"බෝපත් ඇල්ල" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
31 පේළිය:
මෙයට බෝපත් ඇල්ල නම් නම ලැබී ඇත්තේ මෙයටම ආවේණික වූ හැඩය නිසාය. පටු විවරයකින් කඩා හැලෙන පළමු දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝපත්‍රයක හැඩය සිහියට නංවයි. හුදෙක් බෝගස බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත්වූ වෘක්ෂයකි. එහෙයින් මෙම ඇල්ලටද එම පූජනීයත්වයම හිමිවී ඇත. දිය ඇල්ල ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ නෑඹුල් වනයකින් වැසී පවතී.
බෝපත් ඇල්ල උසින් මීටර් 30ක් පමණ වේ. [[කළු ගඟ|කළු ගඟේ]] අතු ගංගාවක් වන කුරු ගඟෙන් මෙම දිය ඇල්ල පෝෂණය වේ. මෙම දිය ඇල්ල ගලා වැටීමේ සීඝ්‍රතාව තත්පරයට ගන මීටර් හයක් පමණ වන අතර වර්ශයකට සාමාන්‍ය වර්ෂාපතනය මි.මී 5080 පමණ වේ.මෙම දිය ඇල්ලේ ජලය වී ගොවිතැන සඳහා යොදා ගැනේ.
තවද බෝපත් ඇල්ල ලංකාවේ පුළුල් ලෙස අධ්‍යයනයට ලක්වූ ඇල්ලක් ලෙස හැඳින්වේ. බෝපත් ඇල්ල ලංකාවේ ප්‍රධානම සංචාරක පාරාදීසක් වීමට හේතුව අගනගරය වන [[කොළඹ]]ට පහසුවෙන් ලඟාවිය හැකි වීමයි. තවද මෙම ඇල්ල භාවිතයෙන් ජල විදුලිය නිපදවීමේ අසාර්ථක උත්සාහයක නටඹුන්ද දිය ඇල්ල ආසන්නයේ පවතී. දිය ඇල්ලේ පිවිසුම් මාර්ගය දෙපස පිහිටා ඇති කුඩා වෙළඳ කුටි හේතුවෙන් දිය ඇල්ලේ සුන්දරත්වයට තර්ජනයක් එල්ල වී ඇත.
|