"රිච්මන්ඩ් කාසල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
9 පේළිය:
==ගෘහය==
රිච්මන්ඩ් මැදුරෙහි ඉදිකිරීම් වෙනුවෙන් අමුද්‍රව්‍ය සමහරක් විදේශ රාජ්‍යයන්ගෙන් රැගෙන ආ බව පැවසෙයි. මැදුරට අවශ්‍ය ගඩොල් හා උළු ඉන්දියාවෙන්ද, තේක්ක හා ඕක් දැව බුරුමයෙන්ද, ජනෙල් වීදුරු ආදිය ඉතාලියෙන් හා නාන කාමර හා ගෙබිම මැටි පුවරු එංගලන්තයෙන්ද ගෙන්වා ගත් බව සඳහන් වේ. මෙම අමුද්‍රව්‍ය [[කොළඹ වරාය|කොළඹ වරායේ]] සිට කළුතරට නැව් මගිනුත්, එතැන් සිට [[කළු ගඟ]] ඔස්සේ බත්තල් මඟිනුත් මන්දිරය ඉදි වන භූමිය වෙත ගෙන එනු ලැබ තිබේ.<ref>{{cite web|url=http://www.lankadeepa.lk/index.php/articles/21915|title=සියලු ආශා අත්හල වංශවතකුගේ කතාන්දරය|publisher=ලංකාදීප|date=2012-01-15|accessdate=2015-07-21}}</ref>
 
ගෘහයෙහි වූ සම්පූර්ණ උළුවහු ප්‍රමාණය 99 ක් වේ. ජනෙල් ප්‍රමාණය 38 කි.<ref>{{cite web|url=http://mawbima.lk/1-52453-news-detail.html|title=ගෘහ නිර්මාණ ශිල්පයේ අභිමානය පෙන්වන - රිච්මන්ඩ් කාසල් මන බන්දන|publisher=මව්බිම|date=2014-03-02|accessdate=2015-07-21}}</ref> පහත මාලයේ හා උඩු මහලේ වූ කාමර ප්‍රමාණය 14 කි. ඉන් බිම් මහලේ කාමර 5ක්ද, කන්තෝරු කාමර 2ක්ද, පින්තූර කාමරයක් හා නැටුම් ශාලාවක් වේ. මීට අමතරව පෝටිකෝවක්, බැල්කනියක්, මැද සාලයක් හා මැද මිදුලක් එහි දැකගත හැකි වේ. උඩුමහලේ කාමර 6ක්, නාන කාමර සහිත වැසිකිලි 4ක්, බැල්කනියක් හා තවත් එක් හිස් අවකාශයක් වේ.
"https://si.wikipedia.org/wiki/රිච්මන්ඩ්_කාසල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි