"හින්දු ධර්මය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Lee විසින් හින්දු ආගම සිට හින්දු ආගම/Temp වෙත පිටුව ගෙන යන ලදී: History Merge
No edit summary
1 පේළිය:
හින්දුසමය ඉන්දීය අර්ධද්වීපයේ ප‍්‍රභවයලත් ආගමික සම්ප‍්‍රදායකි. එය ‘සනාතන ධර්මයක්’ ලෙස එහි අනුගාමිකයින් විසින් බොහෝවිට හඳුන්වනු ලැබේ.
#යළියොමුව [[හින්දු ආගම/Temp]]
 
හින්දුසමය අද ලොව පවත්නා පැරණිතම ප‍්‍රධාන ආගම වේ. එහි ප‍්‍රභවය පැරණි වෛදික ශිෂ්ටාචාරය දක්වා දිවයයි. ඉතා සංකීර්ණ විශ්වාස සහ සම්ප‍්‍රදායයන්ගෙන් සමන්විත හින්දුආගමට එක් ප‍්‍රධාන ශාස්තෘවරයෙකු නොමැත. කි‍්‍රස්තියානි ආගම සහ ඉස්ලාම් ආගම හැරුණුවිට හින්දු ආගම ලොව තෙවැනි විශාලතම ආගම වන අතර සාමාන්‍යයෙන් එහි අනුගාමිකයෝ බිලියනයක් පමණ සිටිති. ඒ අතුරින් මිලියන 905 ක් ඉන්දියාවේ සහ නේපාලයේ වාසය කරති. බහුලව හින්දු ජනයා වෙසෙන අනෙකුත් භූමිප‍්‍රදේශ අතර බංග්ලාදේශය, ශී‍්‍ර ලංකාව, පකිස්තානය, ඉන්දුනීසියාව සහ මැලේසියාව යනාදී රටවල් ගණනාවක් වෙති.
 
හින්දු ආගමට අයත් ග‍්‍රන්ථ රාශියක් වේ. ශ‍්‍රැති සහ ස්මෘති වශයෙන් දීර්ඝ කාලයක් තිස්සේ වර්ධනය වූ මෙම ආගමික කෘතීන්හි දේවධර්මය, දර්ශනය සහ පුරාණෝක්ති අඩංගු වන අතර ධර්මානුකූල දිවිපෙවෙතක් ගෙනයාම සඳහා වන මාර්ගෝපදේශ ද සඳහන් වෙයි. මෙම ග‍්‍රන්ථ අතර වේද සහ උපනිෂද් ග‍්‍රන්ථ අධිකාරීත්වයෙන් ද වැදගත්කමින් ද පෞරාණිකත්වයෙන් ද ප‍්‍රමුඛ ස්ථානය හිමිකර ගනී. අනෙකුත් ප‍්‍රධාන ග‍්‍රන්ථ අතර තන්ත‍්‍ර, පුරාණ, මහා භාරත සහ රාමායණය වැනි වීරකාව්‍ය, මෙන් ම භගවද්ගීතාව ද වේ.
"https://si.wikipedia.org/wiki/හින්දු_ධර්මය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි