"ඇඩොල්ෆ් හිට්ලර්" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු (Reverted 1 edit by 103.247.48.170 (talk) to last revision by Lee. (TW))
 
 
 
ඇඩොල්ෆ් හිට්ලර් උපත ලැබුවේ 1889 අප්‍රේල් මස 20 වන දා ය. ඔස්ට්‍රියාව හා ජර්මනිය අතර පිහිටි කුඩා ගම්මානයක් වූ බ්‍රෝනාවූ ඔහුගේ උපන් ගම විය. 52 හැවිරිදි ඔස්ට්‍රියානු රේගු නිලධරයකු වූ ඇලෝයිස් ශිකල්ගෲබර් හිට්ලර් ගේ පියා වූයේ ය. ඔහුගේ මව ඒ වනවිට වයස විසි ගණනක් වූ ක්ලේරා පෝල්සල් නම් ගැමි කාන්තාවක වූවා ය.
 
ඇලෝයිස් ගේ දිවිය එතරම් ප්‍රසන්න වූවක් නොවී ය. ඔහුගේ පළමු බිරිය වූ ඇනා ග්ලසල් රෝගී ව සිට මිය ගියා ය. ඉන්පසු ඔහු විවාහ වූයේ ඒ වනවිටත් ඔහුට දාව දරුවකු ලබා සිටි ෆ්‍රන්සිස්කා මත්සෙල්බර්ගර් සමඟ ය. ඇය ද ක්ෂය රෝගය වැළඳී මිය ගියා ය. ඉන් පසු සිය නෑනා වූ, ඔහුට වඩා විසිතුන් වසරක් බාල ක්ලේරා පෝල්සල් හා විවාහ විය. ඇඩොල්ෆ් හිට්ලර් ගේ ද මව වූ ඇය ඇලොයිස්ට දාව දරුවන් පස් දෙනෙකු ම බිහි කළා ය.
නිර්නාමික පරිශීලක
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/330358" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි