"කරාටේ" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
11 පේළිය:
චිබනාගේ සිසුවකු වූ අන්හිචි අරතකිගෙන් ද මොහොබුචොකි හා ක්යාන්චොතකුගෙන් ද කරාතේ හැදෑරූ ෂොෂින් නාගමිනේ මත්සුබයාෂි සම්ප්‍රදාය බිහිකළේ ය. සොකොන්මත්සුමරාගේ මුණුපුරකු වූ තෝහා සොකෙන් ඉමතාසු අතින් වෙනස්වූ මත්සුමරාගේ පවුලේ සටන්ක්‍රමය මත්සුමරා සෙච්‍තතෝ නම් ශෛලියක් ලෙස ගොඩනැගුවේය. විධානාගේ තොබයාෂි සම්ප්‍රදාය යුචොකු හිගා(හියුදෝකාන්),ෂුංගාගේනකාසාතෝ, ෂෝරින්තාන්,කත්සුරා මියහිරා ආදී ගුරුවරුන් වෙතින් ද ක්යාන්ගේෂොබයාෂි සම්ප්‍රදාය අරතිචි,අන්තිචි,අන්කිචි,සෙන්රියෝෂිමබුකුරෝ, ජොඑන නකරාතෝ ආදී ගුරුවරු වෙතින් ඉදිරියට ගියේය. ක්යාන් චොතකු ගේ සිසුවකු වූ තත්සුමෝ ෂිටබුතුරෝ නිර්මාණයකළ ඉෂින් රියු ශෛලිය ද ඔකිනාවා හි ප්‍රමුඛස්ථානයක් ගනී.සෙයකි අරතකි විසින් ගෝහන්සොකෙන් ගේ සම්ප්‍රදාය රැකගත්තේය.
==ගෝජුරියුසම්ප්‍රදාය== [[රූපය:Chojun_miyagi.gif|right]]
ෂෝරින් රියු සම්ප්‍රදාය තුළ රළුබව,ශක්තිය,වේගය,ඉණ උස්පහත්කර ගමන්කිරීම,කෙටි ඉරියව්, පහරදීම් ලක්ෂණ වැඩිවීම සහ ස්වභාවික ශ්වසනය යන මූලධර්ම ගැබ්වී තිබුණි. නහාතේ සම්ප්‍රදායේ රළු හා මෟදුබව පහත්වූ ඉරියව් තුළ තිබේ.ලක්ෂණ සහ ආයාසකර ශ්වසන අභ්‍යාස කුළුගැන්වී තිබේ.හිගා ඔන්කා ගේ සදු මියානි චෝජුන් ගුරුතුමා මෙම සම්ප්‍රදාය"රළු සහ මෳදුබව"යන අරුතැති ගෝ ජු රියු ලෙස නම්කළේය. මෙහිදී එතුමාට ජුහාත්සු තියෝදෝ නම් ගුරුවරයා මහත්සේ උපකාරවුණි. මෙම ශෛලිය ජිනන් ෂින්සාතෝ,මෙයි කෝකු යාගි,යෝගි සබුරෝ,උළුහෙරා,කෙයි මියානි,එයිචි මියා සාතෝ,කොෂින් ඉනා ආදී ගුරුවරු විශාල පිරිසක් අතින් ඉදිරියට පැමිණිනි.
==ජපානය තුළ ව්‍යාප්තිය==
ඔකිනාවා ජපන් පාලනයට නතු වූ පසු කරාතේ ජපන් මධ්‍ය දේශයට ගෙනයාමට ප්‍රබල උත්සාහයක් දැරීමට සිදුවිය. මෙයට හේතුව ජපන් වැසියන් ඔකිනාවා තම දේශයේ කොටසක් ලෙස නොසැලකීමයි. ඔවුහු කරාතේ ක්‍රෑර ශිල්පයක් ලෙස හැඳින්වීමට පටන් ගත්තේය. මෙහිදී තෝකියෝවට ගොස් කරාතේ ව්‍යාප්තියට මහත්සේ වෙහෙසවූවන් අතර ගිචින් ෆුනා තොෂි ගුරුතුමා හැඳින්විය හැකිය. මෙතුමා මෙතෙක්කල් කරාතේ ශිල්පය හැඳින්වීමට යෙදූ චීන අත යන අරුත් දෙන "තෝ දේ"යන්න වෙනුවට "කරාතේ"හෙවත්"හිස්අත" යන්න යෝජනාකර සම්මතකරගැනීමෙහිලා පුරෝගාමී විය. ඔහු නවීන කරාතේ ශිල්පයේ පියා ලෙස හැඳින්වෙන්නේ එබැවිණි. තමා උගැන්වූ ෂෝරින් රියුශෛලිය වෙනුවට කාටත් පුහුණුවිය හැකි ශෛලියක් ලෙස ෆුනා තොෂි තුමා ෂෝතෝකාන් නම් ශෛලිය තෝකියෝවේදී නිර්මාණයකළේ ය. ඔහුගේ සිසුවකු වූ හිරොනරි ඔන්සකාතුමා අහිංසාවේ මග යන අරුත ඇති"වාදෝ රියු"ශෛලිය බිහිකළේ ය. හිගාෂි ඔන්කා සහ ඉතෝෂු යන නහාතේ සහ ෂූරි තේ සම්ප්‍රදායන් දෙකෙහි විශිෂ්ඨතම ගුරුවරුන් අතින් පුහුණුව ලද කෙන්වා මාබුනිතුමා ජපානයේදී ෂිතෝ රියු නම් ශෛලිය තම ගුරුවරුන්ගේ නම්වල කොටස් ඇසුරින් නිර්මාණය කළේය."ෂි" අක්ෂරය හිගාෂි ඔන්කා සහ"තෝ" යන්න ඉතෝසු යන නමින් ගෙන සෑදූ මෙම ශෛලිය ජපන් මධ්‍යදේශයේ දී ෂූරි හා නහා තේ ශෛලීන් එක්කරනලදි. ජපානය තුළ ප්‍රධාන ශෛලීන් ලෙස ෂෝතෝකාන්,වා දෝ රියු,ෂිතෝ රියු,ගෝ ජු රියු, ශෛලීන් සැලකේ.මත්ස්‍යාසු ඔයාමා නිර්මාණය කළ කියොකුෂින් ශෛලිය ද අද ඉමහත් ජනප්‍රියත්වයක් ලබාගෙන ඇත. ඉහත සඳහන් කරාතේ ශෛලීන්,සම්ප්‍රදායන් පදනම්කරගෙන බොහෝ කරාතේ ශෛලීන් බිහිවී ඇත.කේන්ෂින්, බ්‍යකුරෙන්,බූඩෝකාන්,අෂිහරා වැනි කරාතේ ශෛලීන් උදාහරණ වේ.
|