"විකිපීඩියා:කෝපි කඩේ (තාක්ෂණික)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
811 පේළිය:
නවීන විද්‍යාව යන යෙදුම සයන්ස් යන ඉංග්‍රීසි යෙදුම සමග ගැලපේ යැයි නොසිතමි. සිංහල විකිපීඩියාවට නවක වන මම මෙහි ඇති නවීන විද්‍යාව ද්වාරය යනු විද්‍යාව යන විෂය පථය සදහා වූ ද්වාරය යැයි මොහොතකටවත් නො සිතුවෙමි. බොහෝ විට මට ඉන් හැගී ගියේ ක්වොන්ටම් විද්‍යාව වැනි නවීන '''භෞතික''' විද්‍යාව විෂයට අදාළ යමක් ලෙසය. පරිපාලකවරුන් දෙදෙනෙකුගේ කැමැත්තට සිංහල විකිපීඩියාවට සම්බන්ධ වන නවක පරිශීලකයන්හට වැරදි අවබෝධයක් ලබාදීම සුදුසු ද? මේ ගැන මත විමසුමක් නොකරන්නේ මන්ද? විද්‍යාව යන්නෙන් ආගමික සංකල්පයක් ගම්‍ය වන බව මතක් වන්නේ ද මෙවැනි ගැටළු පිළිබදව සාකච්ඡා කරන මෙවැනි කතාබහ වල දී පමණි. සයන්ස් යනු සිංහලෙන් විද්‍යාව බව එතරම්ම හොදින් අපේ මනසට තහවුරු වී තිබෙනවා නොවේද?
ඉහත '''රාජු''' විසින් දක්වා ඇති ගැටළු ද සලකා බලන විට මෙය සියලු සිංහල පරිශීලකයන් සමග කතාබහ කර සම්මතයකට එළඹීම සුදුසු යැයි සිතමි.<br />'''මගේ යෝජනාව -''' සයන්ස් යන්නට නවීන විද්‍යාව යන්න නොයොදා මෙසේ යෙදීම --විද්‍යාව(Science) --[[User:Thirsty|Thirsty]] ([[User talk:Thirsty|talk]]) 11:34, 19 ජනවාරි 2015 (යූටීසී)
 
== යූටීසී සහ UTC ==
 
සිංහල විකිපීඩියාවේ කාලමුද්‍රව තබන විට එහි අගින් වරහන් තුළ යෙදෙන ‘යූටීසි‘ යන්න එසේ සිංහල අකුරු වලින් යෙදීම නිවැරදි නොවන බව පෙන්වාදීමට කැමැත්තෙමි. ඇත්තෙන්ම එය එසේ යෙදෙන්නේ ඉංග්‍රීසි විකිපීඩියාවේ UTC යන්නෙහි පරිවර්තනයක් ලෙස විය හැක. නමුත් ඉංග්‍රීසියෙන් එය යෙදෙන විට එය කෙටි යෙදුමක් නිසා ඊට යම් තේරුමක් ඇත.(UTC යනු Coordinated Universal Time යන්නෙට යෙදෙන කෙටි යෙදුමයි) නමුත් එය සිංහල අකුරු වලින් ලියූ විට එය එවැනි කෙටි පදයක් යැයි අදහස් කරන්නේ කෙසේද? එය හරියට සිංහල කෙටි යෙදුමක් වන රා.සේ.පි යන්න Ra.Se.Pi ලෙස ලිවීමක් වැනිය. පරිපාලක අවධානයට---- --[[User:Thirsty|Thirsty]] ([[User talk:Thirsty|talk]]) 11:57, 19 ජනවාරි 2015 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:කෝපි_කඩේ_(තාක්ෂණික)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි