"CMYK වර්ණ ආකෘතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ප්‍රවර්ගය:මුද්‍රණය ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන්
edited
1 පේළිය:
{{double image|right|CMYK color swatches.svg|150| SubtractiveColor.svg |150|වර්ණ මුද්‍රණයේදී සාමාන්‍යයෙන් සයන්, මැජෙන්ටා, කහ සහ කළු වර්ණ යොදාගැනේ. මෙහිදී සයන්, මැජෙන්ටා සහ කහ යන මූලික වර්ණ සමානුපාතික සංකලනයෙන් එහි ද්විතියික වර්ණ වන රතු, කොල සහ නිල් යන වර්ණ ලබාගත හැකිවේ.|න්‍යායාත්මකව සයන්, මැජෙන්ටා සහ කහ වර්ණ මිශ්‍ර කිරීමෙන් කළු වර්ණය සාදාගත හැකි වුවද අසම්පූර්ණ වර්ණ මිශ්‍රණ තුලින් නිවැරදි කළු වර්ණය නොසෑදෙන බැවින් ඉහත සඳහන් වර්ණ ත්‍රිත්වයට අමතරව කළු වර්ණය යොදා ගැනේ }}
CMYK වර්ණ ආකෘතිය වර්ණ [[මුද්‍රණ කර්මාන්තය|මුද්‍රණ කර්මාන්තයේ]] දී භාවිත කරන ව්‍යාකලන වර්ණ ආකෘතියකි. CMYK යනු මෙම වර්ණ ආකෘතිය සඳහා යොදාගන්නා මූලික වර්ණ සතරෙහි [[ඉංග්‍රීසි]] නාමයන් වන Cyan(සයන්), Magenta (මැජෙන්ටා), Yellow (කහ), Key (කළු) යන වචන වල මුලකුරු වල එකතුව වේ.
 
CMYK වර්ණ ආකෘතියෙහි K යනුවෙන් අදහස් වන්නේ
13 පේළිය:
[[Image:CMYK raster print.jpg|thumb|250px|right|අර්ධමාත්‍රණයෙන් මුද්‍රිත මෙම සමීප රූපය මඟින් දැක්වෙන ආකාරයට කහ වර්ණය මත මැජෙන්ටා වර්ණය, රතු/තැඹිලි පැහැයෙන් දිස්වන අතර කහ වර්ණය මත සයන් වර්ණය, කොල පැහැයෙන් දිස්වේ.]]
 
CMYK මුද්‍රණ කර්මාන්තයේදී අර්ධමාත්‍රණය යනු මූලික වර්ණවල සංතෘප්තතාවය විචලනය කිරීම තුලින් වර්ණ නිර්මාණය කිරීමේ ක්‍රමවේදයකි. මෙහිදී මූලික වර්ණ [[මිනිස් ඇස|මිනිස් ඇසට]] හඳුනා ගත නොහැකි තරම් වූ කුඩා තිත් රටාවන් වශයෙන් මුද්‍රණය කරන අතර එය මිනිස් ඇස හඳුනාගනු ලබන්නේ ඒකකාරි වර්ණයක් ලෙසින් වේ. උදාහරණයක් වශයෙන් මැජෙන්ටා වර්ණය සුදු පැහැති පසුබිමක 20% අර්ධමාත්‍රණයකින් මුද්‍රණය කල විට එය රෝස පැහැයෙන් මිනිස් ඇස හඳුනාගනු ලබන්නේ පසුබිමෙහි වූ සුදු වර්ණය මඟින් පිරිසිදු මැජෙන්ටා වර්ණයෙහි සංතෘප්ත භාවය අඩු කිරීම තුලින් වේ.
 
අර්ධමාත්‍රණය කිරීමෙන් තොරව මූලික වර්ණ මුද්‍රණය කල හැකිවන්නේ එකකාර තලයන් වශයෙන් පමණක් බැවින් එලෙස මුද්‍රණය කලහැකිවන්නේ වර්ණ හතක් පමණි. ඒ එම මූලික වර්ණ ත්‍රිත්වය, මුලික වර්ණ ද්විත්වය බැගින් සංයෝනය කිරීමෙන් සෑදෙන ද්විතියික වර්ණ ත්‍රිත්වය සහ මුලික වර්ණ ත්‍රිත්වයම සංයෝජනයෙන් සෑදෙන කළු වර්ණයයි. මූලික වර්ණ ද්විත්වය බැගින් සංයෝජනයේ දී, සයන් සමඟ කහ සංයෝජනයෙන් කොල වර්ණයද, සයන් සමඟ මැජෙන්ටා සංයෝජනයෙන් නිල් වර්ණයද, මැජෙන්ටා සමඟ කහ සංයෝජනයෙන් රතු වර්ණයද සෑදේ. එහෙත් අර්ධමාත්‍රණ ක්‍රමවේදය භාවිත කිරීම තුලින් සන්තතික පරාසයක වූ වර්ණ රාශියක් ලබාගත හැකිවේ.
"https://si.wikipedia.org/wiki/CMYK_වර්ණ_ආකෘතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි