"නුවරඑළිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
101 පේළිය:
}}
 
''' නුවරඑළිය''' යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි . මුහුදු මට්ටමේ සිට මීටර් 1868 (අඩි 6128) ක් උසින් පිහිටා ඇති මෙම නගරය අයත් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්ද පිහිටා ඇත්තේ ද මෙම නගරය ආසන්නයෙහි ය.
''' නුවරඑළිය'''
යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] මධ්‍යම කඳුකරයේ මිටියාවතක පිහිටි සුන්දර නගරයකි . මුහුදු මට්ටමේ සිට මීටර් 1868 (අඩි 6128) ක් උසින් පිහිටා ඇති මෙම නගරය අයත් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි. ශ්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල කන්ද පිහිටා ඇත්තේ ද මෙම නගරය ආසන්නයෙහි ය.
 
== ඉතිහාසය==
Line 129 ⟶ 128:
 
== ආකර්ෂණීය දෑ ==
නගරයේ ආකර්ෂණිය දෑ සමහරක් ලෙස ගොල්ෆ් පිටිය, [[වික්ටෝරියා උද්‍යානය, නුවරඑළිය|වික්ටෝරියා උද්‍යානය]] හා ග්‍රෙගරි වැව, කන්දේ ඇල, ලවර්ස් ලීප් දිය ඇල්ල, තේ වතු, තේ කර්මාන්තශාලා ආදිය දැක්විය හැක. මෙහි එන දෙස් විදෙස් සංචාරකයන් හට නිරත විය හැකි විනෝදාත්මක ක්‍රියාකාරකම් රාශියක්ද ඇත. ග්‍රෙගරි වැවේ පැඩල් බෝට්ටු පැදීම, පෝනියන් පිට යාම, කන්දේ ඇල අසල සාදා ඇති වන ම්ං පෙත් තරණය ආදිය මින් සමහරකි .
මීට අමතරව කුරුල්ලන් බැලීම ප්‍රිය කරන අයවලුන්හට ගැල්වේ කුරුලු උයන, වික්ටෝරියා උද්‍යානය ආකර්ෂණිය ක්ෂේම භූමි ලෙස හඳුන්වා දිය හැකිය. වික්ටෝරියා උද්‍යානයේ දී ඉන්දියානු නිල් අවිච්චියා (Indian Blue Robbin]), කායුරු තිරසිකායා (Scaly Thrush) , ගෝමර තිරසිකායා (Pied Thrush), ලය කායුරු වී කුරුල්ලා (Scaly Breasted Munia), කාෂ්මීර රත් මැසිමාරා (Kashimir Flycatcher) ඇතුළු පක්ෂීන් රාශියක් දැක ගත හැක. ගැල්වේ කුරැළු අභය භුමිය ග්‍රෙගරි වැව ආසන්නයේ පිහිට වර්ග කි.මී. 0.6 ක භුමියකින් යුත් වනෝද්‍යානයකි.මෙහිදී ද ශ්‍රී ලංකාවට ආවේණික මෙන්ම සංචාරක කුරුලු විශේෂ රැසක් දැක ගැනීමේ හැකියාව ලැබේ.
 
Line 139 ⟶ 138:
 
මෙම නගරයේ අසිරිය තවත් වැඩි කරන්නට එහි ඇති ඉස්තරම් හෝටල් ද අත්වැල සපයයි. ඉන් ප්‍රමුඛ හෝටලයක් වන්නේ ග්‍රෑන්ඩ් හෝටලය යි. එය හිටපු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙකුගෙ මන්දිරය වන අතර දැනට ඵය ‘ටැන්ගිරින් හෝටල් සමූහයට'[http://www.tangerinehotels.com/] අයත් වේ. එය කොළඹින් පිටත ඇති වඩාත් ජනප්‍රිය හෝටලයකි. මේ මනහර යටත් විජිතවාදි ගොඩනැගිල්ල වසර 100 කටත් වඩා පැරණි ය. තවත් එවැනිම හෝටලයක් වන්නේ සෙන්. ඇන්ඩෲස් [http://www.jetwinghotels.com/jetwingstandrews/] හෝටලයයි. මෙය ද පැරණි ආණ්ඩුකාරවරයෙකුගෙ මන්දිරයක් වන අතර දැනට ජෙට්වින්ග් හෝටල් සමූහය යටතේ පාලනය වේ. මෙහි සුවිශේෂී අංග ලෙස වසර සියයක් පමණ පැරණි තඹ වහලය සහිත ආපන ශාලාවත්, එතරම්ම පැරණි බිලියඩ් මේසයත්, වයින් ගබඩාවත් දැක්විය හැක. මීට අමතරව ග්‍රෑන්ඩ් හෝටල අසලම වාගේ පිහිටි හිල් ක්ලබ් [http://www.hillclubsrilanka.net/] යනු තවත් ආකර්ශණීය ස්ථානයකි. ගලින් නිමවූ මන්දිරයක් වන මෙය වර්ෂ 1876 දී බ්‍රිතාන්‍ය කෝපි වගාකරුවකු විසින් තනන ලද්දකි.
 
==සංචාරක ආකර්ෂණ==
[[Image:Hanuman20a.jpg|thumb|200px| නුවරඑළිය නගරය අසළ ඇති හනුමාන් වෙනුවෙන් සාදන ලද කෝවිලකි ]]
*[[ග්‍රෙගරි වැව]] - නුවරඑළිය පිහිටි ග්‍රෙගරි වැව ආශ්‍රිත විල්ලුව සහිත කලාපය විශේෂ පාරිසරක සංරක්ෂිත කලාපයක් වේ. දෙසැම්බර් සෘතුවේ සීත කලාපීය සංචාරක පක්ෂීන්ගේ සංක්‍රමණ ආදිය මෙම ග්‍රෙගරි වැව ආශ්‍රිත පාරිසරක කලාපය තුල දැකගත හැකි වේ.
 
*[[ලවර්ස් ලීප් ඇල්ල]] - ලවර්ස් ලීප් දිය ඇල්ල මීටර 30 ක පමණ උසකින් යුක්ත වූ සංචාරක ආකර්ෂණය සහිත ස්ථානයකි.
*[[සීතා අම්මාන් කෝවිල]] - හනුමාන් කෝවිල ලෙසද වැහැරෙන සීතා අම්මාන් හින්දු කෝවිල හමුවන්නේ නුවරඑළියේ සිට බදුල්ලට යන විට [[හක්ගල උද්භිද උද්‍යානය]] හමුවීමට පෙරයි. මෙම කෝවිල පිහිටා ඇත්තේ සීතා එළිය නම් ගම්මානයේය. මෙම පලාත හින්දු දර්ශනයේ එන රාමායණය කතාවේ සඳහන් වේ. ජනශ්‍රැත වලට අනුව බලවත් රාවණා රජු, රාම ගේ බිසව වන සීතා දේවිය පැහැරගෙන විත් මෙම කෝවිල තනා ඇති ස්ථානයේ සඟවා තිබූ බව කියවේ.
*[[නුවරඑළිය තැපැල් කාර්යාලය]] - 1894 වර්ෂයේ ඉදිකොට ඇති නුවරඑළිය පිහිටි [[තැපැල් කාර්යාලය]] මෙරට ඉදිකරන ලද පැරණිතම තැපැල් කාර්යාල අතුරින් එකක් ලෙස සැළකේ.
"https://si.wikipedia.org/wiki/නුවරඑළිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි