"ජෛනාගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
20 පේළිය:
'''සිද්ධ සීල''' හෙවත් පාරිශුද්ධ වූ ද සදාකාලික වූ ද විමුක්තිය උදාකර ගැනීම සඳහා නියම ජෛන භක්තිකයෙකු විසින් ශීල පහට අමතරව '''රත්න''' නමින් හැඳින්වූ නිවැරදි විශ්වාසය, නිවැරදි දැනුම සහ නිවැරදි පැවැත්ම යන තුන් වැදෑරුම් මාර්ග ද අනුගමනය කළ යුතු ය.
 
අවිහිංසාව පිළිබඳ දර්ශනය ද ජෛන ආගමේ වැදගත් අංගයක් විය. මිනිසුන් සහ [[සතුන්]]ට පමණක් නොව [[ගස්]] වැල්, ලෝහ වර්ග, [[ජලය]] සහ [[දැව]] යනාදී සියළු අප්‍රාණික වස්තූන්ට ද [[ජීවය]]ක් තිබෙන බවත් ඒ නිසා ඒ සියල්ල සම්බන්ධයෙන් අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවත් මහාවීරතුමා අවධාරණය කොට දැක්වී ය. ඕනෑ ම පුද්ගලයකු තම ඉන්ද්‍රියයන් පිනවීමේ ආශාව ජයගත යුතු අතර ඒ සඳහා සිය ශරීරයට දුක් දෙන [[අත්තකිලමථානුයෝගය|අත්තකිලමථානුයෝගී]] වූ ජීවිතයක් ගත කළ යුතු ය. [[විශ්වය]] [[දෙවියෝ|දෙවියන්]] විසින් මවන ලද බව විශ්වාස නොකළ මහාවීරතුමා දෙවි කෙනෙකු ගැන කිසිම සඳහනක් කර නැත. වෙනස්කම් ඇති වීම [[ස්වභාව ධර්මය]] අනුව සිදුවන බව ප්‍රකාශ කළ එතුමා උපත සහ මරණය සියළු මනුෂ්‍යයන්ට මෙන් ම ද්‍රව්‍ය වලට ද එක සේ අදාළ ස්වභාවයක් බව පැහැදිලි කළේ ය.
"https://si.wikipedia.org/wiki/ජෛනාගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි