"යුක්ලිඩියානු දෛශිකය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ශ්වෙත දෛශික (අවකාශය පිළිබඳ) සිට යුක්ලිඩියානු දෛශිකය දක්වා පිටු ගෙන යන ලදී
No edit summary
14 පේළිය:
තාත්වික සංඛ්‍යා සඳහා වන බොහෝ වීජීය කර්මකයන් දෛශික සඳහා සමීප අනුකූලතාවයක් දක්වයි. එකතු කිරීම, අඩු කිරීම, සංඛ්‍යාවක් සමඟ ගුණ කිරීම සහ දිශාව ප්‍රතිවිරුද්ධ වූ විට අනෙක් පසෙට හැරීමද සිදුවේ. මෙම කර්මකයන් සුපුරුදු වීජීය නියමයන් වන සංඝඨන න්‍යාය විසස්තර න්‍යාය හා න්‍යාදේශ න්‍යායටද අනුකූලතාව දක්වයි. එකම ආරම්භක ලක්ෂයක් ඇති දෛශික දෙකක එකතුව ජ්‍යාමිතික ක්‍රමයක් වන සමාන්තරාඝ්‍ර නියමයේ (Parallelogram law) යන සංඛ්‍යාවක් මඟින් ගුණ කිරීම, මේ සම්බන්ධව පොදුවේ ව්‍යාපාරකරණ අදීශ, දෛශිකයක විශාලත්වය වෙනස්වීමට අවශ්‍ය ප්‍රමාණය හෙවත් එහි දිශාව නොවෙනස්ව ඇදීම හෝ හැකිලීම දක්වයි. -1 මඟින් ගුණ කලවිට දෛශිකයේ විශාලත්වය වෙනස් නොවී දිශාව ප්‍රතිවිරුද්ධ වේ. කාටීසියානු කණ්ඩාංක දෛශික හා ඒවා මත කර්මකයන් සමස්ථයක් ලෙස විස්තර කර දක්වයි. දෛශිකයක් එහි සංගුණක මඟින් ත්‍රිත්ව තාත්වික සංඛ්‍යාවක් බවට පත්වේ.
 
දෛශිකයක් සමඟ අදිශයක් එකතු කිරීමේදී ‍හා ගුණ කිරීමේදී එහි සංගුණකයෙන් සංගුණකයකට එය සිදු කිරීම කළ යුතුය. දෛශික [[භෞතික විද්‍ය‍ාව|භෞතික විද්‍ය‍ාවේ]] වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ‍චලනය වන වස්තුවක ප්‍රවේගය හා ත්වරණය හා වස්තුවක් මත බලය ක්‍රියාකරන ආකාරය දෛශික මඟින් විස්තර කල හැකිය. බොහෝ භෞතික රාශීන් දෛශික ආකාරයට සැළකිල්ලට ගත හැකිය. කෙසේවෙතත් එක් දෙයක් සිහියේ තබාගත යුතුය. එනම් භෞතීය දෛශිකයක සංගුණක රඳාපවතින්නේ එය විස්තර කිරීමට භාජනය කරන ඛණ්ඩාංක පද්ධතිය මත බවයි.
 
----
"https://si.wikipedia.org/wiki/යුක්ලිඩියානු_දෛශිකය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි