"මෛත්‍රී බුදුරජාණන් වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
සුළු 103.21.165.1 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Tegel ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්ත...
1 පේළිය:
{{තොරතුරුකොටුව සම්මා සම්බුදු
| නම = මෛත්‍රී බුදුරජාණන් වහන්සේ
| image = Maitreya Buddha the next Buddha.jpg
| image_size = 300px
| caption =
| බෝධිය = නා
| අගසවුන් වහන්සේලා = අශෝක මහ රහතන් වහන්සේ - බ්‍රහ්මදේව මහ රහතන් වහන්සේ
| ගිහි කල නම =
| පූර්වප්‍රාප්තික = [[ගෞතම බුදුරජාණන් වහන්සේ]]
| කල්පය = භද්‍ර
| නියත විවරණය දේශනා කළේ = [[මුහුර්ත බුදුරජාණන් වහන්සේ]]
}}
මේ මහා භද්‍ර කල්පයේ පහලවන අවසන් [[බුදුරජාණන් වහන්සේ]] වන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේය. මුහුර්ත බුදුරජාණන් වහන්සේගෙන් පළමු වරට [[නියත විවරණ]] ලබා පාරමිතා පුරමින් පැමිණි ඒ [[මෛත්‍රී බෝසතාණන් වහන්සේ]] අවසන් වරට නියත විවරණ ලැබුවේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන්ය.
 
==අවසන් වරට නියත විවරණ ලැබීම==
මෛත්‍රී බෝසතාණන් වහන්සේ අවසන් වරට නියත විවරණ ලබන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන්ය. එලෙස අවසන් වරට නියත විවරණ ලැබීමත් සමඟම උන්වහන්සේගේ [[පාරමිතා]] පිරීම අවසන් වන අතර [[බුද්ධත්වය]] ලැබීම සඳහා කල යුතු සියලුම කෘත්‍යයන් ඉටු කර අවසන් වේ.
Line 18 ⟶ 32:
 
උන්වහන්සේ ගිහිගෙයි අවුරුදු දහ අට දහසක් සිටින්නේය. අවසන තම අග බිසව බ්‍රහ්මවර්ධන නම් පුත්කුමරු බිහි කරන දිනයේදී [[සතර පෙර නිමිති]] දැක් ගිහි ගෙය පිළිබඳව කලකිරී සියලු සැප සම්පත් හැර දමා උතුම් වූ [[නිර්වාණ]] සුවය සොයා යන්නේය.
 
==බුද්ධත්වයට පත් වීම සහ මාර පරාජය==
 
සතර පෙර නිමිති දැක ගිහිගෙය හැර යන උන්වහන්සේ පැවිදි බිමට ඇතුලත් වී පැවිදි බවට සුදුසු පරිදි වූ යම් දුකක් වේද එය අනුභව කරමින් උතුම් වූ [[බුද්ධත්වය]] ලබා ගැනීමට වෙහෙසෙති. ගිහි ගෙය හැර සතියකට පසු චන්ද්‍රමුඛී නම් අග බිසව දෙන කිරිපිඬු දානය වළඳා නාග ශ්‍රී බෝධී මූලයට පැමිණෙති.උන්වහන්සේ බුදුවීමට උත්සාහ දරනු සැලවන මාරයා සිය
දස බිබ්බරක් මාර සෙනග කැටුව බෝ මැඩ දෙසට පැමිණෙන්නට වත්ම උන්වහන්සේගේ තේජාන්විත භාවය දැක අතිශයින් බියට පත්ව පලායන අතර ඵයට හේතු වනුයේ‍ සොළොසාසංඛ්‍යෙය
කල්ප ලක්ෂයක් පුරා උන්වහන්සේ පිරූ පාරමිතාවන්හි බල මහිමයයි. ඉන්පසු චතුරාංග සමන්නාගත වීර්යයෙන් යුතුව වජ්‍රාසනයේ වැඩ සිට උතුම් වූ බුද්ධත්වයට පත්වන්නාහ.
 
==බුද්ධ ශාසනය==
 
[[මෛත්‍රී බුදුරජාණන් වහන්සේ]]ගේ [[අග්‍ර ශ්‍රාවක]] වන්නේ අසෝක සහ බ්‍රහ්ම දේව යන [[මහ තෙරුන්]] වහන්සේලාය. අග්‍ර උපස්ථායක සහ [[ධර්ම භාණ්ඩාගාරික]] වන්නේ සීහ නම් තෙරුන් වහන්සේ නමකි. උන්වහන්සේගේ බුද්ධකාය අසූ අට රියනකි. ආයුෂ අසූ දහසකි. අවුරුදූ දහසක් ධර්ම ප්‍රචාරයෙහි යෙදී සත්වයෝ සසර සැඩ පහරින් එතෙර කරවා අවසන උන්වහන්සේ පිරිනිවන් පාන්නේය. එතෙකින් මේ [[මහා භද්‍ර කල්පය]] නිමාවට පත් වෙයි.
 
[[ප්‍රවර්ගය:බුදු දහම සහ බුද්ධාගම]]
"https://si.wikipedia.org/wiki/මෛත්‍රී_බුදුරජාණන්_වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි