"ජිබුටි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
69 පේළිය:
 
ජිබුටි යනු, වැසියන් 810,000 ප්‍රමාණයකට වඩා ජනගහණයක් සහිත බහු-වාර්ගික දේශයකි. විශාලතම වාර්ගික කණ්ඩායම් දෙක වන්නේ සෝමාලි සහ අෆාර් වෙති. මොවුන් දෙවර්ගයම, [[අප්‍රිකාආසියාතික භාෂා]] කතා කරන අතර, ඒවා පිළිගත් ජාතික භාෂා වෙති. [[අරාබි භාෂාව |අරාබි]] සහ [[ප්‍රංශ භාෂාව |ප්‍රංශ]] යන භාෂා, රටෙහි නිල භාෂා දෙක වෙති. වැසියන්ගෙන් 94% [[ඉස්ලාම්]] ආගම අදහන අතර, මෙම ආගම වසර 1,000 කට වැඩි කාලයක සිට ප්‍රදේශයෙහි අතිප්‍රමුඛ ලෙස පැවැත ඇත.<ref name=CIA/>
 
රතු මුහුදට සහ [[ඉන්දියානු සාගරය|ඉන්දියානු සාගරයට]] පිවිසුම පාලනය කරමින්, ලොව කාර්යබහුලතම නාවික මාර්ග අසබඩ, උපාය මාර්ගික ලෙසින් ජිබුටි පිහිටා ඇත. ප්‍රධාන යළි-ඉන්ධන සපයන සහ නැවෙන් නැවට භාණ්ඩ හුවමාරු කෙරෙන කේන්ද්‍රයක් ලෙසින් එය ක්‍රියාත්මක වන අතර, අසබඩ ඉතියෝපියාව වෙත ආනයනය සහ එය වෙතින් අපනයනය කෙරෙන ප්‍රධාන සාමුද්‍රිය වරායක් ලෙසින් එය පවතියි. විගසින් දියුණු වෙමින් පවතින වාණිජ වරායක් වන මෙම දේශයෙහි, [[ලෙමනියර් කඳවුර]] ඇතුළු බොහෝ විදේශ හමුදාමය කඳවුරු පවතියි. [[සංවර්ධනය පිළිබඳ අන්තර්-රාජ්‍ය අධිකාරිය]] (IGAD) ප්‍රාදේශීය මණ්ඩලයද එහි මූලස්ථානය ජිබුටි නගරයෙහි පවත්වා ගෙන යයි.<ref name=CIA/>
"https://si.wikipedia.org/wiki/ජිබුටි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි