"හිප් හොප් සංගීතය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 87 interwiki links, now provided by Wikidata on d:q11401 (translate me)
සුළු ව්‍යාභිචාරය පිළිබද සබැදිය පිටුවට එක් කරන ලදී.
8 පේළිය:
රැප් යන්න මූලිකව එය ඉදිරිපත් කරන්නා විසින් කිසියම් රිද්මයක සහ තානමකට අනුව කරන කතාවක් වේ. මෙහි රිද්මය බොහෝ විට ඞී ජේ විසින් වෙනත් ගීතයකින් ගත් කොටසක් ලෙස ඉදිරිපත් වන අතර ඇතැම් විට සින්තසයිසර් ඩ‍්‍රම් මැෂින් හෝ සජීවී සංගීතය ද යොදා ගනු ලැබේ. රැප් ශිල්පීහු තමුන් පෙර ලියූ පද රචනා පැවසීම හෝ ඒ මොහොතේ නිරායාසයෙන් ප‍්‍රකාශ කිරීම් කරනු ලැබේ. රැප් යන්න හිප් හොප් හි අත්‍යවශ්‍ය අංගයක් වූවද ඇතැම් විට ඞී ජේ ශිල්පීහු තනිව ඉදිරිපත් කිරීම් හා තැටිගත කිරීම් කරනු ලැබේ.
 
හිප් හොප් සංගීතය නැගී සිටීම ආරම්භ වූයේ ඞී ජේ ශිල්පීන් ෆන්ක් හෝ ඩිස්කෝ සංගීතයේ රිද්මය පමණක් වෙනම ගෙන රිද්ම විරාමයක් පේ‍්‍රක්ෂකයන් ට ලබා දීම ආරම්භ කිරීමත් සමග ය. එම කාලය තුල ඉදිරිපත්කරන්නෙකු විසින් ඞී ජේ හඳුන්වා දීම , පේ‍්‍රක්ෂකයන් ට කතා කිරීම , විහිලූ හා උපහාස කථනය ආදිය සිදුකිරීම විය. ක‍්‍රමයෙන් මෙම පුරුද්ද වෙනම ශෛලයක් ලෙස වර්ධනය වී රැප් ලෙස වර නැංවුනි. 1979 වන විට හිප් හොප් වානිජ ව තැටිගත කෙරෙන සංගීත ශෛලයක් බවට පත්වී අමෙරිකානු ප‍්‍රධාන ධාරාවට එක් වීම ආරම්භ කරන්නට වූ අතර ලෝක සංගීතයට ද එක් වන්නට විය. 1990 දශකයේදී ගැන්ස්ටා රැප් නම් වූ ශෛල්‍යය අමෙරිකානු සංගීතයේ ප‍්‍රධාන අංගයක් වූ අතර එහි ආන්දෝලනාත්මක පද රචනා මගින් ප‍්‍රචණ්ඩත්වය, [[ව්‍යාභිචාරය|ව්‍යාභිචාරය]], මත්ද්‍රව්‍ය භාවිතය හා ස්ත‍්‍රී විරෝධීත්වය උත්කර්ෂයට ලක්කරන බව ඇතැමුන් ප‍්‍රකාශ කළෝ ය. කෙසේ වුවද 2000 දශකයේ මුල් භාගය වන විට හිප් හොප් යන්න ජනප‍්‍රිය සංගීතයේ අනිවාර්ය අංගයක් වූ අතර වර්තමානයේ දී ලෝකය පුරා විවිධ සංගීත ශෛලීන් ඔස්සේ එය භාවිතා වේ.
"https://si.wikipedia.org/wiki/හිප්_හොප්_සංගීතය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි