"මරීයා මොන්ටසෝරි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating 55 interwiki links, now provided by Wikidata on d:q131117 (translate me)
34 පේළිය:
====ද්වීතියික පාසැල ====
1883දී<ref> Kramer 31 </ref> හෝ 1884දී,<ref> Trabalzini 8 </ref> වයස 13 වෙත්ම, රෙජීයා ස්කෝලා ටෙක්නිකා මිකිලැන්ජලෝ බුනරෝටි නම්වූ ද්වීතියික, තාක්ෂණික පාසැලට ඇතුළුවූ මොන්ටසෝරි, ඉතාලි භාෂාව, අංක ගණිතය, වීජ ගණිතය, ජ්‍යාමිතිය, ගණකාධිකරණය, ඉතිහාසය, භූගෝල විද්‍යාව, සහ විද්‍යාවන් උගත්තාය. 1886දී ඇය උපාධි සහතිකය ලද්දේ හොඳ ලකුණු සහ විභාග ප්‍රතිඵල සමගිනි. එම වසරෙහිදී, වයස අවුරුදු 16 වත්ම, රේජියෝ ඉන්ස්ටිටූටෝ ටෙක්නිකෝ ලියනාර්ඩෝ ඩ වින්චි නම්වූ තාක්ෂණික ආයතනයේ තම අධ්‍යාපනය පවත්වාගෙන ගිය ඇය, ඉතාලි භාෂාව, ගණිතය, ඉතිහාසය, භූගෝල විද්‍යාව, ජ්‍යාමිතිය සහ භූෂිත ඇඳීම, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, උද්භිද විද්‍යාව, සත්ත්ව විද්‍යාව, සහ විදේශීය භාෂාවන් දෙකක් හැදෑරූවාය. විද්‍යාවන් පිළිබඳ ඈ සමත්කම් දැක්වූ අතර විශේෂයෙන් ගණිතය ගැන හසලතාවක් ප්‍රදක්ෂිණා කලාය. උපාධි හැදෑරීම අවසන් කල විට ඉංජිනේරු විද්‍යාව අධ්‍යයනය කිරීමෙහි අභිලාෂයක් මුලදී ඇය වෙත පැවති අතර, ඇයගේ කාලයෙහි හා ඇය වැසි රටෙහි මෙම අභිප්‍රාය කාන්තාවකට අසාමාන්‍ය අපේක්ෂාවක් ලෙසින් සැලකිණි. කෙසේවෙතත්, වයස අවුරුදු 20 පත්වත්ම 1890දී ඇය භෞතික විද්‍යාව-ගණිතය වෙතින් සහතිකය සමග උපාධිය ලබත්ම, පළමු අදහස වෙනස්වී, වෛද්‍ය විද්‍යාව හැදෑරීමෙහි විකල්ප අභිලාෂයක් ඇය වෙත ඇති ව තිබූ අතර මෙම අපේක්ෂාව එ කල පැවැති සංස්කෘතික නියාමයන් අනුව වඩාත් අසාමාන්‍ය එකක් ලෙසින් සැලකිණි.<ref>Kramer 32–33; Trabalzini 7–8</ref>
[[ගොනුව:Mont1Мария Монтесори.jpg|thumb|right|170px|සාම්ප්‍රදායික ගවුමකින් සැරසුනු මරීයා මොන්ටසෝරි.]]
 
[[ගොනුව: Maria Montessori Grave.JPG|thumb|left|250п|නෙදර්ලන්තයේ නෝර්ඩ්වයික් හී පිහිටි මරීයා මොන්ටසෝරිගේ සොහොන]]
"https://si.wikipedia.org/wiki/මරීයා_මොන්ටසෝරි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි