"ජෛනාගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ආගමික සාහිත්‍ය
ශ්වේතම්බර සහ දිගම්බර ජෛනයෝ
23 පේළිය:
 
වෛදික ඉගැන්වීම් නොවැදගත් ලෙස සලකා බැහැර කල මහාවීරතුමා බ්‍රාහ්මණයන් විසින් සිදු කරන ලද බිලිපූජා හෙළා දැක්කේ ය. කාන්තාවන්ගේ නිදහස පිළිබඳ ව විශ්වාස කල එතුමා ශ්‍රාවිකාවන් ලෙස මෙන් ම දායිකාවන් ලෙසත් ශාසනය?ට ඇතුළු වීමට ඔවුන්ට අවසර දුන්නේ ය.
 
==ශ්වේතම්බර සහ දිගම්බර ජෛනයෝ==
ක්‍රි.පූ. 4 වන සියවස අවසාන කාලයේ දී [[බිහාර්]] ප්‍රාන්තයේ මහා සාගතයක් ඇති වූ හෙයින් භද්‍රබාහු නම් නායකයා යටතේ ජෛන භක්තිකයෝ දහස් ගණනක් [[මයිසූර්]] ප්‍රදේශයට සංක්‍රමණය වූහ. ඉතිරි වූ ජෛනයෝ මූලික ආගමික ඉගැන්වීම් වලට පටහැනිව ශ්වේත [[වර්ණ]] [[ඇඳුම්]]වලින් සැරසී සිටියහ. ඒ නිසා ඔවුහු ශ්වේතම්බර නමින් හැඳින්විණි. එහෙත් භද්‍රබාහු සහ ඔහුගේ අනුගාමිකයෝ පැරණි ඉගැන්වීම් වලට අනුව ජීවත්වීමට දැඩි ලෙස කැප වී සුපුරුදු ලෙස ම [[නිරුවත|නිරුවත්ව]] (දිගම්බරව) සිටියහ. පසුකාලීන ධර්ම සංගායනා මගින් සකස් කළ ධර්ම ග්‍රන්ථ සහ විනය නීති පිළිගැනීම ප්‍රතික්ෂේප කළ දිගම්බර ජෛනයෝ 'පුර්ව' කෘති වල අන්තර්ගත මූලධර්ම තවදුරටත් දැඩි ලෙස අනුගමනය කළහ.
 
==ආගමික සාහිත්‍ය==
මහාවීරතුමාගේ ඉගැන්වීම '''පූර්ව''' නමින් හැඳින්වෙන පැරණි ධර්ම [[ග්‍රන්ථය|ග්‍රන්ථ]] 14 ක අන්තර්ගත වී ඇත. ක්‍රි.පූ. 4 වන සියවස අවසාන කාලයේ දී [[බිහාර්]] ප්‍රාන්තයේ මහා සාගතයක් ඇති වූ හෙයින් භාද්‍රබාහු නම් නායකයා යටතේ ජෛන භක්තිකයෝ දහස් ගණනක් [[මයිසූර්]] ප්‍රදේශයට සංක්‍රමණය වූහ.වීමෙන් පසු ඉතිරි වූ ජෛනයන් විසින් [[ධර්ම සංගායනා]]වක් කැඳවන ලදී. එහි දී සම්පාදනය කළ කෘති 12 ක් වූ අතර ඒවා '''අංග''' නමින් හැඳින්වේ. ජෛන ආගමික ලියවිලි සියල්ල එකතු කොට සන්හිතාවක් සකස් කිරීම සඳහා ක්‍රි.ව. 6 වන [[සියවස|සියවසේ]] දී පමණ වලහි ප්‍රදේශයේ තවත් සංගායනාවක් පැවැත්විණි. එම ධර්ම ග්‍රන්ථ ප්‍රාකෘත [[භාෂාව|භාෂාවකින්]] ලියා ඇත.
"https://si.wikipedia.org/wiki/ජෛනාගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි