"ජේසු නිකාය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Added links
Added lines
22 පේළිය:
ලොයලාහි ශු. ඉග්නාෂියස් තුමා විසින්, තමා යුද්ධයේදී තුවාල වීමෙන් පසුව ඔහු තුල ඇතිවූ ආගමික පරිවර්තනය හේතු කොට ගෙන මෙම නිකාය ආරම්භ කරන ලදි. [[ජේසුස් තුමා|ජේසුස් ක්‍රිස්තුස්]] වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීමට අන් අයට උදව් වීම සඳහා අධ්‍යාත්මික අභ්‍යාස ([[:en:Spiritual Exercises of Ignatius of Loyola|Spiritual Exercises]]) ඔහු විසින් රචනා කරන ලදි. වර්ෂ 1534 දී ඉග්නාෂියස් තුමා සහ තවත් තරුණයන් සය දෙනෙකු (ෆ්රැන්සිස් සේවියර් සහ පීටර් ෆැබර් ඇතුළු) එක්වී දිළිඳුකමේ සහ නිර්මලත්වයේ පොරොන්දුද, පසුව දූත මෙහෙවර මෙහෙයවීම හා පැවරුම යන කරුණු වලදී පාප් වහන්සේට කීකරු වීමේ විශේෂ පොරොන්දුවක්ද ඇතුළු කීකරුකමේ පොරොන්දුද ගිවිස ගන්නා ලද්දෝය. නිකායේ සංවිධානය පිළිබඳ ඉග්නාෂියස් තුමාගේ සැලසුම වර්ෂ 1534 දී පාප් වහන්සේ විසින් "මාණ්ඩලික සූත්‍රය" (Formula of the Institute) අඩංගු කතෝලික සභාවේ නිල ලේඛනයක් නිකුත් කිරීම මගින් අනුමත කරන ලදි.
 
ඉග්නාෂියස් තුමා හමුදා පසුබිමක් සතුවූ වංශාධිපතියෙකු වූ අතර නිකායේ සාමාජිකයින් හට ලෝකයේ ඕනෑම තැනක නියෝග පිළිපැදීමට (එනම් ඔවුන්ට ආන්තික තත්වයන් තුළ ජීවත් වීමට පවා) සිදුවේ. එපරිදි, නිකාය පිහිටුවීම් ලේඛනයේ ආරම්භක වාක්‍ය කියා පෑවේ නිකාය පිහිටුවන ලද්දේ "දෙවියන් වහන්සේගේ භටයෙකු වීමට ආශා කරන ඕනෑම කෙනෙකු<ref>{{cite book|editor-last=O'Malley|editor-first=John W.|title=Jesuits 2|url=http://books.google.com/books?id=6OSux6Zfd74C&printsec=frontcover|chapter=The Formula of the Institute (p. XXXV)|publisher=[[:en:University of Toronto Press]]|year=2006|location=Toronto|edition=2nd|chapterurl=http://books.google.com/books?id=6OSux6Zfd74C&pg=PR35&dq=%22The+Formula+of+the+Institute%22%22whoever+desires+to+serve+as+a+soldier+of+God%22|id=ISBN 0-802-03861-1; ISBN 978-08-0203-861-6}}</ref> (ස්පාඥ්ඥ: "todo el que quiera militar para Dios"),<ref>{{es icon}} See ''[http://www.google.com/search?num=100&safe=off&hl=en&tbm=bks&q=%22Fórmula+del+Instituto%22%22Todo+el+que+quiera+militar+para+Dios%22 Fórmula del Instituto]'' on Google Books.</ref> විශේෂයෙන්ම ඇදහිල්ල ආරක්ෂා කිරීම සහ ප්‍රචාරණය සඳහා සහ ක්‍රිස්තියානි ජීවිතය හා ධර්මය තුල ආත්මයන්ගේ ප්‍රගතිය සඳහා මහත් පරිශ්‍රම දැරීම සඳහා බවය."<ref>{{cite book|editor-last=O'Malley|editor-first=John W.|year=2006|title=''The Formula of the Institute, 1550,'' Exposcit debitum ''(p. XXXV)''|url=http://books.google.com/books?id=6OSux6Zfd74C&pg=PR35&dq=%22The+Formula+of+the+Institute,+1550,+Exposcit+debitum%22%22to+strive+especially+for+the+defense+and+propagation+of+the+faith+and+for+the+progress+of+souls+in+Christian+life+and+doctrine%22}}</ref> එම නිසා සමහර අවස්ථාවන්හිදී ජෙසුඉට්වරුන් කථා ව්‍යවහාරයෙන් "දෙවියන් වහන්සේගේ භටයන්", "දෙවියන් වහන්සේගේ මරීන් වරුන්" සහ "සංගමය" යන නම් වලින්ද හඳුන්වනු ලැබේ. මෙම නිකාය පුනර්ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සඳහා සහභාගී වූ අතර පසු කාලයේදී දෙවන වතිකාන මන්ත්‍රණ සභාව ස්ථාපිත කිරීමටද සහභාගී විය.
"https://si.wikipedia.org/wiki/ජේසු_නිකාය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි