"කාල් මාක්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
28 පේළිය:
ධනවත් මධ්‍යම පාංතික පවුලකට දාව උපන් මාක්ස්, බොන් (Bonn) සහ බර්ලින් (Berlin) විශ්වවිද්‍යාල වලින් උසස් අධ්‍යාපනය ලැබීය. තම උසස් අධ්‍යාපනයෙන් පසුව ඔහු "Rheinische Zeitung" නම් විප්ලවවාදී ප්‍රාදේශීය පුවත්පතක මාධ්‍යවේදියෙකු ලෙස සේවය කල අතර, භෞතිකවාදී ඉතිහාස පිලිබඳ සිය සිද්ධාන්තය රචනා කිරීම එම කාලයේදී සිදු කලේය. 1843 දී ප්‍රංශයේ පැරීසියට සංක්‍රමනය වූ මාක්ස්, එහිදී තවත් විප්ලවවාදී පුවත්පතක සේවය කරමින් සිටින අතරතුරදී ඔහුට ෆෙඩ්‍රික් එංගල්ස් (Friedrich Engels) නම් දාර්ශනිකයා හදුනාගනීමට ඉඩ සැලසේ. මෙම හඳුනාගැනීමෙන් පසුව එංගල්ස් ඔහුගේ දීර්ඝකාලීන මිතුරා සහ සගයා බවට පත්විය. 1849 දී විප්ලවවාදී ක්‍රියා කලාපය නිසා ප්‍රංශයෙන් නෙරපන ලද මාක්ස්, සිය බිරිඳ සහ දරුවන්ද සමඟ ලන්ඩනයේ පදිංචියට ගිය අතර, එහිදීද සිය ලේඛන කටයුතු දිගටම සිදුකරමින්, සමාජ සහ ආර්ථික ක්‍රියාකාරකම් පිලිබඳව නව සිද්ධාන්ත ඉදිරිපත් කලේය.
 
 
සම්භාව්‍ය සමාජ විද්‍යා චින්තනයේ එතරම් වැදගත් තැනක් නොදැරු එහෙත් පසුව සමාජ විද්‍යාඥයින්ට අමතක කිරීමට නොහැකී වු සමාජ දාර්ශනිකයෙකු හා සමාජ විද්‍යාඥයෙකු ලෙස සැලකිය හැකිය.
== මරණය ==
1881 දෙසැම්බර් මස තම බිරිඳ මියගිය පසු මාක්ස් දැඩි ලෙස රෝගාතුර විය. මාස 15ක පමන කාලයක් වරින් වර උත්සන්න වෙමින් පැවති ශ්වසන අපහසුතා හේතුවෙන් ඔහු දැඩි අපහසුතාවයට පත්වූ බව සඳහන් වේ. 1883 මාර්තු මස 14 වන දින, ලන්ඩනයේදී ඔහු මෙලොවින් සමුගත්තේය. මරණයට පත්වනවිට මාක්ස් හට කිසිඳු රටක පුරවැසිභාවය හිමිව නොතිබීම විශේෂත්වයකි. ලන්ඩනයේ ජීවත්වූ මාක්ස්ගේ මිතුරන් හා පවුලේ සාමාජිකයින් විසින්, 1883 මාර්තු 17 වන දින සන්ධ්‍යාවේ ඔහුගේ දේහය ලන්ඩනයේ හයිගේට් සුසානභූමියේදී මිහිදන් කරන ලදී. එම අවමගුල් උත්සවයට නව දෙනෙකු හෝ එකොලොස් දෙනෙකු සහභාගීව සිටි බව සඳහන් වේ.
 
එහිදී ෆෙඩ්‍රික් එංගල්ස් විසින් සිදුකල කතාවෙන් පහත ඡේදය උපුටාගන්නා ලදී.
</n>මාර්තු මස 14 වන දින, සවස තුනට මිනිත්තු පහලොවකට පෙර, යුගයේ පහලවූ ශ්‍රේෂ්ඨතම චින්තකයා, සිය චින්තාවලිය අවසන් කලේය. අප විසින් ඔහුව තනිකරදමා ඉවත ගිය මිනිත්තු දෙකක කාලය ඇතුලත ඔහු තම ඇඳි පුටුව මතම සාමකාමී නින්දකට පිවිසියේය. එහෙත් ඒ සදාකාලික නින්දකි.
 
 
සම්භාව්‍ය සමාජ විද්‍යා චින්තනයේ එතරම් වැදගත් තැනක් නොදැරු එහෙත් පසුව සමාජ විද්‍යාඥයින්ට අමතක කිරීමට නොහැකී වු සමාජ දාර්ශනිකයෙකු හා සමාජ විද්‍යාඥයෙකු ලෙස කාල් මාක්ස් සැලකිය හැකිය.
 
1876 දී මාක්ස්, “ප්‍රාග්ධනය” නාම් කෘතියේ පළමු කාණ්ඩය ප්‍රකාශයට පත්කලේය. කෙසේ නමුත් මාක්ස්ගේ දර්ශනයට පරිණාමවාදි මුහුණුවර පදනම විය.
"https://si.wikipedia.org/wiki/කාල්_මාක්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි