"චාල්ස් ඩිකන්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
44 පේළිය:
''' චාල්ස් ජෝන් හෆම් ඩිකන්ස්''' (7 පෙබරවාරි 1812 – 9 ජූනි 1870) යනු ඉංග්‍රීසි නවකතා කතුවරයෙකු වූ අතර, [[වික්ටෝරියානු යුගය|වික්ටෝරියානු යුගයේ]] ශ්‍රේෂ්ඨතමයා ලෙස සාමාන්‍යයෙන් සැලකෙයි. පෙර සිටි කිසිම ගත් කතුවරයෙකු අත්නොවිඳි පුළුල් ජනප්‍රියත්වයක් සහ ප්‍රසිද්ධියක් ඔහුගේ ජීවිත කාලය තුලදීම ඩිකන්ස් බුක්ති විඳි අතර ඔහු වර්තමානයේදී තවමත් ජනප්‍රිය ලෙසින් සිටින්නේ ඉංග්‍රීසි සාහිත්‍යයෙහි බොහෝ නිරූපක නවකතා සහ චරිත සඳහා දායකත්වය සැපයූ හේතුවෙනි. <ref>[http://web.archive.org/web/20070527073856/http://www.iht.com/articles/2007/05/23/news/23web-dickens.php "වික්ටෝරියන් ස්ක්වාලර් ඇන්ඩ් හයි-ටෙක් ගැජට්රි: ඩිකන්ස් වර්ල්ඩ් ටු ඕපන් ඉන් ඉංග්ලන්ඩ් "], ''ද නිව්යෝර්ක් ටයිම්ස්'', 23 මැයි 2007.</ref>
 
ඔහුගේ බොහෝ ලියවිලි මුලින්ම ප්‍රකාශයට පත්වුනේ [[අනුක්‍රමික (සාහිත්‍යය)|අනුක්‍රමික ලෙසින්]], මසකට එක් කාණ්ඩයක් බැගින් වන අතර, ප්‍රකාශයට පත් කිරීමේ මෙම ඌරුව ඩිකන්ස් නිසාම ජන්ප්‍රිය වූවකි. අනුක්‍රමික ලෙසින් ප්‍රකාශයට පත් කිරීම ඇරඹීමටත් කලින්ම නවකතා ලිවීම නිම කල සමහරක් ගත් කතුවරුන් මෙන් වොව, ඩිකන්ස් බොහෝ විට කතාංග නිමැවූයේ ඒවා කොටස් වශයෙන් පල වෙන අතරතුරදීමය. මෙම ප්‍රගුණනය විසින් ඔහුගේ කථාන්තරයන්ට කිසියම් රිද්මයක් හිමි කර දුන් අතර, [[ත්‍රාසය-දනවන අවසානය| ත්‍රාසය-දනවන අවසානයකින්]] අවසානකෙළවර කර, ඊළඟ කොටස තෙක් මහජනතාව පුල පුලා බලාසිටීමට සලස්වන ලදි.<ref>ස්ටෝන්, හැරී. ''ඩිකන්ස් වර්කිං නෝට්ස් ෆො හිස් නවල්ස්''. චිකාගෝ, 1987.</ref> ඔහුගේ නවකතා සහ කෙටිකතා සඳහා පැවති අඛණ්ඩ ජනප්‍රියතාවය නිසා ඒවා කිසි විටෙක [[මුද්‍රණයේ-නොමැති පොත | මුද්‍රණයේ-නොමැති]] නොවීය.<ref name=AHP>ස්විෆ්ට්, සයිමන්. [http://www.guardian.co.uk/books/2007/apr/18/classics.travelnews "වට් ද ඩිකන්ස්?"], ''ද ගාර්ඩියන්'', 18 අප්‍රේල් 2007.</ref>
 
==සටහන්==
"https://si.wikipedia.org/wiki/චාල්ස්_ඩිකන්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි