"මැක්බත්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
 
'''''මැක්බත්''''' (ඉංග්‍රීසි:'''''Macbeth''''') හෙවත් සම්පූර්ණ නාමය අනුව '''''මැක්බත් ඛේදවාචකය''''' (ඉංග්‍රීසි:'''''The Tragedy of Macbeth''''') යනු ඉංග්‍රීසි ජාතික සාහිත්‍යශූරී [[විලියම් ෂේක්ස්පියර්]] විසින් රචනා කරන ලද ශෝකාන්තයකි. ප්‍රධාන වශයෙන් [[ස්කොට්ලන්තය]] තුල සිදුවන මෙම කතාවෙන් නාට්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කරනුයේ, තමාගේම අභිවෘද්ධිය උදෙසා බලය සොයන්නන්ගේ දේශපාලනික අභිලාෂයන් නිසා ඔවුන්ටම අත්විඳීමට සිදුවන විනාශකාරී භෞතික සහ මනෝමය ප්‍රතිවිපාකයන් වේ. [[මැක්බත් (චරිතය)|මැක්බත්]] නමැති චරිතය වටා මෙම නාට්‍යය ගෙතී ඇත.
 
== කතාව ==
නාට්‍ය ආරම්භවන්නේ සිවිල් යුද්ධයක් පසුබිම් කරගෙනය. රජු හමුවට එන තුවාල ලද සොල්දාදුවෙකු බක්බත් ගේ වීරත්වය හා යුද්ධයේ සමත්කම් විස්තර කරයි. එම යුද්ධය දිනීමෙන් පසු (මෙම සටන ජය ගන්නේ මුලික වශයෙන් මැක්බත් හා ඔහුගේ ලුතිනන් බැංකො ගේ සහයෙනි) රජු විසින් මැක්බත්ව පසසන අතර , මරා දැමීමට නියමිතව සිටින ද්‍රෝහියෙක් වන කොදෝර් හි තෙන්වරයා ගේ තනතුර රජු මැක්බත් ට පවර දෙයි. මැක්බත් මායාකාරියන් හමු වීමෙන් පසු ඔහු රජු මරා දැමීම මගින් ඔහුගේ තනතුර ගැනීමට සිත යොමු කරයි. (මධ්‍යතන යුගයේ රජු මරා දැමීම මරණයෙන් දඩුවම් හිමි වන වරදකි). මායාකරින් තම අනාගත වාක්‍ය මගින් දිනෙක මැක්බත් ස්කොට්ලන්තයේ රජු වන බව ප්‍රකාශ කරයි. මේ ගැන ඔහු දෙගිඩියාවෙන් පසු වෙමින් සිටින අතර විටෙක රජු මැරීමට සැලසුම් කරන ඔහු විටෙක රජකම වාසනාව මත ඔහුට ලැබේ යයි සිතා ඒ ගැන කිසිවක් කිරීම අවශ්‍ය නැති බව කියයි. තම නිවෙස වෙත යන මැක්බත් වර මැක්බත් ආර්යාව විසින් රජු මරා දැමීම සදහා පොලබවනු ලැබේ. මැක්බත් ආර්යාව මේ සදහා සැලසුමක් සකස් කරන අතර මැක්බත් ගේ සිතුවිලි තම බිරිද ගේ බලකිරීම් , මායාකාරි මැහල්ලන් ගේ අනාවැකි හා තමන් ගේ සිතුවිලි අතර දෝලනය වේ. රජු මරා දැමීමට මුලික වූ බලය කුමක්දැයි යන්න අදටත් විවාදිත කරුණකි.
 
රජු මරා දැමීමට පෙර ඔහුට "මැක්බත් තව දුරටත් නිදා නොගනී , මැක්බත් නින්ද මරා දම ඇත" (“Macbeth shall sleep no more. Macbeth does murder sleep”) යනුවෙන් ඔහුට ඇසේ. නින්ද පිඩාවට පත් මනසේ සහනය බව මැක්බත් පවසයි. මෙය අනාගතයේ මැක්බත් විසින් ගෙවන පීඩා කාරී ජීවිතය ගැන පෙර ලකුණකි. රජු මරදමුනද , මිනිසුන් රැසක් මරා දැමු නිර්භීත සෙබළකු වන මැක්බත් සැලසුමට අනුව රජුගේ ආරක්ෂකයින් මෙම මරණයට හසු කිරීමට පැකිලේ. මෙය ඔහු තුල ඇතිවෙන සන්තසය පිලිබිබු කරයි. අවසානයේ මැක්බත් ආර්යාව විසින් එය සම්පුර්ණ කරයි.
 
මැක්බත් වසර 10 ක් රජකමෙහි සිටින අතර , ඔහුගේ පාලනය භීෂණයෙන් පිරුන එකක් වෙයි. ඔහු තම රහස දන සිටි බැංකො , තමාට විරුද්ධව සටන් කරන මැක්දෆ් ගේ විරිද හා දරුවා ඇතුළු බොහෝ පිරිසක් මරා දමයි. මැක්බත් කිසිවෙක් විශ්වාස නොකරන අතර , මරා දැමීම් නවතා සතුටින් ජිවත් වෙන ලෙස මැක්බත් ආර්යාව කරන ආයාචනය ඩ නොසලකා භීෂණයෙන් පිරිනැ පාලනයක් ගෙන යයි. ඔහු මායකාරියන් හා ඔවුන්ගේ අනාවැකි වලට වහල් වේ. මැක්දෆ් ගේ බිරිද හා දරුවා මරාදැමීම ඔහු විසින් කරන දරුණු වැරදීමක් වන අතර මැක්දෆ් ඔහුට විරුද්ධව සංවිධානය වීමට පල යයි. නාට්‍යයේ පස්වෙනි කොටසේදී "බර්මිනම් කලාව ඩන්සිනන් වෙත ඇවිදින තෙක්" ඔහු පරාජය කල නොහැකි බව මායකාරියන් අනාවැකි පල කරයි. මෙයින් ඔහු රැවටීමට පත් වන අතර සටනේදී ඔහු මියයයි.
"https://si.wikipedia.org/wiki/මැක්බත්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි