"බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
129 පේළිය:
නිකාය භේදය හටගත්තේ ස්ථිවර හා මහාසාංඝික යන කොටස් දෙක අතරය. මෙම දෙපාර්ශවයේම ජනශ්‍රැති එකිනෙකට වෙනස් අදහස් දක්වයි. ථේරවාදි ග්‍රන්ථයන් වන දීප වංශයට අනුව දෙවන ධර්ම සංඝායනාවේ ඇති වූ මතභේදයේ දී පරාජයට පත් වූ පිල විරෝධය දැක්වීමක් වශයෙන් වෙන්ව ගොස් මහා සාංඝික ලෙස නිකායන් පිහිටුවා ගත් බවයි. උතුරු පරම්පරාවක් වන සරස්වතිවාද හා පුග්ගලවාද (අතීත ස්ථිවිර කොටසින් බෙදුනු කොටස්) නිකායට අනුව මෙම භේදය රහතන් වහන්සේලාගේ තත්වය පහළ බැසීමට හේතු වූ කරුණු 5 න් එකකි. ස්ථිවිර කොටස් තුළින් සම්ප්‍රදායන් කිහිපයක් හටගත් අතර ථේරවාදි සම්ප්‍රදාය ඉන් එකකි. මුල් යුගයේදී මෙම මතවාද විනය නිසා හටගත් අතර විවිධ සම්ප්‍රදායන් අනුගමනය කරන භික්ෂුන් වහන්සේලා එකම ආරාමයේ සමගිව විසුහ. නමුත් ක්‍රි.ව. 100 දී පමණ ආගමික කරුණු මුල් කරගෙන මතභේද හටගැනීම ආරම්භ විය.
 
ටිබෙට් දුල්වා ග්‍රන්ථයන්හි සංගායනාව සඳහා පාදක වූ වෙනස්ම හේතුවක් දැක්වේ. “සැරියුත් හිමියන්ගේ පරිනිර්වාණයෙන් සංවේගයට පත් මහරහතන් වහන්සේලා අසූදාහක් පිරිනිවන් පෑහ. මුගලන් හිමියන්ගේ පරිනිර්වාණයෙන් සංවේගයට පත් මහරහතන් වහන්සේලා සැත්තැදහසක් පිරිනිවන් පෑහ. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව සංවේගයට පත් මහරහතන් වහන්සේලා එක්ලක්ෂි අසූදහසක් පිරිනිවන් පෑහ. එහෙයින් මහජනයාගෙන් එල්ලවන චෝදනාවන්ගෙන් මිදීම පිණිස ධර්මය සහ විනය සංගායනා කළහ.” යනුවෙන් එහි සඳහන් වේ. මේ හා සමාන ප්ර කාශයක් මහා වස්තුවේද හමු වේ. එහි සඳහන් වන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මහරහතන් වහන්සේලා පන්සීයක් පිරිනිවන් පෑ බවත් ඒ නිසා සංගායනාව සිදු කළ බවත්ය.
මෙම සියලු කාරනා පිරික්සා බැලීමේදී පැහැදිලි වන කරුණ නම් බුදු දහමේ සුරක්ෂිතභාවය උදෙසා ධර්ම සංගායනාවක අවශ්යැතාව බුද්ධ කාලයේ සිටම පැවති බවයි. එය බුද්ධ පරිනිර්වාණයෙන් පසුව අත්යමවශ්යඅ කරුණක් විය. මේ සඳහා සුභද්රද නම් මහලු භික්ෂුවගේ වචනය ප්රසබලම හේතුවක් වූ අතර විසිරී තිබූ ධර්මය එක්රැස් කිරීමටත්, ධර්මය හා විනය සම්බන්ධව පැවති ගැටළු නිරාකරණය කිරීමටත් ඇති වූ උවමනාව ධර්ම සංගායනාවක් කිරීම සඳහා හේතු විය. එමෙන්ම බුදුන් වහන්සේගේ ඇවෑමෙන් ධර්මය සහ විනය ගුරු තනතුරෙහි තබා ගන්නා ලෙස කළ අවවාදයත්, ධර්මය සංගායනා කිරීමේ වැදගත්කම සඳහන් වන දේශනාත් ප්රනථම සංගායනාව සඳහා පාදක විය. එහෙයින් පාවචනය අතීතසත්ථුක නොවන පරිදි දෙව්මිනිසුන්ගේ හිත සුව පිණිස, ශාසන චිරස්තිථිය සඳහා මහතෙරුන් වහන්සේලා විසින් ප්රනථම ධර්ම සංගායනාව සිදු කරන ලදී. ඒ අනුව යමින් ස්ථවිරයන් වහන්සේලා විසින් සංගායනාත්රියක් සිදු කළ බැව් ශාසන ඉතිහාසය තුළින් ප්රිකට වේ.
 
==යොමුව==
"https://si.wikipedia.org/wiki/බුදු_දහම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි