"රත්නපුර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
82 පේළිය:
 
===පුජනිය ස්ථාන===
[[Image:Sri Pada.JPG|thumb|[[සමනල කන්ද]]]]
*[[ශ්‍රීපාදස්ථානය|ශ්‍රීපාද කන්ද]] - මිටර් 2243ක් සමනල කන්දේ ශ්‍රී පාදය පිහිටා ඇත. බුදුරජානන් වහන්සේ වැඩමකල අවස්ථාවේදි උන් වහන්සෙගේ ශ්‍රී පතුල එහි සලකුනු කරන ලද බව විශ්වාස කෙරේ. මෙම කන්ද හාස්කම් සහිත ස්ථානයක් ලෙස හදුන්වන අතර බැතිමතුන් කයෙන් සහ වචනයෙන් සංවර විය යුතුයි. රත්නපුර ගිලිමලේ සහ කාර්නිය වතුයාය හරහා ශ්‍රීපාද කදු මුදුනට වැටි ඇති සාම්ප්‍රදායික දුෂ්කර මාර්ගයේ අරම්භක ස්ථානයක්ද වන්නේය. වන්දනාමාන කරන වාරය ඇරඹෙන්නෙ දෙසැම්බර මාසයේ පසලොස්වක පෝය දිනයෙන් වන අතර අප්‍රේල් මාසයේ නිරිතදිග මෝසම් ආරම්භ විමත් සමග එම වාරය අවසන් වේ. අවුරුදු දහස් ගනනක සිට ශ්‍රීපාද කන්ද වන්දනාමාන කරන ස්ථානයකි. මහා පරාක්‍රම බාහු රජතුමා සහ නිශ්ශංකමල්ල රජතුමා විසින් කදු මුදුනට යන මග දිගේ වෙහෙසට පත් වන්දනා මානකරුවන්ට අම්බලම් ඉදිකරන ලදි. අනික් වඩාත් ජනප්‍රිය මග වන්නේ දික් ඔයට සමිපයෙන් ඇති ඩේල් හවුස් වතුයාය හරහා වැටි ඇති මාර්ගයයි.
*[[රත්නපුර මහා සමන් දේවාලය]] - මෙම සිද්ධස්ථානය සමන්දෙවියන් උදෙසා ඉදිකරන ලද්දකි. සමන්දෙවියන් බෞද්ධ දෙවියෙකු වන අතර රත්නපුර අඩවිය භාර දෙවියන් ලෙස සලකයි. පෘතුගිසින් විසින් රත්නපුර යටත් කර ගත්පසුව ඔවුන් විසින් මෙම ස්ථානයේ තිබු පැරණි සිද්ධස්ථානය ඉවත් කර ඔවුන්ගේ පල්ලියක් ඉදිකරන ලදි. සෙංකඩගල රාජධානිය විසින් රත්නපුර නිදහස් කර ගත් පසුව එම පල්ලිය ඉවත් කර වත්මන් සිද්ධස්ථානය ඉදිකරන ලදි. පැරණි සිද්ධස්ථානයේ නටබුන් කිසිවක් වර්ථමානයේදි දක්නට නොලැබුනත් එය හින්දු කෝවිලක ස්වරැපය ගත් බව සදහන්වේ. වර්ථමානයේදි මෙම සිද්ධස්ථානය බෞද්ධයන්ගේ වැදගත් පුජනිය ස්ථානයකි.
*[[බටදොඹලෙන|දිවා ගුහාව]] (බෞද්ධ) - බුදුරජානන්වහන්සේ ශ්‍රීපාද කන්ද ට වැඩමකල අවස්ථාවේදි උන් වහන්සේ මෙම ස්ථානයේ පන්සියක් භික්ෂුන් වහන්සේලා සමග විවේක සුවයෙන් වැඩ හිටි බව සදහන්වේ. මේය මහාවංශයේ සදහන් වන පරිදි බුදුරජානන්වහන්සේගේ තුන්වන ලංකාගමනයේදි උන් වහන්සේ වැඩමකල ස්ථාන නමයෙන් එකක් වෙයි. මේම ස්ථානයට සමනල කන්ද දිස්වන ආකාරය සහ මේම ගුහාව එකවර පන්සියක් පිරිසකට සිටිය හැකි තරම් විශාලත්වයකින් යුක්ත විම නිසා මෙම ස්ථානය දිවා ගුහාවම බව විස්වාස කරයි. රත්නපුර සිට කිලෝමිටර් 10 ක් පමන කොළඹ දෙසට පිහිටා ඇති කුරුවිට නගරයේ සිට කිලෝමිටර් 5ක් පමන ඇතින් දිවා ගුහාවට ප්‍රවේශය ලබා දෙන සමනල කන්දට වැටි ඇති ඉපැරණි මාර්ගයක් වන ඒරත්න මාර්ගයේ පිහිටා ඇත.
*[[දෙල්ගමු විහාරය]]
*[[පොත්ගුල් විහාරය]]
*[[පිටර් පාවුල් පල්ලිය, රත්නපුර]] (කතෝලික පල්ලිය) - රත්නපුර නගරයට කතෝලිකයන් පැමිණ ඇත්තේ පෘතුගිසි පාලන සමයේදිය. 17 වන ශතවර්ශයේදි කතෝලිකයන් කිහිපදෙනෙකු නගරයේ ජිවත්ව සිට ඇත. එම කතෝලිකයන් ගෙන් බහුතරයක් පෘතුගිසින් සහ ඔවුන් සමග විවාහ වු දේශිය පුද්ගලයන්ගේ දරු මුනුබුරෝ වේති. ඔවුන් විසින් පැරණි බෞද්ධ සිද්ධස්ථානය ඉවත් කර ඔවුන්ගේ පල්ලියක් ඉදිකරන ලද බවට සාක්ෂි දක්නට ලැබේ. සෙංකඩගල රාජධානිය විසින් රත්නපුර නිදහස් කර ගත් පසුව එම පල්ලිය ඉවත් කර න ලදි. වත්මන් පල්ලිය නගරය තුල ප්‍රධාන විදිය අසල පිහිටා ඇත. 17වන ශත වර්ශයේදි සබරගමු පළාතේ ධර්ම ප්‍රචාරක කටයුතු සදහා පැමිණි ශුද්ධවන්ත ජෝසප් වාස් නොහොත් සිලෝන් හි ධර්ම දුතකයාගේ මැදිහත් විමෙන් ඉදිකරන ලද්දකි. 1955නොවැම්බර්1955 නොවැම්බර් දෙවනිදා සබරගමු පාළාත නායක දේවගැතිවරයෙකුගේ පාලනයට යටත්විමත් සමග මෙම පල්ලිය මහ පල්ලිය බවට පත්විය.
*සිව කෝවිල(හින්දු)
*සාන්ත ලුක්ස් පල්ලිය (එංගලන්ත සභාව)
"https://si.wikipedia.org/wiki/රත්නපුර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි