නිර්නාමික පරිශීලක
→වැළක්වීම
==වැළක්වීම==
පළමු ආකරයේ දියවැඩියාව (type 1 diabetes) වැළක්වීමේ ක්‍රමයක් හඳුනාගෙන නොමැත. දෙවන ආකාරයේ දියවැඩියාව (Type 2 diabetes) බොහෝ විට සාමාන්‍ය දේහ බර පවත්වා ගැනීම, කායික ව්‍යායාම සහ සෞක්‍යමය ආහාර වේල් ලබා ගැනීම මගින් වළක්වා ගත හැකි වේ. ආහාර වේලේ සිදු කරන වෙනස්කම් දියවැඩියාව වළක්වා ගැනීමෙහි ලා බෙහෙවින් ඵලදායක වනු ඇත. පූර්ණ (නිවුඩ්ඩ ඉවත් නොකරන ලද) ධාන්‍ය සහ තන්තු; ඇට වර්ග, එළවලු තෙල් සහ මාළු ආදියේ ඇති ඇති අසන්තෘප්ත මේදය වැනි සුදුසු මේද යනාදිය ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ. සීනිමය ආහාර හැකිතාක් පාලනය කිරීම සහ රතු මස් ආදී සංතෘප්ත මේද අඩංගු ආහාර අඩු කිරීම ද දියවැඩියාව වළක්වා ගැනීමෙහි ලා ඉවහල් වනු ඇත. ක්‍රියාකාරී දුම් පානය ද දියවැඩියාව ඇති කිරීමේ වැඩි අවධානමක් සහිත සාධකයක් වෙයි. එහෙයින් දුම්පානයෙන් වැළකීම ද දියවැඩියාව වළක්වා ගැනීමට වැදගත් වෙයි.
== ආශ්‍රිත ==
|