"කලාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 101.2.182.44 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Legobot ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්...
No edit summary
1 පේළිය:
[[File:Art-portrait-collage 2.jpg|thumb|upright=1.5|ඉහළ වමේ සිට දක්ෂිණාවර්තව: a [[self-portrait]] by [[Vincent van Gogh]]; a female ancestor figure by a [[Chokwe people|Chokwe]] artist; detail from the ''[[The Birth of Venus (Botticelli)|Birth of Venus]]'' by [[Sandro Botticelli]]; සහ ජපන් Shisa සිංහයෙකු.]]
කලාව යනු සංවේදනා හෝ මනෝභාව ආමන්ත්‍රණය කෙරෙන පරිදි මූලිකාංග දැනුවත් ව පිළිවෙලකට සකස් කිරීමේ ක්‍රියාවලිය යි, නැතහොත් එම ක්‍රියාවලියේ ඵලය යි. සාහිත්‍යය හා සංගීතය ද ඇතුළු ව පුළුල් පරාසයක පැතිර ගිය මානව ක්‍රියාකාරකම්, නිර්මාණ හා ප්‍රකාශන මාධ්‍ය ගණනාවක් මෙයට ඇතුළත් වේ. සෞන්දර්යවේදය නමින් හැඳින්වෙන දර්ශනවාදයේ ශාඛාව තුළ කලාවේ අර්ථය ගවේෂණය කරනු ලැබේ.
 
'''කලාව''' යනු සංවේදනා හෝ මනෝභාව ආමන්ත්‍රණය කෙරෙන පරිදි මූලිකාංග දැනුවත් ව පිළිවෙලකට සකස් කිරීමේ ක්‍රියාවලිය යි, නැතහොත් එම ක්‍රියාවලියේ ඵලය යි. සාහිත්‍යය හා සංගීතය ද ඇතුළු ව පුළුල් පරාසයක පැතිර ගිය මානව ක්‍රියාකාරකම්, නිර්මාණ හා ප්‍රකාශන මාධ්‍ය ගණනාවක් මෙයට ඇතුළත් වේ. සෞන්දර්යවේදය නමින් හැඳින්වෙන දර්ශනවාදයේ ශාඛාව තුළ කලාවේ අර්ථය ගවේෂණය කරනු ලැබේ.
 
කලාව නිර්වචනය කිරීම හා විනිශ්චය කිරීම 20 වැනි සියවසේ මුල් භාගයේ පටන් විශේෂයෙන් ප්‍රශ්නකාරී දෙයක් බවට පත් ව තිබේ. රිචර්ඩ් වොල්හයිම් මේ හා සම්බන්ධ ප්‍රවේශයන් තුනක් හඳුනා ගනියි : සෞන්දර්යාත්මක ගුණය මානව දෘෂ්ටියෙන් ස්වාධීන වූ පරම අගයක් හැටියට සලකන [[යථාර්ථවාදය|යථාර්ථවාදී]] ප්‍රවිෂ්ටය; සෞන්දර්යාත්මක ගුණය පරම අගයකින් යුක්ත වන නමුත් සාමාන්‍ය මානව අනුභූතිය මත රඳා පවත්නා බව පිළිගැනෙන [[වෛෂයිකවාදය|වෛෂයිකවාදී]] ප්‍රවිෂ්ටය; සෞන්දර්ය ගුණය පරම අගයක් හැටියට නොගන්නා, ඒ වෙනුවට එය විවිධ මනුෂ්‍යයන්ගේ මානව අනුභූතීන් මත රඳා පවතින අතර ඒවා සමග විපර්යාසයට ද ලක්වෙතියි පවසන [[සෞන්දර්යය පිළිබඳ සාපේක්ෂතාවාදය|සාපේක්ෂතාවාදී]] [[ආස්ථානය]].<ref>Wollheim 1980, op. cit. Essay VI. pp. 231-39.</ref> කිසියම් වස්තුවක් එහි දෘශ්‍යමාන කාර්යය කුමක් හෝ වේවා එහි අරමුණ හෝ එවැන්නක් නොමැතිකම, එහි නිර්මාපකයා ආදී පදනම් මත ගුණාංගීකරණය කිරීමට පුළුවන. පෙනෙන පරිදි කිසියම් ද්‍රවයක් දරා සිටින උපකරණයක් හැටියට භාවිත කළ හැකි වුවත් කෝප්පයක් හුදෙක් සැරසිල්ලක් ලෙසින් භාවිතයට ගන්නේ නම් එය කලා කෘතියක් වශයෙන් ද සැලකීමට හැකියාවක් තිබේ. ඒ අතර ම චිත්‍රයක් මහාපරිමාණ ප්‍රතිනිෂ්පාදනයට ලක් වන්නේ නම් එය හුදෙක් ශිල්පයක් වශයෙන් හැඳින්වීමට ද ඉඩ තිබේ.
"https://si.wikipedia.org/wiki/කලාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි