"ජේසු නිකාය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Added paragraph
Added links
18 පේළිය:
}}
 
ජේසු නිකාය ([[ලතින්]]: Societas Iesu, S.J., SJ or SI) [[කතෝලික සභාව|කතෝලික සභාවට]] අයත් පුරුෂ පාර්ශ්වික ආගමික නිකායක් වේ. එහි සාමාජිකයින් ජෙසුඉට්වරු (ඉංග්‍රීසියෙන් Jesuits) නමින් හැදින්වේ. මහද්වීප සයකට අයත් රටවල් 112 ක ශූභාරංචිය පැතිරවීමේ සහ අපෝස්තලික සේවයේ මෙම නිකාය නිරත වේ. ජෙසුඉට්වරු අධ්‍යාපන (පාසල්, ශාස්ත්‍රාල, විශ්වවිද්‍යාල, සෙමනේරි ආරම්භ කිරීම), බුද්ධිමය පර්යේෂණ, සංස්කෘතික පරිශීලන ක්ෂේත්‍රයන්හි වැඩ කරති. තවද, ජෙසුඉට්වරු ඥානකාන්ති සිදු කිරීම, රෝහල් සහ මීසම් වල දේවගැතිකම් කිරීම, සමාජ සාධාරණත්වය සහ ක්‍රිස්තියානි සංවාදය ප්‍රවර්ධනය වැනි කටයුතු වල නිරත වී සිටිති.
 
ලොයලාහි ශු. ඉග්නාෂියස් තුමා විසින්, තමා යුද්ධයේදී තුවාල වීමෙන් පසුව ඔහු තුල ඇතිවූ ආගමික පරිවර්තනය හේතු කොට ගෙන මෙම නිකාය ආරම්භ කරන ලදි. [[ජේසුස් තුමා|ජේසුස් ක්‍රිස්තුස්]] වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීමට අන් අයට උදව් වීම සඳහා අධ්‍යාත්මික අභ්‍යාස ([[:en:Spiritual Exercises of Ignatius of Loyola|Spiritual Exercises]]) ඔහු විසින් රචනා කරන ලදි. වර්ෂ 1534 දී ඉග්නාෂියස් තුමා සහ තවත් තරුණයන් සය දෙනෙකු (ෆ්රැන්සිස් සේවියර් සහ පීටර් ෆැබර් ඇතුළු) එක්වී දිළිඳුකමේ සහ නිර්මලත්වයේ පොරොන්දුද, පසුව දූත මෙහෙවර මෙහෙයවීම හා පැවරුම යන කරුණු වලදී පාප් වහන්සේට කීකරු වීමේ විශේෂ පොරොන්දුවක්ද ඇතුළු කීකරුකමේ පොරොන්දුද ගිවිස ගන්නා ලද්දෝය. නිකායේ සංවිධානය පිළිබඳ ඉග්නාෂියස් තුමාගේ සැලසුම වර්ෂ 1534 දී පාප් වහන්සේ විසින් "මාණ්ඩලික සූත්‍රය" (Formula of the Institute) අඩංගු කතෝලික සභාවේ නිල ලේඛනයක් නිකුත් කිරීම මගින් අනුමත කරන ලදි.
 
ඉග්නාෂියස් තුමා හමුදා පසුබිමක් සතුවූ වංශාධිපතියෙකු වූ අතර නිකායේ සාමාජිකයින් හට ලෝකයේ ඕනෑම තැනක නියෝග පිළිපැදීමට (එනම් ඔවුන්ට ආන්තික තත්වයන් තුළ ජීවත් වීමට පවා) සිදුවේ. එපරිදි, නිකාය පිහිටුවීම් ලේඛනයේ ආරම්භක වාක්‍ය කියා පෑවේ නිකාය පිහිටුවන ලද්දේ "දෙවියන් වහන්සේගේ භටයෙකු වීමට ආශා කරන ඕනෑම කෙනෙකු<ref>{{cite book|editor-last=O'Malley|editor-first=John W.|title=Jesuits 2|url=http://books.google.com/books?id=6OSux6Zfd74C&printsec=frontcover|chapter=The Formula of the Institute (p. XXXV)|publisher=[[:en:University of Toronto Press]]|year=2006|location=Toronto|edition=2nd|chapterurl=http://books.google.com/books?id=6OSux6Zfd74C&pg=PR35&dq=%22The+Formula+of+the+Institute%22%22whoever+desires+to+serve+as+a+soldier+of+God%22|id=ISBN 0-802-03861-1; ISBN 978-08-0203-861-6}}</ref> (ස්පාඥ්ඥ: "todo el que quiera militar para Dios"),<ref>{{es icon}} See ''[http://www.google.com/search?num=100&safe=off&hl=en&tbm=bks&q=%22Fórmula+del+Instituto%22%22Todo+el+que+quiera+militar+para+Dios%22 Fórmula del Instituto]'' on Google Books.</ref> විශේෂයෙන්ම ඇදහිල්ල ආරක්ෂා කිරීම සහ ප්‍රචාරණය සඳහා සහ ක්‍රිස්තියානි ජීවිතය හා ධර්මය තුල ආත්මයන්ගේ ප්‍රගතිය සඳහා මහත් පරිශ්‍රම දැරීම සඳහා බවය."<ref>{{cite book|editor-last=O'Malley|editor-first=John W.|year=2006|title=''The Formula of the Institute, 1550,'' Exposcit debitum ''(p. XXXV)''|url=http://books.google.com/books?id=6OSux6Zfd74C&pg=PR35&dq=%22The+Formula+of+the+Institute,+1550,+Exposcit+debitum%22%22to+strive+especially+for+the+defense+and+propagation+of+the+faith+and+for+the+progress+of+souls+in+Christian+life+and+doctrine%22}}</ref>
"https://si.wikipedia.org/wiki/ජේසු_නිකාය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි