"ජෛනාගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎මහාවීරතුමාගේ ඉගැන්වීම්: ආත්මය සහ කර්මය පිළිබඳ විශ්වාසය
17 පේළිය:
 
ජෛනාගමේ ප්‍රධාන අංගයක් වූයේ [[ආත්මය]] සහ [[කර්මය]] පිළිබඳ [[විශ්වාසය]] යි. සෑම මූල ධාතුවක් ම '''භූත''' සහ '''ආත්ම''' යන සාධක වල එකතුවක් බවත් එයින් පළමුවැන්න (භෞතික සාධක) විනාශ වන නමුත් දෙ වැන්න වූ ආත්මය එසේ නොවන බව එතුමා ප්‍රකාශ කළේ ය. ඕනෑම පුද්ගලයෙක් උපත් සහ මරණ විශාල සංඛ්‍යාවකට ගොදුරු වන බවත් එය කර්මය නිසා සිදු වන බවත් දේශනා කල මහාවීරතුමා ආත්මය සහ කර්මය අතර ඇති එම බැඳීමෙන් මිදීම සඳහා කර්මය විනාශ කල යුතු බව පෙන්වා දුන්නේ ය. එතුමාගේ දර්ශනය අනුව මේ තත්ත්වය ලඟා කර ගත හැකි වූයේ ශීල පහ, එනම් සත්‍යය, අවිහිංසාව, අපරිග්‍රහ, ආස්තේය සහ බ්‍රහ්මචර්යා ප්‍රගුණ කිරීමෙනි.
 
'''සිද්ධ සීල''' හෙවත් පාරිශුද්ධ වූ ද සදාකාලික වූ ද විමුක්තිය උදාකර ගැනීම සඳහා නියම ජෛන භක්තිකයෙකු විසින් ශීල පහට අමතරව '''රත්න''' නමින් හැඳින්වූ නිවැරදි විශ්වාසය, නිවැරදි දැනුම සහ නිවැරදි පැවැත්ම යන තුන් වැදෑරුම් මාර්ග ද අනුගමනය කළ යුතු ය.
 
අවිහිංසාව පිළිබඳ දර්ශනය ද ජෛන ආගමේ වැදගත් අංගයක් විය. මිනිසුන් සහ [[සතුන්]]ට පමණක් නොව [[ගස්]] වැල්, ලෝහ වර්ග, [[ජලය]] සහ [[දැව]] යනාදී සියළු අප්‍රාණික වස්තූන්ට ද [[ජීවය]]ක් තිබෙන බවත් ඒ නිසා ඒ සියල්ල සම්බන්ධයෙන් අවිහිංසාවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවත් මහාවීරතුමා අවධාරණය කොට දැක්වී ය. ඕනෑ ම පුද්ගලයකු තම ඉන්ද්‍රියයන් පිනවීමේ ආශාව ජයගත යුතු අතර ඒ සඳහා සිය ශරීරයට දුක් දෙන [[අත්තකිලමථානුයෝගය|අත්තකිලමථානුයෝගී]] වූ ජීවිතයක් ගත කළ යුතු ය.
"https://si.wikipedia.org/wiki/ජෛනාගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි