"ඉංජිනේරු විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
52 පේළිය:
ඉංජිනේරුවන් ඔවුන්ගේ විද්‍යාව, ගණිතය සහ මනා පලපුරුද්ද භාවිතා කරමින් ගැටලුවලට විසඳුම් සොයයි. ඉංජිනේරු විද්‍යාව යනු ව්‍යවහාරික ගණිතය හා විද්‍යාවෙහි එක්තරා ශාඛාවකි. ගැලපෙන ගණිතමය ආකෘතියක් නිර්මාණය කිරීම මඟින් ඉංජිනේරුවන්ට එය අධ්‍යයනය කිරීමට පහසු කරන අතර ගැලපෙන විසඳුම් පරීක්ෂා කිරීමද කළ හැකිය.බොහෝ විට තෝරා ගැනීම් කිහිපයක් තිබෙන අතර ඉංජිනේරුවන් එම නිර්මාණවල යෝග්‍යතාව පරීක්ෂා කර අවශ්‍යතාවයට වඩාත්ම උචිත විසඳුම තෝරාගත යුතුය. ගනරිච් අල්තුරෙල් (Genrich Altshuller), පේටන්ට් බලපත්‍ර විශාල සංඛ්‍යාවක් අධ්‍යයනය කිරීමෙන් පසුව, පහළ මට්ටමේ ඉංජිනේරු නිර්මාණ සඳහා සම්මුතියකට එලඹීමේ හැකියාව මූලික වන බවත් ඉහළ මට්ටමේදී වඩාත්ම උචිත නිර්මාණය වන්නේ ප්‍රධානතම ගැටලුව ඇති කරන සාධකය ඉවත් කිරීම බවත් ප්‍රකාශ කරන ලදී. මහා පරිමාණයෙන් නිපදවීමට පෙර ඉංජිනේරුවන් තම නිර්මාණයන් කෙතරම් දුරට නියමිත පරිදි ක්‍රියා කරන්නේදැයි නිගමනය කිරීමට උත්සාහ දරයි. ඔවුන් මේ සඳහා මූලාකෘති, සුළු පරිමාණයේ ආකෘති, අත්හදා බැලීම්, ආතතිය පිළිබඳ පරීක්ෂණ, විනාශවීම හා නොවීම පිළිබඳ පරීක්ෂණ භාවිතා කරයි. මෙවැනි පරීක්ෂණ මඟින් නිෂ්පාදනය කොතරම් දුරට අපේක්ෂිත පරිදි ක්‍රියාකරන්නේද යන්න නිගමනය කළ හැකිය.ඉංජිනේරුවන් හොඳ වෘත්තිකයන් වශයෙන් තම නිෂ්පාදනයන් නියමිත පරිදි ක්‍රියා කරනවාද යන්න පිළිබඳ ඇති වගකීම ඉතා බරපතල ලෙස සලකන අතර මහ ජනතාවට හිතාමතාම හානියක් වන අයුරින් ක්‍රියා නොකරයි. අනපේක්ෂිත හානි අවම කර ගැනීමට ඔවුන්ගේ නිර්මාණවල ආරක්ෂාකාරීබව පිළිබඳ විශේෂ කොටස් ඇතුලත් වේ. කෙසේ වුවද බොහෝවිට ආරක්ෂාකාරීබව ඉහළ යන විට නිර්මාණයේ කාර්යක්ෂමතාව පහල බසී.
 
[[ප්‍රවර්ගය:ඉංජිනේරු විද්‍යාවතාක්ෂණය]]
"https://si.wikipedia.org/wiki/ඉංජිනේරු_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි