන්නා ලදී. පුරාණ යුදෙව් ජන්මභූමියෙහි පුනර්ජිවයක් යන අදහස කැටි කරගත් බැවින් එම නාමය වඩාත් පිළිගැනීමට ලක්විය. හීබෲ භාෂාවෙන් ''අවිව්'' යනු "වසන්තය" යි. එය නව ජීවය සංකේතවත් කරයි. එමෙන්ම ''ටෙල්'' යනු එකක් මතින් එකක් ගොඩනැගුණු ශිෂ්ටාචාරවල ස්ථර ඒකරාශී වීමෙන් සෑදුණු, මිනිසා විසින් සාදන ලද ගොඩැල්ල යන්නයි. එමගින් පුරාණ බව සංකේතවත් කරයි.
 
හීබෲ බසින් ''යාෆො'' හෙවත්, ජෆ්ෆා යන නාමයෙහි නිරුක්තිය පිළිබඳව විවිධ මත පවතී. ඇතැමුන් විශ්වාස කරන්නේ "ලස්සන" හෝ "සුන්දර" යන අරුත් ඇති හීබෲ වචන වන ''යාෆා'' හෝ ''යෝෆි'' මගින් එය ව්‍යුත්පන්න වූ බවයි. තවත් විශ්වාසයක් වන්නේ නෝවාගේ පුත්‍රයා වන ජාෆෙත් විසින් නගරය පිහිටුවණු ලැබූ බව සහ ඒ නිසාවෙන් ඔහුගේ නම අනුව යමින් නගරයට නම ලැබුණු බවයි.<ref name="VJF">{{cite web |url=https://www.jewishvirtuallibrary.org/jsource/Society_&_Culture/geo/jaffa.html |title=Jaffa |accessdate=16 September 2012 |publisher=[[Jewish Virtual Library]]}}</ref>
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/ටෙල්_අවිව්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි