"ජෛනාගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
මහාවීරතුමාගේ ඉගැන්වීම්
→‎මහාවීරතුමාගේ ඉගැන්වීම්: ආත්මය සහ කර්මය පිළිබඳ විශ්වාසය
16 පේළිය:
මහාවීරතුමාගේ අනුගාමිකයෝ නිග්‍රන්ථ නම් වූහ. මහාවීරතුමා සිය කාලය මිඩංගු කළේ එතුමාගේ පූර්වගාමිකයා වූ පාර්ශ්වනාථ ගොඩනගා තිබූ දහම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ය. පාර්ශ්වනාථ දේශනා කොට තිබූ සිව් වැදෑරුම් ධර්මයට මහාවීරතුමා පස්වැන්නක් එකතු කළ අතර එය බ්‍රහ්මචර්යා නම් විය.
 
ජෛනාගමේ ප්‍රධාන අංගයක් වූයේ [[ආත්මය]] සහ [[කර්මය]] පිළිබඳ [[විශ්වාසය]] යි. සෑම මූල ධාතුවක් ම '''භූත''' සහ '''ආත්ම''' යන සාධක වල එකතුවක් බවත් එයින් පළමුවැන්න (භෞතික සාධක) විනාශ වන නමුත් දෙ වැන්න වූ ආත්මය එසේ නොවන බව එතුමා ප්‍රකාශ කළේ ය. ඕනෑම පුද්ගලයෙක් උපත් සහ මරණ විශාල සංඛ්‍යාවකට ගොදුරු වන බවත් එය කර්මය නිසා සිදු වන බවත් දේශනා කල මහාවීරතුමා ආත්මය සහ කර්මය අතර ඇති එම බැඳීමෙන් මිදීම සඳහා කර්මය විනාශ කල යුතු බව පෙන්වා දුන්නේ ය. එතුමාගේ දර්ශනය අනුව මේ තත්ත්වය ලඟා කර ගත හැකි වූයේ ශීල පහ, එනම් සත්‍යය, අවිහිංසාව, අපරිග්‍රහ, ආස්තේය සහ බ්‍රහ්මචර්යා ප්‍රගුණ කිරීමෙනි.
"https://si.wikipedia.org/wiki/ජෛනාගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි