"ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
'''ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව''' [[ශ්‍රී ලංකාව]] නමැති ස්වෛරීය රාජ්‍යයෙහි [[ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව]]යි. 1978 සැප්තැම්බර 7 වන දිනදී [[ජාතික රාජ්‍ය සභාව]] විසින් එය ප්‍රඥාපනය කරණලදී. මෙය ජනරජයක් වූ ශ්‍රී ලංකාවේ දෙවන ව්‍යවස්ථාව වන අතර, ලංකාව නමින් 1948 දී බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීමෙන් පසුව එහි තුන්වන ව්‍යවස්ථාව වෙයි . 2010 සැප්තැම්බර වන විට එය 18 වතාවක් විධිමත් ලෙසින් සංශෝධනය කොට ඇත.
 
==ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ඉතිහාසය ==
හයෙන්-පහක බලයක් සහිතව [[එක්සත් ජාතික පක්ෂය]] (එජාප) 1977 ජූලි මසදී බලයට පත්වූ විට, 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දෙවන සංශෝධනය 1977 ඔක්තොම්බර් 4 දිනදී සම්මත කර ගන්නා ලද්දේ [[විධායක ජනාධිපති |විධායක ජනාධිපති ධූරයක්]] පිහිටුවීමට වන අතර, එය යටතේ (එකල [[අග්‍රාමාත්‍යවරයා]]) [[ජූනියස් රිචඩ් ජයවර්ධන|ජේ. ආර්. ජයවර්ධන]] 1978 පෙබරවාරි 4 දිනදී පළමු විධායක ජනාධිපතිවරයා බවට පත් විය. 1977 මහා මැතිවරණයට පෙර එජාප විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා මහජන වරමක් පැතීය. ඒ අනුව [[තේරීම් කමිටුව|තේරීම් කමිටුවක්]] පත් කෙරුණේ පවත්නා ව්‍යවස්ථාව සංශෝධනය කල හැකි අයුරු විමසා බැලීමටය.
 
1978 සැප්තැම්බර 7 දිනදී ප්‍රඥාපනය කරන ලද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින්, [[ඒක-මණ්ඩල භාවය|ඒක-මණ්ඩල]] පාර්ලිමේන්තුවක් සහ විධායක ජනාධිපති තනතුරක් ලබා දුනි. ජනාධිපතිවරයාගේ ධූර කාලසීමාව සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය වන දෙකම වසර හයක් බවට නියම කෙරිණි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තු මැතිවරණ සඳහා බහු-මන්ත්‍රී [[සමානුපාතික නියෝජන]] ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබූ අතර, ඒ අනුව පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 196 දෙනෙකුගෙන් (පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ දහහතරවන සංශෝධනයට අනුව එය 225 දක්වා වැඩි කෙරිණි) සමන්විත විය යුතු විය.