"ජීවීයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
adding details about characteristic qualities of organisms
adding details about characteristic qualities of organisms
36 පේළිය:
 
== ජීවීන් සතු ලාක්ෂණික ගතිගුණ ==
=== ;ක‍්‍රමවත් බව හා සංවිධානය ===
ජෛව විද්‍යාත්මක කි‍්‍රයාවන්ගේ උපරිම කාර්යක්ෂමතාව පවත්වා ගැනීම සඳහා සෛලීය මට්ටමේ සිට ජෛව ගෝලය දක්වා ක‍්‍රමවත් බවක් හා සංවිධානයක් ජීවීන් සතුව ඇත.
 
=== ;පරිවෘත්තිය ===
ජීවීන් තුළ සිදුවන සියලූම රසායනික කි‍්‍රයාවලිවල සමස්තය පරිවෘත්තියයි. ඊට සංවෘත්තිය හා අපවෘත්තිය ප‍්‍රතිකි‍්‍රයා ඇතුළත් වේ
 
=== ;වර්ධනය හා විකසනය ===
සියලූම ජිවීන්ගේ ජිවිත ආරම්භ වන්නේ තනි සෛලයකිනි. අප‍්‍රතිවර්ත්‍ය ලෙස සිදුවන වියළි බරෙහි වැඩි වීම වර්ධනය යි. මෙය ජිවීන් තුළ පමණක් දැකිය හැකි ලක්ෂණයකි. ජීවියෙකුගේ ජීවිත කාලය තුළ දී සිදුවන සියලූම අප‍්‍රතිවර්ත්‍ය වෙනස්වීම් විකසනයයි. වර්ධනය හා විකසනය අනුගාමී කි‍්‍රයාවලි දෙකකි.
 
=== ;උද්දීප්‍යතාව සහ සමායෝජනය ===
බාහිර හා අභ්‍යන්තර පරිසරවලින් පැමිණෙන උත්තේජවලට ප‍්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව උද්දීප්‍යතාවයි. උද්දීප්‍යතාවයේ සහ සමායෝජනයේ ප‍්‍රතිඵලයක් ලෙස ජීවීන්ගේ චලන සිදු වේ. සතුන්ගේ මෙම කි‍්‍රයාව පේශී, ස්නායු, අන්තරාසර්ග හා අස්ථි පද්ධතිවල සමායෝජනයෙන් සිදු වේ.
 
=== ;අනුවර්තනය ===
ජීවියකු ජීවත් වන සුවිශේෂී පරිසරයට අනුකූල ව එම ජීවියාගේ පැවැත්ම හා ප‍්‍රජනනයට අනුබල දෙන ව්‍යුහමය, කායකර්මීය, හා චර්යාමය වෙනස්වීම් ය.
*උදා: ශුෂ්ක ශාකවල ගි`ඵණුගිඵණු පූටිකා, කඩොලාන ශාකවල ජලාබුජ ඵල, වේෂාන්තරය, උණුසුම් පරිසරවල දී වැඩිපුර ඩහදිය දැමීම, සිනිඳු වැලිවල එරීම වළක්වන [[ඔටුවා]]ගේ පුඵල්ව විහිදුණු පාද
 
=== ;ප‍්‍රජනනය ===
විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා නව ජනිතයින් බිහි කිරීමේ හැකියාව.
 
;ආවේණිය හා පරිණාමය
ජීවීන්ගේ කායික විද්‍යාත්මක, රූප විද්‍යාත්මක හා චර්යාත්මක ලක්‍ෂණ පාලනය කරන ජාන ජීවීන් සතුව ඇත. එම ජාන එක් පරම්පරාවක සිට අනෙක් පරම්පරාවට ගමන් කරයි. ප‍්‍රවේණික ද්‍රව්‍යවල සිදුවන වෙනස්වීම්වලට අනුකූල ව කාලයත් සමඟ ජීවීන්ට වෙනස්වීමට ඇති හැකියාව පරිණාමය යි.
 
==ජීවය සහ ප්‍රාණය==
"https://si.wikipedia.org/wiki/ජීවීයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි