"කරාටේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
12 පේළිය:
 
==ගෝජුරියුසම්ප්‍රදාය==
ෂෝරින් රියු සම්ප්‍රදාය තුළ රළුබව,ශක්තිය,වේගය,ඉණ උස්පහත්කර ගමන්කිරීම,කෙටි ඉරියව්, පහරදීම් ලක්ෂණ වැඩිවීම සහ ස්වභාවික ශ්වසනය යන මූලධර්ම ගැබ්වී තිබුණි. නහාතේ සම්ප්‍රදායේ රළු හා මෟදුබව පහත්වූ ඉරියව් තුළ තිබේ.ලක්ෂණ සහ ආයාසකර ශ්වසන අභ්‍යාස කුළුගැන්වී තිබේ.හිගා ඔන්කා ‍ගේ සදු මියානි චෝජුන් ගුරුතුමා මෙම සම්ප්‍රදාය"රළු සහ මෳදුබව"යන අරුතැති ගෝ ජු රියු ලෙස නම්කළේය. මෙහිදී එතුමාට ජුහාත්සු තියෝදෝ නම් ගුරුවරයා මහත්සේ උපකාරවුණි. මෙම ශෛලිය ජිනන් ෂින්සාතෝ,මෙයි කෝකු යාගි,යෝගි සබුරෝ,උළුහෙරා,කෙයි මියානි,එයිචි මියා සාතෝ,කොෂින් ඉනා ආදී ගුරුවරු විශාල පිරිසක් අතින් ඉදිරියට පැමිණිනි. [[රූපය:Chojun_miyagi.gif]] ඔකිනාවා හිබිහිවූ අනෙකුත් ශෛලින් කන්චු උච්චිතුමා නිර්මාණයකළ උච්චි රියු ශෛලියන් වැදගත් වේ. මෙයින් ඔකිනාවා හි ප්‍රදාන ‍ශෛලින් හතර ලෙස ෂෝරින් රියු, ගෝ ජු රියු,උච්චි රියු සහ මත්ෂුබයාෂි සලකනුලබයි.
==ජපානය තුළ ව්‍යාප්තිය==
ඔකිනාවා ජපන් පාලනයට නතු වූ පසු කරාතේ ජපන් මධ්‍ය දේශයට ගෙනයාමට ප්‍රබල උත්සාහයක් දැරීමට සිදුවිය. මෙයට හේතුව ජපන් වැසියන් ඔකිනාවා තම දේශයේ කොටසක් ලෙස නොසැලකීමයි. ඔවුහු කරාතේ ක්‍රෑර ශිල්පයක් ලෙස හැඳින්වීමට පටන් ගත්තේය. මෙහිදී තෝකියෝවට ගොස් කරාතේ ව්‍යාප්තියට මහත්සේ වෙහෙසවූවන් අතර ගිචින් ෆුනා තොෂි ගුරුතුමා හැඳින්විය හැකිය. මෙතුමා මෙතෙක්කල් කරාතේ ශිල්පය හැඳින්වීමට යෙදූ චීන අත යන අරුත්‍ දෙන "තෝ දේ"යන්න වෙනුවට "කරාතේ"හෙවත්"හිස්අත" යන්න යෝජනාකර සම්මතකරගැනීමෙහිලා පුරෝගාමී විය. ඔහු නවීන කරාතේ ශිල්පයේ පියා ලෙස හැඳින්වෙන්නේ එබැවිණි. තමා උගැන්වූ ෂෝරින් රියුශෛලිය වෙනුවට කාටත් පුහුණුවිය හැකි ශෛලියක් ලෙස ෆුනා තොෂි තුමා ෂෝතෝකාන් නම් ශෛලිය තෝකියෝවේදී නිර්මාණයකළේ ය. ඔහුගේ සිසුවකු වූ හිරොනරි ඔන්සකාතුමා අහිංසාවේ මග යන අරුත ඇති"වාදෝ රියු"ශෛලිය බිහිකළේ ය. හිගාෂි ඔන්කා සහ ඉතෝෂු යන නහාතේ සහ ෂූරි තේ සම්ප්‍රදායන් දෙකෙහි විශිෂ්ඨතම ගුරුවරුන් අතින් පුහුණුව ලද කෙන්වා මාබුනිතුමා ජපානයේදී ෂිතෝ රියු නම් ශෛලිය තම ගුරුවරුන්ගේ නම්වල කොටස් ඇසුරින් නිර්මාණය කළේය."ෂි" අක්ෂරය හිගාෂි ඔන්කා සහ"තෝ" යන්න ඉතෝසු යන නමින් ගෙන සෑදූ මෙම ශෛලිය ජපන් මධ්‍යදේශයේ දී ෂූරි හා නහා තේ ශෛලීන් එක්කරනලදි. ජපානය තුළ ප්‍රධාන ශෛලීන් ලෙස ෂෝතෝකාන්,වා දෝ රියු,ෂිතෝ රියු,ගෝ ජු රියු, ශෛලීන් සැලකේ.මත්ස්‍යාසු ඔයාමා නිර්මාණය කළ කියොකුෂින් ශෛලිය ද අද ඉමහත් ජනප්‍රියත්වයක් ලබාගෙන ඇත. ඉහත සඳහන් කරාතේ ශෛලීන්,සම්ප්‍රදායන් පදනම්කරගෙන බොහෝ කරාතේ ශෛලීන් බිහිවී ඇත.කේන්ෂින්, බ්‍යකුරෙන්,බූඩෝකාන්,අෂිහරා වැනි කරාතේ ශෛලීන් උදාහරණ වේ.
"https://si.wikipedia.org/wiki/කරාටේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි