"රිච්මන්ඩ් කාසල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
6 පේළිය:
 
එතැන් පටන් වර්ෂ 31ක් දරුවන් නොමැතිව සිය මැතිණියද සමග රිච්මන්ඩ් කාසල් හී දිවි ගෙවූ ආතර් ද සිල්වා, කිසියම් හේතුවක් මත 1941 ජූලි මස 4 වැනි දිනදී නොතාරිස් එස්. ජේ. එස්. කදිරගාමර් ඉදිරිපිටදී අත්සන් කොට, රිච්මන්ඩ් කාසල් ඇතුළු තමා සතු සියළු වත්කම් ශ්‍රී ලංකාවේ මහා භාරකාර දෙපාර්තමේන්තුවට පවරා දෙන ලදී. ඒ මෙම මන්දිරය ඔහුගේ ඇවෑමෙන් අනතුරුව අනාථ දරුවන් වෙනුවෙන් රැකවරණය සළසන ස්ථානයක් බවට සහ අනෙකුත් වතුපිටි වල ආදායම එම දරුවන්ගේ නඩත්තුව වෙනුවෙන් වෙන්විය යුතු බවට අවසන් කැමැත්ත ප්‍රකාශ වන පරිදිය.
 
==ගෘහය==
රිච්මන්ඩ් මැදුරෙහි ඉදිකිරීම් වෙනුවෙන් අමුද්‍රව්‍ය සමහරක් විදේශ රාජ්‍යයන්ගෙන් රැගෙන ආ බව පැවසෙයි. මැදුරට අවශ්‍ය ගඩොල් හා උළු ඉන්දියාවෙන්ද, තේක්ක හා ඕක් දැව බුරුමයෙන්ද, ජනෙල් වීදුරු ආදිය ඉතාලියෙන් හා නාන කාමර හා ගෙබිම මැටි පුවරු එංගලන්තයෙන්ද ගෙන්වා ගත් බව සඳහන් වේ. මෙම අමුද්‍රව්‍ය [[කොළඹ වරාය|කොළඹ වරායේ]] සිට කළුතරට නැව් මගිනුත්, එතැන් සිට [[කළු ගඟ]] ඔස්සේ බත්තල් මඟිනුත් මන්දිරය ඉදි වන භූමිය වෙත ගෙන එනු ලැබ තිබේ.<ref>{{cite web|url=http://www.lankadeepa.lk/index.php/articles/21915|title=සියලු ආශා අත්හල වංශවතකුගේ කතාන්දරය|publisher=ලංකාදීප|date=2012-01-15|accessdate=2015-07-21}}</ref>
"https://si.wikipedia.org/wiki/රිච්මන්ඩ්_කාසල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි