"බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:සංසන්දනාත්මක බුද්ධාගම එක් කරන ලදී. HotCat භාවිතයෙන්
74 පේළිය:
==බුද්ධාගම==
{{මූලික|බුද්ධාගම}}
බුද්ධාගම හෙවත් බුදුසමය යනු බුදුන් වහන්සේ දේශනාකල [[බුදු දහම]] පාදකකොට ගොඩනැගී ඇති ආගමයි. [[බුදු දහම]] ස්ථිර සහ අකාලික නමුදු බුද්ධාගම ප්‍රදේශයෙන් ප්‍රදේශයට සහ කාලයෙන් කාලයට වෙනස්වේ.මෙහිදී මූලිකවම අවධාරණය කර පැවසිය යුත්තේ බුදු දහමේ මූලික හරයන් කාලයෙන් කාලයට වෙනස් වන බව නොව එය අදහනු ලබන අය විසින් එහි ඇති නියම අරුත් විවිධාකාර හේතු නිසාවෙන් වෙනස් කරගෙන ඇති බවයි. එය තහවුරු කළ හැක්කේ බුදුන් වහන්සේ විසින් දේශණා කරන ලද ධර්ම කොටස් වල අඩංගු දේ මේ වන විටද බොහෝ දුරට විද්‍යාත්මක පරීක්ෂණ වලින් ද තහවුරු වී ඇති බැවිනි.(උදාහරණ වශයෙන් පුනර්භවය දැක්විය හැකිය) බුදු දහම පිළිබඳව වැඩිදුරට දැනුම ලබාගැනීමට නම් රේරුකානේ චන්ද්‍රවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පොත් පරිශීලනය කරන්න.
 
බුදුරජාණන් වහන්සේ යනු කවුද ? උන්වහන්සේගේ ඉගැන්වීම් මොනවාද? යන්න විවිධ වූ අර්ථ විවරණ වලින් දැනගත හැකිය. උන්වහන්සේ උත්තම ස්ථානයකට පත්වූ මනුෂ්‍යයෙක් ද, නොඑසේ නම් මහායාන බෞද්ධයන් විශ්වාස කරන අන්දමට විශ්වයේ පැතිර සිටින උතුම් ජිවියෙක් ද යන මතයන් තහවුරැ කිරීමට අවශ්‍ය සාක්ෂි ඉතිහාසයේ අඩංගු නොවේ. මහායාන බුදුදහමෙ දී මෙම කරැණු එතරම් සැලකිල්ලකට නොගනී.
98 පේළිය:
* චීනය, වියට්නාමය හා උතුරු කොරියාව යන රටවල තත්වය
 
එකී විමර්ශනයකින් හෙළිවුයේ බුදුදහම ලෝකයේ 4 වෙනියට වැඩිම පිරිසක් අදහන ආගම වන අතර ඉදිරියෙන්ම ඇත්තේ ක්‍රිස්තියානි, ඉස්ලාම් හා හින්දු ආගම් යන බවය. බුදු දහමේ දී එය භාවිතා කරන්නන් වෙත බල කිරීම්, බිය වැද්දීම්, බලපෑම් කිරීම්, තර්ජනය කිරීම් වැනි දෙයක් නොමැති වීම මෙහි ඇති විශේෂත්වයකි. බුදු දහම තුලදී බුදු රජානන් වහන්සේ විසින් දේශනා කර ඇත්තේ (ඒහිපස්සිකෝ) පැමිණ බලන්න, මෙහි ඇත්තක් ඇති බවක් හැඟේනම් පමණක්, බුද්ධියට වැටහේනම් පමණක් මේ මාර්ගයේ යන්න යනුවෙනි. බුදුරජාණන් වහන්සේගේ ජීවන කාලයේදී ආරම්භ වු සංඝ ශාසනය ලෝකයේ පැරණිතම සංවිධාන වලින් එකකි.
 
* පාලි ධර්ම ග්‍රන්ථ අසුරු කරන ථේරවාදී බුදුදහ‍ම කාම්බෝජය, ලාඕස්, තායිලන්තය, ශ්‍රී ලංකාව හා බුරුමයේ ප්‍රධානම බුදුදහමයි. ඉන්දියාවේ දාලිත් බෞද්ධ සංගමයද, අනුගමනය කරන්නේ ථේරවාදි බුදුදහමය.
"https://si.wikipedia.org/wiki/බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි