"අභිධර්මය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
රූපස්කන්ධය
1 පේළිය:
{{ත්‍රිපිටකය}}
'''අභිධර්මය''' නම් තමා යනුවෙන් සලකනු ලබන පංචඋපාදානස්කන්ධයත් එහි සංසිදීම වන නිවනත් පිළිබඳව චිත්ත චෛතසික රූප හා නිර්වාණ (දල වශයෙන් සිත සිතුවිලි කය හා නිර්වාණය ලෙස) එනම් සතර පරමාර්ත සත්‍යධර්‍ම පිලිබඳ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ දේශනයයිවිග්‍රහයයි. පංචස්කන්ධ විග්‍රහයේදී රූපස්කන්ධය යන්න අභිධර්ම විග්‍රහයේදී රූප පරමාර්ථ 28 කින්ද, වේදනා සඤ්ඤා සහ සංස්ඛාර යන ස්කන්ධ තුන චෛතසික 52 ක් ලෙස වඩා විස්තරවද, විඤ්ඤාණ ස්කන්ධය චිත්තය ලෙස (සිත් 89 ලෙස හෝ 121 වශයෙන්) වඩා සියුම් අන්දමින් බෙදා දක්වා ඇත.
 
== පරමාර්ථ ==
"මනෝ පුබ්බංගමා ධම්මා - මනෝ සෙට්ඨා මනෝමයා" ආදී වශයෙන් මනස ප්‍රමුඛව නිර්මානය කර ගනු ලබන ධර්මතා පරමාර්ථ නම් වේ. අවිද්‍යාව (අනවබෝධය) නිසා බිහිකරගනු ලබන ලොව (සසර) පවතින මුලික ධර්මතා 4 ක් පමණක් ඇසුරුකරගෙන කරනු ලැබූ විග්‍රහයකි අභිධර්මය. විශ්වය නිර්මාණය වී පවතින්නෙන් (එය වටහාගන්නේත්) තවදුරටත් ඛණ්ඩයන කල නොහැකි තවදුරටත් බෙදිය නොහැකි දෙව් මිනිසුන්ට තේරුම්ගත හැකි මූලික ධර්මතාවයන් 4ක් මගිණි. එම ධර්මතා 4 සරලව පරමත්ත ධර්‍ම 82 ක් ලෙස සරලව බෙදා දැක්වේ. බුදුවරුන්ට තේරුම්ගත හැකි පරම සත්‍යයන් එනම් මුලික ධර්මතාවයන් අසීමිත වේ. අපරිමිත වේ. එම ධර්ම අපරමත්ත ධර්ම නම් වේ. එම ධර්ම දෙව්මිනිසුන්ගේ ප්‍රඥාවට හසු නොවේ. නිවන අරමුණු කිරීම සඳහා නිවන් මගට අවතීර්ණ වීම සඳහා පරම සත්‍ය 82 අවබෝධ කරගැනීම ප්‍රමාණවත් වේ. එම පරම සත්‍ය 82 ත්‍රිලක්ෂණයට (අනිත්‍ය දුක්ඛ අනාත්ම) අනුව බැලීම තුල නිර්වාණය සාක්ෂාත් කරගැනීමට හැකියාව ලැබේ.
 
==පරමාර්ථ ධර්ම 82==
===රුප 28 කි===
මේ ශරීරයෙහි ඇති තද බැවින් යුත් පඨවි ධාතු රූපය, වැගිරීම් ආකාරයෙන් යුත් ආපෝ ධාතු රූපය, උෂ්ණත්වය ඇතිකරවන තේජෝ ධාතු රූපය, පිරවීම් සෙලවීම් ආදිය ඇති කරවන වායෝ ධාතු රූපය යන භූත රූප 4 යි. දැකීමේ ශක්තිය ඇති චක්ඛු විඤ්ඤාණයට වස්තුවූ චක්ඛු ප්‍රසාද රූපය, ඇසීමේ ශක්තිය ඇති සෝත විඤ්ඤාණයට වස්තුවූ සෝත ප්‍රසාද රූපය, ඟද සුවඳ දැනීමේ ශක්තිය ඇති ඝාණ විඤ්ඤාණයට වස්තුවූ ඝාණ ප්‍රසාද රූපය, රස විඳ ගැනීමේ ශක්තිය ඇති ජිව්හා විඤ්ඤාණයට වස්තුවූ ජිව්හා ප්‍රසාද රූපය, ස්පර්‍ශ විඳ ගැනීමේ ශක්තිය ඇති කාය විඤ්ඤාණයට වස්තුවූ කාය ප්‍රසාද රූපය යන ප්‍රසාදරූප 5 ය, චක්ෂු ප්‍රසාදයට හමුවන වර්ණමය රූපය, ශ්‍රෝත ප්‍රසාදයට හමුවන ශබ්ධ රූපය, ඝ්‍රාණයට හමුවන ගන්ධ රූපය, ජව්හා ප්‍රසාදයට හමුවන රස රූපය යන ගෝචර රූප 4 ය, ස්ත්‍රියක් බැව් ප්‍රකට කරවන ස්ත්‍රී භාවරූපය, පුරැෂයෙකු බව ප්‍රකට කරවන පුරුෂ භාවරූපය යන භාවරූප 2 ය. හෘදය වස්තුව යයි කියනු ලබන හෘදරූප 1ය, ජීවිතේන්ද්‍රිය යැයි කියනු ලබන ජීවිත රූප 1ය, කබලික්ඛාරාහාර යැයි කියනු ලබන ආහාර රූප 1ය යන මේ දහඅට(18) වැදෑරුම් නිෂ්පන්න රූපය, එකකින් එකක් වෙන්කිරීම් ස්වභාවය වූ ආකාශ නම් පරිච්ඡේද රූපය, අදහස් හඟවන ලෙස ශරීර අවයව ක්‍රියාකරවන කාය ව්ඤ්ඤප්ති රූපය, අදහස් හැඟවීම පිණිස ශබ්ධ නඟා කියන වචී විඤ්ඤප්ති රූපය, ශරීරයෙහි පවත්නා සැහැල්ලු ස්වභාවය වූ ලහුතා රූපය, මොලොක් ස්වභාවය වූ මුදුතා රූපය, ක්‍රියා කිරීමට සුදුසුවූ කම්මඤ්ඤතා රූපය, පලමු කොට ඉපදීම වූ උපචය රූපය, උප්පත්තියේ පටන් අවසානය දක්වා පවත්නා රූප පරම්පරාව වූ සන්තති රූපය, රූපයන්ගේ දිරීම් ස්වභාවය වූ ජරතා රූපය, රූපයන්ගේ බිදීම් ස්වභාවය වූ අනිච්චතා රූපය යන මේ දස(10) වැදෑරුම් අනිෂ්පන්න රූපද යන මේ විසිඅට වැදෑරුම් රූප රූපස්කන්ධය යැයි ද<ref>සතිපට්ඨාන විදර්ශනා භාවනා මාර්ගය. පණ්ඩිත දොඩම්පහල කවිධජ හිමිපාණෝ- 2007 මුද්‍රණය පිටු 28,29</ref>
 
===චෛතාසික 52 කි===
===චිත්තය (එනම් චිත්ථ පරමාර්ථය 1 කි)===
"https://si.wikipedia.org/wiki/අභිධර්මය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි