"ජෛනාගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ශ්වේතම්බර සහ දිගම්බර ජෛනයෝ
ජෛනාගමේ ව්‍යාප්තිය
29 පේළිය:
==ආගමික සාහිත්‍ය==
මහාවීරතුමාගේ ඉගැන්වීම '''පූර්ව''' නමින් හැඳින්වෙන පැරණි ධර්ම [[ග්‍රන්ථය|ග්‍රන්ථ]] 14 ක අන්තර්ගත වී ඇත. ක්‍රි.පූ. 4 වන සියවස අවසාන කාලයේ දී භාද්‍රබාහු යටතේ ජෛන භක්තිකයෝ දහස් ගණනක් [[මයිසූර්]] ප්‍රදේශයට සංක්‍රමණය වීමෙන් පසු ඉතිරි වූ ජෛනයන් විසින් [[ධර්ම සංගායනා]]වක් කැඳවන ලදී. එහි දී සම්පාදනය කළ කෘති 12 ක් වූ අතර ඒවා '''අංග''' නමින් හැඳින්වේ. ජෛන ආගමික ලියවිලි සියල්ල එකතු කොට සන්හිතාවක් සකස් කිරීම සඳහා ක්‍රි.ව. 6 වන [[සියවස|සියවසේ]] දී පමණ වලහි ප්‍රදේශයේ තවත් සංගායනාවක් පැවැත්විණි. එම ධර්ම ග්‍රන්ථ ප්‍රාකෘත [[භාෂාව|භාෂාවකින්]] ලියා ඇත.
 
==ජෛනාගමේ ව්‍යාප්තිය==
මහාවීරතුමාගේ මරණින් පසුව එතුමාගේ ඉගැන්වීම් ප්‍රචලිත කරන ලද්දේ අංගධර නම් වූ පිරිසක් විසිනි. ජෛනාගමට [[චන්ද්‍රගුප්ත මෞර්ය]], [[බිම්බිසාර රජ|බිම්බිසාර]] සහ සම්පාති වැනි ප්‍රබල රජවරුන්ගේ අනුග්‍රහය ද ලැබුණි. [[මෞර්ය අධිරාජ්‍යය]] බිඳ වැටීමෙන් පසු ජෛනාගම ඉන්දියාවේ [[දකුණු ඉන්දියාව|දකුණු]] සහ බටහිර දිසාවන්ට ව්‍යාප්ත විය. ශක, ශත්‍රප සහ රාජ්පුත් පාලකයෝ බටහිර සහ උතුරු ඉන්දියානු ප්‍රදේශ වල ජෛනාගමික ආශ්‍රම ඉදි කළහ. [[කාලිංග (ඉන්දියාව)|කාලිංග]] දේශයේ ඛාරවේල රජු ජෛනාගමේ ප්‍රධාන අනුග්‍රාහකයෙකු විය.
"https://si.wikipedia.org/wiki/ජෛනාගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි