"ගේම් ඔෆ් ත්‍රෝන්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
42 පේළිය:
ප්‍රබන්ධ මහාද්වීප දෙකක් වන [[වෙස්ටරෝස්]] සහ [[ඊසෝස්]] මහාද්වීප තුල මෙම කතාව පෙලගැසේ. මෙහි කතාන්දරය සමගාමීව ගලායන උප කතා කිහිපයකින් සැකසී ඇත. එමෙන්ම මෙය පුළුල් චරිත වෘන්දයකින්ද සමන්විත වේ. පළමු උප කතාවේ දැක්වෙන්නේ, සප්ත රාජධානි (Seven Kingdoms) වලට අයත් අයෝමය සිහසුන (Iron Throne) සඳහා වෙස්ටරෝස් මහාද්වීපයේ ප්‍රභූ පවුල් කිහිපයක් අතර ඇතිවන සිවිල් යුද්ධයයි; දෙවැනි උප කතාවේ දැක්වෙනුයේ, රාජ්‍යයේ බලයෙන් පහකරන ලද රාජවංශයේ, පිටුවහල් කරන ලද අවසන් උරුමක්කාරිය නැවතත් අයෝමය සිහසුන ලබාගැනීමට දරන උත්සාහයයි; තෙවැනි උප කතාවෙන් දැක්වෙනුයේ, ලගදීම උදාවන සීත සෘතුව සහ ඒ හා සම්බන්ධ ජනප්‍රවාදගත ප්‍රාණීන් පිරිසක් පිලිබඳ උද්ගත වන තර්ජනයත්, ඊට මුහුණ දෙන උතුරු රාජධානියේ (Kingdom of North) ප්‍රචණ්ඩ මිනිසුන් පිළිබඳවත්ය.
 
''ගේම් ඔෆ්'' ''ත්‍රෝන්ස්'' සඳහා වාර්තාගත ප්‍රේක්ෂක පිරිසක් ලබාගැනීමට HBO නාලිකාවට හැකිවී තිබේ. එමෙන්ම මෙම කතා මාලාවට ඉතා පුළුල් සහ සක්‍රීය ජාත්‍යන්තර රසික පිරිසක්ද සිටී. මෙම කතාමාලාවේ නිතර නිතර යොදාගන්නා අසභ්‍යත්වය, ප්‍රචණ්ඩත්වය සහ ලිංගික ප්‍රචණ්ඩත්වය සඳහා විවේචන එල්ල වී තිබුනද, මෙහි රංගනය, සංකීර්ණ චරිත, කතාන්දරය, විෂය ක්ෂේත්‍රය සහ නිෂ්පාදන අගයන් පිලිබඳ විචාරකයන්ගේ ඉමහත් ගෞරවනීය ප්‍රශංසාවන්ට පත්ව තිබේ. 2015 වසරේ හිමිකරගත් කැපී පෙනෙන ටෙලිනාට්‍ය මාලාව සඳහා වන ප්‍රයිම්ටයිම් [[එමී සම්මානය—එක්(Emmy) සම්මාන|එමී සම්මානය]]—එක් වසරකදී ටෙලිනාට්‍ය මාලාවක් විසින් ලබාගත් වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාව ලෙස වාර්තාවක්ද තබමින්—ඇතුළු එමී සම්මාන 26ක් හිමිකරගෙන ඇති මෙම කතා මාලාව, තවත් බොහෝ සම්මාන දිනාගැනීමට හා ඒවාට නිර්දේශ වීමට වරම් ලබා ඇත. හොඳම නාට්‍යමය ඉදිරිපත්කිරීම සඳහා වන හියුගෝ සම්මාන තුනක්, පීබෝයි සම්මානයක් සහ [[ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය|ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන]] සඳහා නාම නිර්දේශ දෙකක්ද මෙම කතා මාලාවට හිමිව තිබේ. මෙම ටෙලිනාට්‍ය මාලාවේ [[ටිරියන් ලැනිස්ටර්]] නමැති චරිතයට පණපොවන [[පීටර් ඩින්ක්ලේජ්]] [[එමී (Emmy) සම්මාන|එමී සම්මාන]] දෙකක් සහ [[ගෝල්ඩන් ග්ලෝබ් සම්මානය|ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයක්]] ඒ සඳහා දිනාගෙන ඇත.
 
[[ප්‍රවර්ගය:රූපවාහිනී කතාමාලා]]
"https://si.wikipedia.org/wiki/ගේම්_ඔෆ්_ත්‍රෝන්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි