"ජේසු නිකාය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Started translation of the article 'Society of Jesus' of the English wikipedia.
 
Added paragraph
1 පේළිය:
ජේසු නිකාය (ලතින්: Societas Iesu, S.J., SJ or SI) කතෝලික සභාවට අයත් පුරුෂ පාර්ශ්වික ආගමික නිකායක් වේ. එහි සාමාජිකයින් ජෙසුඉට්වරු (ඉංග්‍රීසියෙන් Jesuits) නමින් හැදින්වේ. මහද්වීප සයකට අයත් රටවල් 112 ක ශූභාරංචිය පැතිරවීමේ සහ අපෝස්තලික සේවයේ මෙම නිකාය නිරත වේ. ජෙසුඉට්වරු අධ්‍යාපන (පාසල්, ශාස්ත්‍රාල, විශ්වවිද්‍යාල, සෙමනේරි ආරම්භ කිරීම), බුද්ධිමය පර්යේෂණ, සංස්කෘතික පරිශීලන ක්ෂේත්‍රයන්හි වැඩ කරති. තවද, ජෙසුඉට්වරු ඥානකාන්ති සිදු කිරීම, රෝහල් සහ මීසම් වල දේවගැතිකම් කිරීම, සමාජ සාධාරණත්වය සහ ක්‍රිස්තියානි සංවාදය ප්‍රවර්ධනය වැනි කටයුතු වල නිරත්නිරත වී සිටිති.
 
ලොයලාහි ශු. ඉග්නාෂියස් තුමා විසින්, තමා යුද්ධයේදී තුවාල වීමෙන් පසුව ඔහු තුල ඇතිවූ ආගමික පරිවර්තනය හේතු කොට ගෙන මෙම නිකාය ආරම්භ කරන ලදි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කිරීමට අන් අයට උදව් වීම සඳහා අධ්‍යාත්මික අභ්‍යාස (Spiritual Exercises) ඔහු විසින් රචනා කරන ලදි. වර්ෂ 1534 දී ඉග්නාෂියස් තුමා සහ තවත් තරුණයන් සය දෙනෙකු (ෆ්රැන්සිස් සේවියර් සහ පීටර් ෆැබර් ඇතුළු) එක්වී දිළිඳුකමේ සහ නිර්මලත්වයේ පොරොන්දුද, පසුව දූත මෙහෙවර මෙහෙයවීම හා පැවරුම යන කරුණු වලදී පාප් වහන්සේට කීකරු වීමේ විශේෂ පොරොන්දුවක්ද ඇතුළු කීකරුකමේ පොරොන්දුද ගිවිස ගන්නා ලද්දෝය. නිකායේ සංවිධානය පිළිබඳ ඉග්නාෂියස් තුමාගේ සැලසුම වර්ෂ 1534 දී පාප් වහන්සේ විසින් "මාණ්ඩලික සූත්‍රය" (Formula of the Institute) අඩංගු කතෝලික සභාවේ නිල ලේඛනයක් නිකුත් කිරීම මගින් අනුමත කරන ලදි.
"https://si.wikipedia.org/wiki/ජේසු_නිකාය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි