"සෝවියට්වරුන්ගේ පෝලන්ත ආක්‍රමණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
18 පේළිය:
'''සෝවියට්වරුන්ගේ පෝලන්ත ආක්‍රමණය''' යනු, විධිමත් [[යුද්ධ ප්‍රකාශ කිරීම| යුද්ධ ප්‍රකාශ කිරීමකින්]] තොරව, 1939 සැප්තැම්බර් 17 දිනදී ඇරඹුනු, [[සෝවියට් සංගමය |සෝවියට්]] හමුදාමය මෙහෙයුමකි. බටහිර දිශාවෙන් [[නාසි ජර්මනිය]] විසින් [[පෝලන්තය ආක්‍රමණය කිරීම (1939)|පෝලන්තය ආක්‍රමණය කිරීමෙන්]] දින දහසයකට පසුව, එම දිනයේදී, සෝවියට් සංගමය විසින් එලෙසින්ම නැගෙනහිර දිශාවෙන් ආක්‍රමණය කරන ලදි. ජර්මනිය සහ සෝවියට් සංගමය විසින් සම්පූර්ණ [[දෙවන පෝලන්ත ජනරජය| පෝලන්තය]] දෙකොටසකට බෙදා වෙන් කොට ඈඳාගැනීම හා සමගම 1939 ඔක්තොම්බර් 6 දිනදී ආක්‍රමණය අවසන් විය.<ref name="Gross 17-18"/>
 
නාසි ජර්මනියට එරෙහිව එක්සත් රාජධානිය, ප්‍රංශය, පෝලන්තය සහ, [[රුමේනියානු රාජධානිය |රුමේකියාව]] හා සමග යුද උපායශීලි සන්ධානයකට එළඹීමේ සාකච්ඡාවන්හී නිරතවීම, 1939 මුල් අවධියෙහිදී සෝවියට් සංගමය විසින් අරඹන ලදි. [[සාමුහික ආරක්ෂාව|සාමුහික ආරක්ෂා]] එකඟතාවක කොටසක් ලෙසින්, ඔවුන්ගේ භූමිප්‍රදේශ තුලින් සංක්‍රමණ අයිතිවාසිකම්, පෝලන්තය සහ රුමේනියාව විසින් සෝවියට් හමුදා ඛණ්ඩ වෙත ලබා දිය යුතු බවට, සෝවියට් සංගමය විසින් උදක්ම කියා සිටි විට, මෙම කතිකාවන් බිඳ වැටුණි.<ref name="Watson 713"/> ඉහත කොන්දේසි නිෂ්ප්‍රභා කෙරුණු අතර, මේ නිසා, නාසි ජර්මනිය හා සමගින් [[මෝල්ටොෆ්–රිබෙන්ට්‍රොෆ් ගිවිසුම]] පිළිබඳ අනුසරණයෙහි යෙදීමට ස්වාධිකාරියක් සෝවියට් සංගමය වෙත ලැබුණු අතර, එම ගිවිසුම 1939 අගෝස්තු 23 දිනදී අත්සන් තැබිණි. යුද්ධ තත්ත්වයක් යටතේ, උතුරු සහ නැගෙනහිර යුරෝපය, ජර්මානු සහ සෝවියට් බල ඉම් ගෝල වෙත වෙන්කිරීම සිදු කරන බවට රහස් නියමාවලියන්, මෙම [[ආක්‍රමණය-නොකිරීමේ ගිවිසුම]] තුල ගැබ්වී තිබුණි.<ref name="Watson 695-722"/> මෝල්ටොෆ්–රිබෙන්ට්‍රොෆ් ගිවිසුම අත්සන් කොට සතියක් ගතවත්ම, ජර්මානු හමුදාවන් විසින්, බටහිරින්, උතුරින් සහ දකුණින් පෝලන්තය ආක්‍රමණය කරන ලදි. පෝලන්ත හමුදා ක්‍රමයෙන් [[බටහිර සැලැස්ම |ගිණිකොණ දෙසට පසුබැස්ස අතර]] එහිදී ඔවුන් සූදානම් වූයේ [[රුමේනියානු පිවිසුම් රැකපොළ]] ආරක්ෂා කර ගැනීමේ දිගුකාලීන මෙහෙයුමකට වූ අතර, ඔවුන් බලාපොරොත්තු වූ ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය සහාය සහ අතිරේක බලඇණි ගැන අපේක්ෂාවෙන් සිටියහ. 1939 සැප්තැම්බර් 17 දිනදී සෝවියට් [[රතු හමුදාව]] විසින් [[ක්‍රෙසි]] ප්‍රදේශ ආක්‍රමණය කලේ රහස් නියමාවලී පරිදීය.<ref name="Kitchen 74"/>{{#tag:ref| [[වෝර්සෝ]] නගරය ජර්මානුවන් අතට පත් වන තුරු අරගලයට මැදිහත්වීමට සෝවියට් සංගමය අදිමදි කලේය.<ref name="Davies96 440"/> <ref name="Davies96 440"/> පෝලන්තය ආක්‍රමණය කිරීමේ තීරණය ජර්මානු තානාපති [[ෆ්‍රීඩ්රිච් වෙයානර් ෆොන් ඩෙයා ෂූලෙන්බෝර්ග්]] වෙත සැප්තැම්බර් 9 දිනදී දන්වා සිටීමෙන් සතියකට වඩා කාලයක් ඉක්මවන තුරු, සැබෑ ප්‍රහාරය දියත් කිරීම පමා කෙරිණි. ගිවිසුම පරිදී නියමිතවූ සෝවියට් බල ඉම් ගෝලය කොටස් කර ගනු ලද්දේ උපායශීලි මෙහෙයුම් තුලිනි.<ref name="Roberts 74"/>|group="Note"}} එදිරිවාදිකම් ඇරඹෙත්ම, ඩුබනෝ, ඌත්ස්ක් සහ වෝජීනියස් වොවින්ස්කි ඇතුළු පෝලන්ත නගර කිහිපයක් විසින් රතු හමුදාවන්ට සාමාකාමී ලෙසින් ඇතුළු වීමට ඉඩ හරින ලද්දේ, ඔවුන් පැමිණ ඇත්තේ ජර්මානුවන් හා සටන් කිරීමට බව ඒත්තු ගොස් සිටි බැවිනි. පෝලන්ත යුද්ධ හමුදාවේ ජනරාල් [[ජූලියුස් රොමෙල්]] විසින් අනවසර අධිකාරියක් නිකුත් කරමින් අණ කර සිටියේ ඔවුන් මිත්‍ර පාක්ෂිකයන් ලෙසින් සලකන ලෙසටයි; එහි වරද අවබෝධ කර ගන්නා විට අතිශයින් පමා වී තිබුණි.
 
==ආශ්‍රිත==