"ගේම් ඔෆ් ත්‍රෝන්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
සුළුNo edit summary
38 පේළිය:
|website = http://www.hbo.com/game-of-thrones
|production_website = http://www.makinggameofthrones.com/
}}'''''ගේම් ඔෆ්''''' '''''ත්‍රෝන්ස්''''' යනු ඇමරිකානු ෆැන්ටසි හෙවත් 'ප්‍රබන්ධිත මිත්‍යා' ගණයේ ඇමරිකානු රූපවාහිනී ටෙලිනාට්‍ය මාලාවකි. එය [[HBO]] නාලිකාව සඳහා [[ඩේවිඩ් බෙනියෝෆ්]] සහ [[ඩබ්. බී. වෙයිස්]] විසින් නිර්මාණය කරන ලදී. මෙම ටෙලිනාට්‍ය මාලාව [[ජෝර්ජ් ආර්. ආර්. මාටින්]] විසින් ලියනරචනා කරන ලද '[[අ සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆය(ර්)|''අ සෝන්ග් ඔෆ් අයිස් ඇන්ඩ් ෆය(ර්)'']]' ෆැන්ටසි නවකතා මාලාවේ රූපවාහිනී අනුවාදයයි. එම නවකතා මාලාවේ පළමුවැන්න '<nowiki/>''[[අ ගේම් ඔෆ් ත්‍රෝන්ස්]]''<nowiki/>' නම් වේ. [[බෙල්ෆාස්ට්]] නුවර චිත්‍රාගාරයකදී මෙන්ම [[ක්‍රොඒෂියාව]][[අයිස්ලන්තය|, අයිස්ලන්තය,]] [[මෝල්ටාව]], [[මොරොක්කෝව]], [[උතුරු අයර්ලන්තය|උතුරු අයර්ලන්තය,]] [[ස්පාඤ්ඤය]], [[ස්කොට්ලන්තය]] සහ [[ඇමරිකානු එක්සත් ජනපදය]] යන රටවල විවිධ ස්ථාන වලදී මෙහි රූගත කිරීම් සිදුකර තිබේ. මෙහි මංගල දර්ශනය 2011 අප්‍රේල් 17 දින HBO නාලිකාවේ විකාශය විය.
 
ප්‍රබන්ධ මහාද්වීප දෙකක් වන [[වෙස්ටරෝස්]] සහ [[ඊසෝස්]] මහාද්වීප තුල මෙම කතාව පෙලගැසේ. මෙහි කතාන්දරය සමගාමීව ගලායන උප කතා කිහිපයකින් සැකසී ඇත. එමෙන්ම මෙය පුළුල් චරිත වෘන්දයකින්ද සමන්විත වේ. පළමු උප කතාවේ දැක්වෙන්නේ, සප්ත රාජධානි (Seven Kingdoms) වලට අයත් අයෝමය සිහසුන (Iron Throne) සඳහා වෙස්ටරෝස් මහාද්වීපයේ ප්‍රභූ පවුල් කිහිපයක් අතර ඇතිවන සිවිල් යුද්ධයයි; දෙවැනි උප කතාවේ දැක්වෙනුයේ, රාජ්‍යයේ බලයෙන් පහකරන ලද රාජවංශයේ, පිටුවහල් කරන ලද අවසන් උරුමක්කාරිය නැවතත් අයෝමය සිහසුන ලබාගැනීමට දරන උත්සාහයයි; තෙවැනි උප කතාවෙන් දැක්වෙනුයේ, ලගදීම උදාවන සීත සෘතුව සහ ඒ හා සම්බන්ධ ජනප්‍රවාදගත ප්‍රාණීන් පිරිසක් පිලිබඳ උද්ගත වන තර්ජනයත්, ඊට මුහුණ දෙන උතුරු රාජධානියේ (Kingdom of North) ප්‍රචණ්ඩ මිනිසුන් පිළිබඳවත්ය.
 
''ගේම් ඔෆ්'' ''ත්‍රෝන්ස්'' සඳහා වාර්තාගත ප්‍රේක්ෂක පිරිසක් ලබාගැනීමට HBO නාලිකාවට හැකිවී තිබේ. එමෙන්ම මෙම කතා මාලාවට ඉතා පුළුල් සහ සක්‍රීය ජාත්‍යන්තර රසික පිරිසක්ද සිටී. මෙම කතාමාලාවේ නිතර නිතර යොදාගන්නා අසභ්‍යත්වය, ප්‍රචණ්ඩත්වය සහ ලිංගික ප්‍රචණ්ඩත්වය සඳහා විවේචන එල්ල වී තිබුනද, මෙහි රංගනය, සංකීර්ණ චරිත, කතාන්දරය, විෂය ක්ෂේත්‍රය සහ නිෂ්පාදන අගයන් පිලිබඳ විචාරකයන්ගේ ඉමහත් ගෞරවනීය ප්‍රශංසාවන්ට පත්ව තිබේ. 2015 වසරේ හිමිකරගත් කැපී පෙනෙන ටෙලිනාට්‍ය මාලාව සඳහා වන [[එමී (Emmy) සම්මාන|ප්‍රයිම්ටයිම් එමී සම්මානය]]—එක් වසරකදී ටෙලිනාට්‍ය මාලාවක් විසින් ලබාගත් වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාව ලෙස වාර්තාවක්ද තබමින්—ඇතුළු එමී සම්මාන 26ක් හිමිකරගෙන ඇති මෙම කතා මාලාව, තවත් බොහෝ සම්මාන දිනාගැනීමට හා ඒවාට නිර්දේශ වීමට වරම් ලබා ඇත. හොඳම නාට්‍යමය ඉදිරිපත්කිරීම සඳහා වන හියුගෝ සම්මාන තුනක්, පීබෝයි සම්මානයක් සහ [[ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය|ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන]] සඳහා නාම නිර්දේශ දෙකක්ද මෙම කතා මාලාවට හිමිව තිබේ. මෙම ටෙලිනාට්‍ය මාලාවේ [[ටිරියන් ලැනිස්ටර්]] නමැති චරිතයට පණපොවන [[පීටර් ඩින්ක්ලේජ්]] විසින් [[එමී (Emmy) සම්මාන|එමී සම්මාන]] දෙකක් සහ [[ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය|ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක්]] ඒ සඳහා දිනාගෙන ඇත.
 
[[ප්‍රවර්ගය:රූපවාහිනී කතාමාලා]]
"https://si.wikipedia.org/wiki/ගේම්_ඔෆ්_ත්‍රෝන්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි