"ස්නායු පද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 1 langlinks, now provided by Wikidata on d:q9404
32 පේළිය:
මිනිසාගේ ස්නායු පද්ධතියේ ප්‍රධානම කාර්යය වන්නේ සමායෝජනයයි. සමායෝජනය ලෙස හැඳින්වෙන්නේ දේහයේ අවයව හා පද්ධති රැසක් එකිනෙක සම්බන්ධව හා එකිනෙකට අනුකුලව ක්‍රියා කිරීම මඟින් උත්තේජ හා ප්‍රතිචාර අතර මනා සම්බන්ධීකරණයක් ඇතිකර ගැනීමයි.
 
මුලික වශයෙන් ස්නායු පද්ධතිය මගින් සිදුවන්නේ සෛලයකින් සෛලයකට සංඥා සම්ප්‍රේෂණය කිරීමයි. මේ සඳහා ශරීරයේ තවත් ක්‍රම තිබේ. ඉන් එකක් නම් රුධිර සංසරණ පද්ධතියට හෝමෝන නමැති රසායනික සංයෝග මුදාහැරීමයි. එයින් වෙනත් ස්ථානයක ඇති සෛලවලට පණිවිඩ ලබාදිය හැකියි. එය සංඥා විකාශනයක් වැනිය. ස්නායු පද්ධතිය මඟින් කරනුයේ අවශ්‍ය ස්ථානයට කෙලින්ම පණිවිඩ ලබාදීමයි. හෝමෝනවලට වඩා ස්නායු මඟින් විශිෂ්ට ලෙස හා වේගයෙන් ආවේග සම්ප්‍රේෂණය කිරීමට පුළුවන. නියුරෝන තුලින් ආවේගවලට තත්පරයට මීටර් 100(120 ක් පමණ) කට වඩා වේගයෙන් ගමන් කිරීමට හැකිය.
 
ස්නායු පද්ධතිය මඟින් සංවේදී අවයවවලින් තොරතුරු රැගෙන එම සංඥා මධ්‍ය ස්නායු පද්ධතිය වෙතට සම්ප්‍රේෂණය කරනු ලබයි. මධ්‍ය ස්නායු පද්ධතිය මඟින් එන තොරතුරු සැකසීමෙන් පසු අදාළ උත්තේජය සඳහා සුදුසු ප්‍රතිචාරයක් දැක්වීම සඳහා අවශ්‍ය සංඥා ස්නායු හරහා කාරක අවයවය (පෙශියක් හෝ ග්‍රන්ථියක්) වෙතට සම්ප්‍රේෂණය කරයි.
"https://si.wikipedia.org/wiki/ස්නායු_පද්ධතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි