"ජෛනාගම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
වර්ධමාන මහාවීරතුමා
5 පේළිය:
==පාර්ශ්වනාථ==
ජෛන සම්ප්‍රදායයේ පිළිගැනීමට අනුව එම ආගම [[මානවයා|මනුෂ්‍ය]] වර්ගයාගේ ආරම්භය තරමට ම පැරණි වන අතර එමගින් තිර්තංකරයන් (සාන්තුවරයන්) 24 දෙනෙකු බිහි කොට ඇත. ඒ අතරින් වෘෂභනාථගෙන් පටන් ගන්නා ප්‍රථම තිර්තංකරයන් 22 දෙනා ජනශ්‍රැතියට අයත් පුද්ගලයන් බව පෙනෙන අතර අවසාන දෙදෙනා වන [[පාර්ශ්වනාථ]] සහ මහාවීර ඓතිහාසික පුද්ගලයෝ වෙති. පාර්ශ්වනාථ ජිවත් වී ඇත්තේ මහාවීර ඉපදීමට අවුරුදු 250 කට පෙර බව පිළිගැනේ. ඔහු බරණැස අශ්වසේන රජුගේ පුත්‍රයා ය. වයස අවුරුදු 30 දී තවුස් දිවිය ඇරඹු ඔහු වටා අනුගාමිකයන් විශාල පිරිසක් එක්රොක් වූ අතර ඔවුන් "නිගණ්ඨ" නමින් හැඳින්විණි. ශ්‍රේෂ්ඨ ගුණ ධර්ම හතරක් ප්‍රගුණ කළ යුතු බව පාර්ශ්වනාථ සිය අනුගාමිකයන්ට අවධාරණය කළේ ය. ඒවා නම් [[සත්‍යය]], [[අවිහිංසාව]], අපරිග්‍රහ (දේපොළ කෙරෙන් වෙන් වීම), සහ ආස්තෙය (සොරකම් කිරීමෙන් වැළකීම) යි.
 
==වර්ධමාන මහාවීරතුමා==
ජෛන සම්ප්‍රදායට අනුව මහාවීරතුමා 24 වන හෙවත් අවසාන තිර්තංකර විය. එතුමා ක්‍රි.පූ. 540 දී පමණ වේදේහ ජනපදයේ [[අගනුවර]] වූ වෛශාලියේ කුණ්ඩග්‍රාම නම් ප්‍රදේශයේ [[උපත]] ලැබී ය. ඔහුගේ දෙමව්පියන් වූයේ සිද්ධාර්ථ සහ ත්‍රිශලා ය. [[ප්‍රභූත්වය|ප්‍රභූ]] [[පවුල]]ක උපත ලැබූ මහාවීර හැදී වැඩුනේ මහත් [[සැප]] සම්පත් මධ්‍යයේ ය.
"https://si.wikipedia.org/wiki/ජෛනාගම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි