"ඉතාලිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සබැඳි
යුනෙස්කෝ ලෝක ‍ උරුම අඩවි
85 පේළිය:
}}
 
ඉතාලියේ නිල නාමය '''ඉතාලි ජනරජය''' යන්නය. ඉතාලිය කොටසක් [[යුරෝපා|යුරෝපා මහාද්වීපයේ]] ද, කොටසක් දකුණු දිග යුරෝපයේ ඉතාලියානු අර්ධද්වීප‍යේ ද, [[මධ්‍යධරණී මුහුද|මධ්‍යධරණී මුහුදේ]] '[[සිසිලිය]]' සහ '[[සාඩීනියාව]]' යන විශාලතම [[දූපත්]] දෙකෙහිද ව්‍යාප්තව තිබේ. ඉතාලිය එහි උතුරු දිග 'ඇල්පයින්' මායිම, [[ප්‍රංශය]], [[ස්විට්සර්ලන්තය]], [[ඔස්ට්‍රියාව]] සහ [[ස්ලෝවේනියාව]] යන රටවල් සමඟ පොදුවේ පරිහරණය කරයි. [[ස්වාධීන රාජ්‍යය]]න් වන [[සැන් මැරිනෝ]] සහ [[වතිකානුව|වතිකානු පුරවරය]], [[ඉතාලියානු අර්ධද්වීපය]] තුළ ඉන් වට වී පිහිටා තිබේ. කැම්පියොන් සී ඉටාලියා' (Campione d' Italia) යන ස්වාධින රාජ්‍යය, ස්විට්සර්ලන්තයේ පිහිටියකි. ඉතාලි රාජ්‍යයයෙන්, වර්‍ග කි.මී. 301338 ක භූමි ප්‍රමාණයක් ආවරණය කෙරේ. එහි [[සෘතු]]මය සමශීතෝෂ්ණ දේශගුණයක් බලපැවැත්වේ. මිලියන 60.2 ක ජනතාවකට වාසභූමිය වන ඉතාලිය, යුරෝපයේ වැඩිම [[ජනගහනය]]ක් වෙසෙන හයවන රටද , ලෝකයේ ම විසිතුන් වැනි රට ද වන්නේ ය. වත්මනෙහි ඉතාලිය නමින් දන්නා භූමි ප්‍රදේශය යුරෝපීය සභ්‍යත්වයේ සහ එට්‍රස්කන්ස් (Etruscans) හා [[රෝමවරු]]න් වැනි ජනතාවකගේ සමාරම්භක ස්ථානය වුයේය. ඉතාලියේ අගනුවර වන [[රෝමය]], ශතවර්ෂ ගණනාවක් තිස්සේ [[රෝම අධිරාජ්‍යය|රෝම අධිරාජ්‍යයේ]] [[අගනුවර|අගනගරය]] වශයෙන්, බටහිර සභ්‍යත්වයේ දේශපාලන මධ්‍යස්ථානය වුයේය. එහි ඇද වැටීමෙන් පසු අනේකවිධ විදේශිය ආක්‍රමණිකයන්, [[ලොම්බාර්ඩ්ස්]], (Lombards) සහ 'ඔස්ට්‍රොගෝත්ස්' (Ostrogoths) වැනි ජර්මානු ගෝත්‍රිකයින්ගේ සිට [[නෝමන්වරු]] දක්වා ද වූ අතර, පසුව පැමිණි අනෙකුත් ආක්‍රමණිකයින් අතර 'බයිසන්තින් ' (Byzantines) වරුද වුහ. [[යුරෝපීය චින්තනය]] හැඩගස්වන, පසු කාලීන ක්‍රියාවලියෙහි දී පරිපූර්ණ බවට ඔප්පුවන, අතිශයින් ඵලදායී බුද්ධිමය ව්‍යාපාරයක් වූ [[යුරෝපීය කලා ශිල්ප පුනරුදය]] (Renaissance) ඇරඹෙන ජන්ම භූමිය බවට සියවස් ගණනාවකට පසුව ඉතාලිය පත්වෙයි.
පශ්චාත් රෝමන් ඉතිහාසයේ වැඩි කාලයක් පුරාවට ඉතාලිය, සාඩිනියා හා සිසිලි දූපත් ද්වයේ රාජධානිය සහ මිලාන් වසම වැනි වූ විවිධ රාජධානි හා නාගරික ප්‍රාන්ත වශයෙන් කැබලි වලට වෙන් වී ගියේ ය.
 
 
'රිසෝගිමෙන්ටෝ' (Risorgimento) නමින් දන්නා, ඉතිහාසයෙහි කැළඹිලි සහිත උද්ඝෝෂණාකාර කාලපරිච්ඡේදයක් වූ 1861 වසරේ දී ඉතාලිය ඒකාබද්ධ විය. 19 වන සියවස අග භාගයේ දී ‍[[පළමුවන ලෝක යුද්ධය|පළමුවන ලෝක යුද්ධ]] සමය පුරා සහ [[දෙවන ලෝක යුද්ධය]] දක්වා ඉතාලියද යටත් විජිත අධිරාජ්‍යයක්ව සිටියේය. එහි පාලනය [[ලිබියාව]], [[එරිත්‍රියාව]], [[ඉතාලි සෝමලිලන්තය]], [[ඉතියෝපියාව]], [[ඇල්බේනියාව]], [[රොඩේස්]] , [[ඩොඩකනීස්]] (The Dodecanese) සහ, දෙරටේ කැමැත්තෙන් වෙන්කරගත් [[චීනය|චීනයේ]] 'ටියාන්ජින්' (Tianjin) යන, රටවල් හා ප්‍රදේශයන් දක්වා විහිද පැවතියේ ය.
Line 97 ⟶ 96:
යුරෝපීය සහ ගෝලීය හමුදාමය, සංස්කෘතික හා රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී කැපී පෙනෙන කාර්ය භාරයක් ඉතාලිය ඉටුකරයි. ආහාර හා කෘෂිකර්ම සංවිධානය, [[ලෝක ආහාර වැඩ සටහන]], [[කෘෂිකර්ම සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර අරමුදල]], ගෝලීය සංසඳය හා [[නේටෝ ආරක්ෂක විද්‍යාලය]] යන මුලස්ථාන රෝමයේ පිහිටුවා ඇති සංවිධාන හා ඉතාලිය අනුබද්ධිතව සිටී. මෙරටෙහි යුරොපීය දේශපාලනමය සමාජමය හා ආර්ථිකමය බලපැම් හේතු කොට ගෙන ඉතාලිය [[එක්සත් රාජධානිය]], [[ප්‍රංශය]], [[ජර්මනිය]] සහ [[රුසියාව]], හැරුනු කොට කලාපයෙහි මහබලවතෙකු බවට පත්ව සිටී.
 
හමුදාමය හා ආර්ථික බලය (Hard Power) පිළිබඳව කරන ලද අධ්‍යයනයකට අනුව ඉතාලිය එකොළොස් වන ලෝක ව්‍යාප්ත ජාතික බලවතා බවට වාර්ත කර තිබේ. ඉහල [[අධ්‍යාපනය|අධ්‍යාපන]] මට්ටමක් ද, ඉහල ශ්‍රම බලකායක් ද ඉතාලිය සතුවෙයි. ගෝලීයකරණය වූ ජාතියක් වන ඉතාලිය, 2009 වසරේ හය වන ජාත්‍යන්තර හොඳම කීර්තිමත් රට වශයෙන් තේරිනි. ලෝකයේ ඉහලම ජිව්‍ය කාලය වාර්තා වන රටවලින් 19 වන ස්ථානයද, දෙවන හොඳම සෞඛ්‍ය සේවය පිරිනමන රට ලෙසද, ඉතාලිය පත් ව තිබේ. මිලියන 43.7 ක විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව සලකා බැලූ කළ ඉතාලිය ලෝකයේ සංචාරකයින්ගේ පැමිණීම අතින් පස්වන තැන ගනී. මේ දක්වා වැඩිම [[යුනෙස්කෝ ලෝක ‍උරුම‍ උරුම අඩවි]] දක්නට ලැබෙන රටවල් අතරින් සත්වන ස්ථානය ගන්නා ඉතාලිය, කලා ශිල්ප, [[විද්‍යාව]] හා තාක්ෂණය පිළිබඳව, චිරාගත සම්ප්‍රදායන් පිළිබඳව සාඩම්බර වෙයි.
"https://si.wikipedia.org/wiki/ඉතාලිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි