"ප්ලේටෝ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
→‎සංකල්පවාදය: සොක්‍රටීස් ගේ විස්තර ඉවත්කිරීම, සබැදි
100 පේළිය:
මෙය, සත්‍ය නම් දාර්ශනිකයකු නිර්මාණ කරන්නේ කුමකින් ද, යන්න හා "දර්ශනය" යන්නෙන් කුමක්‌ අදහස්‌ වේද යන්න තීරණය කිරීම වැදගත්ය. මින් පැන නගින සාකච්ඡාව REPUBLIC හි ප්‍රකට කොටසය. ඇතැම් විට ඉතා වැදගත් වූයේ ද එය යි. එහි කොටස්‌ වල අති විශේෂ සාහිත්‍යමය සෞන්දර්යයක්‌ ඇත්තේය.
 
ප්ලේටෝ ගේ දර්ශනය ර`දාරඳා පවතින්නේ [[දර්ශනවාදයේ ගැටලු|තථ්‍යතාව හා ප්‍රතිහාසය]] (APPEARANCE) අතර ඇති වෙනස මතය ය. මෙය ප්‍රථම කොට ඉදිරිපත් කෙළේ පාමිනයිඩීස්‌ ය.
 
ප්ලේටෝ ගේ සංකල්ප සිද්ධාන්තය සාරාංශ වශයෙන් පහත දැක්‌වෙන ඡේද වලින් පැහැදිලි වේ.
108 පේළිය:
ප්ලේටෝ ගේ සිද්ධාන්තයෙහි ඔහුගේ පූර්වගතයෙන් සම්බන්ධ නැති ඉතා වැදගත් කරුණක්‌ වේ. එනම් "සංකල්ප". නොහොත් ආකෘති (ප්‍රඥප්ති) වාදය යි. මෙම සිද්ධාන්තය අර්ධ වශයෙන් තර්කානුසාරී හා අඩ වශයෙන් අධ්‍යාත්මික ද වේ. තර්කානුසාරී පක්‍ෂය සාමාන්‍ය වචනයන් හි වචනවල අර්ථය සම්බන්ධයෙන් සළකා බලයි.
 
,REPUBLIC, හි අවසාන කාණ්‌ඩයෙහි සිත්තරුන් හෙළා දැකීමක්‌ අරභයා ප්‍රස්‌තාවතාවක්‌ වශයෙන් සංකල්ප හෙවත් ආකෘතියෙහි පැහැදිලි විදහා දැක්‌වීමක්‌ විද්‍යාමානය. පුද්ගලයන් සංඛ්‍යාවකට එක පොදු නමක්‌ ඇති කල්හි පොදු -සංකල්පයක්‌. හෙවත් "ආකෘතියක්‌" ද ඔවුනට ඇතැයි ප්ලේටෝ මෙහි දී පැහැදිලි කර දක්‌වයි. නිදසුනක්‌ වශයෙන් බොහෝ ඇ`දන්ඇඳන් තිබෙන නමුත්, ඇ`දන්ඇඳන් පිළිබ`දපිළිබඳ සංකල්ප හෙවත් ආකෘති ඇත්තේ එකකි. කැඩපතකින් දිස්‌වෙන ඇ`දක්‌ඇඳක්‌ ප්‍රතිබිම්බය "[[අර්ථය|'''තථ්‍ය''']]" නොව හුදෙක්‌ සමාන වූවක්‌ වනුයේ යම්සේද, එසේ ම විවිධ විශේෂ ඇ`දවල්ඇඳවල් අතථ්‍යය.
 
රිපබ්ලික්‌ (republic) හි හය වැනි හා හත් වැනි කාණ්‌ඩයන් හි ප්ලේටෝ ප්‍රශ්න දෙකක්‌ ගැන සිත යොමා ඇත. පළමුවැන්න, දර්ශනය නම් කුමක්‌ද යන්නයි. දෙවැන්න, සුදුසු ප්‍රකෘති මානසික ස්‌වභාව සහිත තරුණ පුරුෂයෙකු ට හෝ ස්‌ත්‍රියකට දාර්ශනිකයකු බවට පත් වන පරිදි උගැන්විය හැක්‌කේ කෙසේද යන්නයි.
114 පේළිය:
ප්ලේටෝ දර්ශනය සැලකූයේ එක්‌ ආකාරයක දෘෂ්ටියක්‌ වශයෙනි. එනම් සත්‍යයේ දෘෂ්ටිය. වශයෙනි. එය වූ කලී ප්‍රඥවට ඇති ප්‍රේමය යි. ප්ලේටෝ REPUBLIC කෘතිය ලියන කල්හි තමා සම්පූර්ණයෙන් ම විශ්වාසය කළ දෘෂ්ටියේ ස්‌වභාව අන්‍යයනට වටහා දීම උදෙසා දෘෂ්ටාන්තයක්‌ එනම්, [[ගුහාවේ දෘෂ්ටාන්තය|'''ගුහාවේ දෘෂ්ටාන්තයේ''']] ආධාරය අවශ්‍ය විය. එහෙත්, ඔහු එයට බසිනුයේ, සංකල්ප ලෝකයේ අවශ්‍යතාව දැකීමට පාඨකයන් යොමු කරවීමේ පරමාර්ථයෙන් කරන ලද විවිධ ප්‍රාරම්භ සාකච්ඡා වලින් පසුව ය.
 
ප්‍රථම කොට බුද්ධිය පිළිබ`දපිළිබඳ වූ ලෝකය ඉන්ද්‍රීය ප්‍රතිබද්ධ ලෝකයෙන් වෙනස්‌ කෙරේ. ඉක්‌බිති බුද්ධිය හා ඉන්ද්‍රීය සංජානනය එක එකක්‌ දෙවදෑරුම් කොට බෙදනු ලැබේ.
 
ප්ලේටෝ ගේ දර්ශනයෙහි, යහපතට ඇත්තේ විශේෂ තත්ත්වයකි. විද්‍යාව හා සත්‍යය යහපත බ`දුයබඳුය. එහෙත්, වඩා උසස්‌ තැනක්‌ යහපතට අයත් යෑයියැයි ඔහු කියයි. යහපත සාරය නොවේ. ගුණFවයගුණය හා බලය අතින් එය අතිශයින්ම සාරය ඉක්‌මවා සිටී. අපෝහකය, පරම යහපතේ සංජානයෙන් බුද්ධි විෂයක ලෝකයේ කෙළවර කරා ම`ග පෙන්වයි. ගණිත විද්‍යාඥයාගේ උපන්‍යාසය බැහැර කිරීමට අපෝහකයට පිළිවන් වූයේ යහපත මගිනි.
 
ප්ලේටෝ ගේ සංකල්ප සිද්ධාන්තයෙහි පැහැදිලි ලෙසම දෝෂ කිහිපයක්‌ අන්තර්ගත ය. එහෙත් මේ කෙසේ වෙතත් දර්ශනයෙදර්ශනයේ ඉතා වැදගත් ඉදිරි ගමනක්‌ ඉන් ප්‍රකාශ වේ. එය එසේ වනුයේ විවිධ ආකෘතිවලින් අද දක්‌වා ම නොනැසී පවත්නා [[සාමාන්‍යයන් පිළිබ`දපිළිබද ගැටලුව|'''සාමාන්‍යයන් පිළිබඳ ගැටලුව''']] අවධාරණයෙන් පවසන ප්‍රථම සිද්ධාන්තය එය බැවිනි.
 
=== ප්ලේටෝ ගේ අමරණීයවාදය ===
µSඩෝ (PHEADO) ගේ නමින් හ`දුන්වනු ලබන සංවාදය, කිහිප ආකාරයකින් සිත් ගන්නා සුළුය. එහි අභිප්‍රාය වශයෙන් ඇත්තේ සොක්‍රටීස්‌ ගේ ජීවිතයෙහි අවසාන මොහොත විස්‌තර කිරීමය. එ නම්, හෙම්ලොක්‌ විෂ බඳුන පානයට මොහොතකට පෙර හා පසුව ඔහු ගේ සිහිය නැති වී ගිය මොහොත දක්‌වා ඔහු කළ කථාව ය. උපරිම ප්‍රමාණයට යහපත් හා ප්‍රඥාවන්ත වූ ද, මරණ බිය බිඳකුදු නැත්තා වූ ද, මිනිසකු පිළිබ`ද ප්ලේටෝ ගේ පරමාදර්ශය මෙයින් ඉදිරිපත් කෙරෙයි. ප්ලේටෝ ඉදිරිපත් කරන පරිදි මරණාභිමුඛ වූ සොක්‍රටීස්‌, අතීත වර්තමාන කාලදේවයෙහි ම ආචාර ධර්මානුකූලව වැදගත් ය. ක්‍රිස්‌තුස්‌ වහන්සේ දුක්‌ඛ ප්‍රාප්තිය (පාස්‌කුව) හා කුරුසයේ තබා ඇණ ගැසීම පිළිබ`ද සුභාරංචි විස්‌තරය කිතුණුවන්ට යම් සේ වී ද, PHEADO කෘතිය මිථ්‍ය දේවතාවුන් අදහන්නන්ට හා නිදහස්‌ මතධාරී දාර්ශනිකයන්ට ද එබඳු විය යි බර්ට්‍රන්ඩ් රසල් සාමිවරයා සිය කෘතිය මගින් පෙන්වා දෙයි.
 
එහෙත් සොක්‍රටීස්‌ ගේ අවසාන මොහොතේ දී ඔහු තුළ වූ අකර්මන්‍ය භාවය, අමරණීය භාවය පිළිබ`ද ඔහු ගේ විශ්වාසය හා බැ`දී පවතී. ප්‍රතිපත්ති මත ජීවිතය පරිත්‍යාග කළ තැනැත්තෙකු ගේ මරණය පමණක්‌ නොව, පසු කාලයේ දී ක්‍රිස්‌තියානි ඉගැන්වීම් බවට පත් වූ බොහෝ මත ද විස්‌තර කිරීම නිසා ඡ්‍යAEDධ වැදගත් ය. සාන්ත පාවු`ඵ තුමාගේ හා පියවරුන් ගේ දේව ධර්මය වැඩි වශයෙන් කෙළින්ම හෝ වක්‍ර ලෙසින් ඉන් ව්‍යqත්පන්නය. ප්ලේටෝ ගැන නො සලකා දැමුවහොත් එය තේරුම් ගත නොහැකිය.
 
ක්‍රි(පූර්ව 05 වැනි සියවසට අයත් (CRITO) නමැති සඥවාදයෙහි සොක්‍රටීස්‌ ගේ සමහර මිත්‍රයන් හා ශ්‍රාවකයන් ඔහුට තෙසලියකට පැන බේරී යැමට වැඩ පිළිවෙළක්‌ සකස්‌ කළ බව වාර්තා වී ඇත. ඇතැම් විට ඇතීනියානු අධිකාරීහු ඔහු (සොක්‍රටීස්‌) බේරී පලා ගියේ නම් අතිශයින් සතුටු වනු ඇත්තාහ.
 
යෝජිත වැඩපිළිවෙළවල් ද සාර්ථක වන්නට ඉඩ තිබුණු බව සිතිය හැකි ය. එහෙත් මේ කිසිවකට සොක්‍රටීස්‌ කැමැති නො වීය. තමාට නීතිය මගින් යථා ක්‍රමයෙන් ද`ඩුවම් නියම කර ඇති බවත්, ද`ඩුවම වළකා ලීමට නීති විරෝධී කිසිවක්‌ සිදු කිරීම වැරදි යයි කියාත්, ඔහු තර්ක කෙළේය. අප කන්ද උඩ දේශනාව. හා සම්බන්ධ කරන මූලධර්ම එ නම්, යමෙකුගෙන් කවර අයහපතක්‌ අපට සිදු වූව ද, අයහපතට අයහපතක්‌ කිරීමෙන් ඔහුගෙන් පළි නොගත යුතුය යන මූලධර්මය ප්‍රථම කොට දේශනා කෙළේ "සොක්‍රටීස්‌" යෑයි රසල් සාමිවරයා පවසයි. එහෙත් එයට අඩ සියවසකට පමණ පෙර දී ක්‍රි(පූර්ව 06 වැනි සියවසේ දී ගෞතම බුදුන් වහන්සේ විසින් වෛරයෙන් වෛරය නො සන් සිෙ`ද්, අවෛරයෙන් ම වෛරය සංසිෙ`ද්. යනුවෙන් පු`ඵල් හා වඩාත් අර්ථ සම්පන්න ලෙසට එම මූලධර්ම ලොව ප්‍රථම වරට දේශනා කළ බව මෙහි ලා සිහිපත් කිරීම වැදගත් ය.
 
PHAEDO හි අවසාන මොහොත ළ`ගා විය. ඔහු ගේ විලංගු ගලවාලනු ලැබේ. සිය මිතුරන් හා නිදහසේ කථා කිරීමට සොක්‍රටීස්‌ ට ඉඩ ලැබෙයි. හ`ඩා වැළපෙන තම බිරිය ගේ ශෝකය සාකච්ඡාවට බාධාවක්‌ ලෙසට සලකා ඇයව පිටත් කර හැරීමට ද සොක්‍රටීස්‌ පෙළඹෙයි.
 
ඉන් අනතුරුව සොක්‍රටීස්‌ සිය සාකච්ඡාව අරඹනුයේ දාර්ශනික අධ්‍යාත්මය සහිත ඕනෑම තැනැත්තකු මරණයට බය නොවනු ඇති අතර, අනික්‌ අතට මරණය ස්‌වාගත සේ සලකනු ඇත්තේ යෑයි අවධාරණය කරමිනි. එසේ ද වුවත් ඔහු තම පණ හානි කර නොගනී. එය නීති විරෝධී බවට පිළිගෙන ඇති හෙයින් එසේ නොකරයි. ආත්ම ඝාතනය නීති වීරෝධී සේ පිළිගනු ලබනුයේ මන්දැයි ඔහු ගේ මිත්‍රයෝ විමසති. මිනිසා හා දෙවියන් වහන්සේ අතර ඇති බන්ධුතාව, හෙතෙම ගවයන් හා හාම්පුතා අතර ඇති සබ`දතාවට උපමා කරයි. (ඔබේ ගවයා පිට පැන යැමට තරම් හිතුවක්‌කාර වී නම් ඔබ කෝප වනු ඇතැයි කියන ඔහු දෙවියන් වහන්සේ කැ`දවන්නා මෙන් උන්වහන්සේ කැ`දවන තෙක්‌ මිනිසෙකු තම ජීවිතය හානි කොට නො ගෙන නැවතී සිටිය යුතුය.) යි කීමෙහි හේතු තිබිය හැකි යයි ඔහු පවසයි.
 
මරණය නම් ආත්මයේ ශරීරය වෙන් වීම යයි සොක්‍රටීස්‌ කියයි. දර්ශනයෙහි හා විද්‍යාවෙහි ද එදිනෙදා ජනිත චින්තනයෙහි දී සුලබව ව්‍යවහාර මනස හා ද්‍රව්‍ය අතර ඇති වෙනස ආගමික ප්‍රභවයක්‌ ඇත්තකි. එය ආරම්භ වූයේ ආත්මය හා ශරීරය අතර වෙනස හැටියට යෑයි ද රසල් සාමිවරයා කියා සිටී.
 
==අවසන් කාලය==
"https://si.wikipedia.org/wiki/ප්ලේටෝ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි