"අභ්‍යවකාශය" හි සංශෝධන අතර වෙනස්කම්

Reverted 1 edit by 61.245.163.122 (talk): Www.wijeya.lk/archives/3055 . Copied parts removed. (TW)
(Reverted 1 edit by 61.245.163.122 (talk): Www.wijeya.lk/archives/3055 . Copied parts removed. (TW))
 
==References==
1957 ඔක්තෝබර් 4 වැනිදා : ‘ස්පුට්නික් 1’ උඩුගුවනට
1957 ඔක්තෝබර් හතර වැනිදා තමයි චන්ද්‍රිකාවක් සාර්ථකව පෘථිවි කක්ෂයට යැවීමට සෝවියට් සමූහාණ්ඩුවට (රුසියාවට* හැකිවුණේ. පෘථිවි කක්ෂයකට යැවුණු එම ප‍්‍රථම චන්ද්‍රිකාව තමයි, ‘ස්පුට්නික් 1’. ‘ස්පුට්නික් 1’ චන්ද්‍රිකාව හතර වරක් ඇමෙරිකාවට ඉහළින් උඩුගුවනේ ගමන් කළා. මේ බව ඇමෙරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ පළ කළ ප‍්‍රධාන වාර්තාවෙන් කියැවුණා. මෙය යුදමය කටයුතුවලට යොදා ගැනීම මගින් ඇමෙරිකාවට අනාගතයේ තර්ජනයක් වනු ඇතැයි සැක පහළ කෙරුණා. ඒ නිසයි, නිරවි යුද සමයේදී ඇමෙරිකාව, රුසියාව එහෙම නැතිනම් සෝවියට් සමූහාණ්ඩුව සමග අභ්‍යවකාශ තරගයට මුල පිරුවේ.
1957 නොවැම්බර් 3 වැනිදා : අභ්‍යවකාශයට ගිය ’ලයිකා’
‘ලයිකා’ නම් බැල්ල තමයි මුලින්ම පෘථිවි කක්ෂයට ගියේ. පෘථිවි කක්ෂයකට ගිය මුල්ම සත්ත්වයා ලෙස ඉතිහාසයට එක්වී සිටින්නේ ද ලයිකායි. ලයිකා පෘථිවි කක්ෂයට යැව්වේ සෝවියට් දේශයයි. ලයිකාව පෘථිවි කක්ෂයට අරන් ගියේ ‘ස්පුට්නික් 2’ යානයෙන්. ඒ 1957 වසරේ නොවැම්බර් 3 වැනිදායි. මේ පෘථිවි කක්ෂයට ගිය ලයිකා උඩු බුරලමින් අවසන් හුස්ම හෙළුවා. මිනිසාට උඩු ගුවනට යාමට මඟ පාදා දුන්නේ ලයිකායි.
1958 ජූලි 29 වැනිදා : ‘නාසා’ ආයතනය ස්ථාපිත කෙරේ
ඇමෙරිකාවේ අභ්‍යවකාශ තරණය හා සම්බන්ධ සියලූ කටයුතු සිදු කෙරෙන්නේ ඇමෙරිකානු ‘ජාතික ගුවන් ගමන් හා අභ්‍යවකාශ පාලනය’ එනම් ‘නාසා’ ආයතනය මගිනුයි. නාසා ආයතනය පිහිටා තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර මධ්‍යම ෆ්ලොරීඩා ජනපදයේ බ්‍රෙවාඞ් ප‍්‍රාන්තයට අයත් ¥පතක මුහුදට නෙරා ඇති කැනැවරල් තුඩුවේයි. පෘථිවි චන්ද්‍රිකා, අභ්‍යවකාශ ගවේෂණ යානා, දුරේක්ෂ, අභ්‍යවකාශ ෂටල, රොකට්ටු ආදී සියලූම අභ්‍යවකාශ කටයුතු සිදුවන්නේ මෙම මධ්‍යස්ථානයෙනි. මීට අමතරව මිසයිල අත්හදා බැලීම් හා අති නවීන තාක්ෂණයෙන් නිර්මාණය කෙරෙන ඇමෙරිකා හමුදා ප‍්‍රහාරක යානා අත්හදා බැලීම් කෙරෙන්නේ ද නාසා ආයතනයේදීයි.
1961 අපේ‍්‍රල් 12 වැනිදා : යූරී ගගාරීන් අභ්‍යවකාශයට
නිරවි යුද සමයේ රොකට් හා චන්ද්‍රිකා තනන්න ඇමෙරිකා විද්‍යාඥයන් ලහිලහියේ සූදානම් වෙද්දී සෝවියට් සමූහාණ්ඩුව ජයග‍්‍රාහී ඉදිරි පියවරක් තබමින් ප‍්‍රථම වරට සාර්ථකව අජටාකාශගාමියකු ද අභ්‍යවකාශයට යැව්වා. ඒ අජටාකාශගාමියා තමයි, යූරි ගගාරින්. ඔහු එක් වරක් පෘථිවි කක්ෂයේ කැරකී නිරුපද්‍රිතව යළි පෘථිවියට ආවා.
1961 මැයි 25 වැනිදා : ‘ඇපලෝ’ ඇරැුඹේ
ඇමෙරිකා ජනාධිපති ජෝන් කෙනඩි ‘ඇපලෝ’ වැඩසටහන ආරම්භ කළා. දශකය අවසානය වීමට පෙර මිනිසකු සඳට යැවීමේ අරමුණ ඇතිවයි, ‘ඇපලෝ’ අභ්‍යවකාශ වැඩසටහන ඇරැුඹුණේ.
1961 මැයි 5 වැනිදා : ඇලන් ෂෙපර්ඞ්
ඇමෙරිකාවේ දේශපාලනය අභ්‍යවකාශ තරගය ගැන උනන්දු වීමත් සමඟ අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන සහ උද්යෝගය නොඅඩුව ලැබෙන්න වුණා. ජාතික ගුවන් සහ ගගන අධිකාරිය ඒ කියන්නේ අපි කවුරුත් හොඳින් දන්නා ‘නාසා’ ආයතනය සිකුරු ග‍්‍රහයාට මිනිසකු යැවීම ගැන කල්පනා කළා. ඒ සඳහා ගගනගාමීන් හත් දෙනකු සූදානම් කළා. ඒ අතරින් ගගනගාමී ඇලන් බී. ෂෙපර්ඞ් පෘථිවියේ අර්ධ කක්ෂ මෙහෙයුමකට යොදා ගත්තා. ඔහු ‘මර්කරි’ ගගන වැඩසටහන යටතේ ‘ෆී‍්‍රඩම් 7’ කැප්සියුලයෙන් මිනිත්තු 15 ක ගගන ගමනකට එක් වුණා. ඇමෙරිකාවෙන් අභ්‍යවකාශයට ගිය පළමු මිනිසා ඔහුයි.
1962 පෙබරවාරි 20 වැනිදා : ජෝන් ග්ලෙන් පෘථිවිය වටේ
ගගනගාමී ඇලන් බී. ෂෙපර්ඞ්ගේ අර්ධ කක්ෂ මෙහෙයුමෙන් මාස නවයකට පස්සේ 1962 පෙබරවාරි 20 වැනිදා පෘථිවි කක්ෂයේ තුන් වතාවක් කැරකුණා. ඔහු ගමන් කළේ ‘ෆ්‍රෙන්ඞ්ෂිප් 7’ කැප්සියුලයෙනුයි. ආපහු පෘථිවියට පැමිණෙද්දී ග්ලෙන් ලොකු අකරතැබ්බකට මුහුණ දුන්නා. ඔහුගේ යානයේ (ඒ කියන්නේ ෆ්‍රෙන්ඞ්ෂිප් 7 කැප්සියුලය* තාප ආරක්ෂක ආවරණය හානි වුණා. පෘථිවියට ආවට පස්සේ ග්ලෙන් ඔහුගේ ෆ්‍රෙන්ඞ්ෂිප් 7 ගගන කැප්සියුලය එවකට ඇමෙරිකාවේ ජනාධිපති මෙන්ම ඇමෙරිකාවේ ගගන මෙහෙයුම් දිරිමත් කළ ජනාධිපති ජෝන් ඇෆ්. කෙනඩිට පෙන්වන්නත් අමතක කළේ නැහැ.
1962 අගෝස්තු සහ නොවැම්බර් : සිකුරු සහ අඟහරු ගවේෂණය
ඇමෙරිකාව සිකුරු ග‍්‍රහලොව ගවේෂණයට මිනිසුන් රහිත ගවේෂණ යානයක් අගෝස්තු මාසයේ දී පිටත් කර හරිද්දී සෝවියට් දේශයත් නිකම් හිටියේ නැහැ. ඔවුන් අඟහරු ගවේෂණයට මිනිසුන් රහිත යානයක් පිටත් කර යැව්වා. ඒ නොවැම්බර් මාසයේදීයි.
1963 ජූනි 16 වැනිදා : අභ්‍යවකාශයට ගිය පළමු කාන්තාව
අභ්‍යවකාශයට ගිය ප‍්‍රථම කාන්තාව තමයි, සෝවියට් අජටාකාශගාමිණී වැලෙන්ටිනා තෙරස්කෝවා. අභ්‍යවකාශයට යන්න තෙරස්කෝවා තෝරා ගැනුණේ අයැදුම්කාරියන් 400 දෙනකු අතරිනුයි. ඇය උඩු ගුවනට ගියේ ‘වොස්ටොක් 6’ කැප්සියුලයෙන්.
1965 මාර්තු 18 වැනිදා : මුල් ගගන සක්මනේ යෙදුණු ඇලෙක්සි පියනෝෆ්
සෝවියට්වරුන් සහ ඇමෙරිකානුවන් අභ්‍යවකාශ සටන කරටකර කරගෙන යද්දී රුසියාව තවත් ජයග‍්‍රහණයක් හිමි කර ගත්තා. ‘වොස්කෝඞ් 2’ ගගන කැප්සියුලයෙන් අභ්‍යවකාශයට ගිය සෝවියට් අජටාකාශගාමී ඇලෙක්සි ලියනෝෆ්, ගගන කැප්සියුලයෙන් පිටතට ඇවිල්ලා ගගන සක්මනක යෙදුණා.
1965 ජූනි 3 වැනිදා : ගගන සක්මනක යෙදුණු පළමු ඇමෙරිකානුවා
ඊට මාස තුනකට පස්සේ ඒ කියන්නේ ජූනි 3 වැනිදා ඇමෙරිකානු ගගනගාමී එඞ්වර්ඞ් එව්. වයිට් (කනිෂ්ඨ* තමයි, ගගන සක්මනක යෙදුණු පළමු ඇමෙරිකානුවා වුණේ. 1961 වසරේ, ඇමෙරිකා ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි එදාත් අවධාරණය කළා දශකය අවසන් වෙන්න කලින් මිනිසකු සඳට යවන්න උත්සහ ගන්න ඕනෑ කියලා. මිනිසකු සඳට යැවීමේ ‘ඇපලෝ’ මෙහෙයුම් සඳහා නාසා ආයතනය සූදානම් වුණේ මේ ගගන සක්මනින් පසුවයි.
1967 ජනවාරි 27 සහ අපේ‍්‍රල් 23 වැනිදා :
‘ඇපලෝ 1’ සහ ‘සෝයූස් 1’ ඛේදවාචකය
සඳ ගමනට සූදානමින් ඇමෙරිකානුවන් ආරම්භ කළා ඇපලෝ 1 ගගන මෙහෙයුමක්. ඒ සඳහා ගගනගාමීන් තිදෙනෙක් සහභාගී කරවා ගැනුණා. අවාසනාවකට අත්හදා බැලීමේ මෙහෙයුමකදී ගුවන් ගත වීමට ඔන්න මෙන්න තියෙද්දී රොකට්ටුව ගිනිගෙන පුපුරා ගියා. ඒ ජනවාරි 27 වැනිදායි. ගගනගාමීන් තිදෙනා ජීවිතක්ෂයට පත්වුණා. මේ අතර සෝවියට්වරුන් ‘සොයූස් 1’ රොකට්ටුව අත්හදා බැලූවා. ඒ අපේ‍්‍රල් 23 වැනිදායි. ‘සෝයූස් 1’ ගුවන් ගත වුණා. ආපහු එද්දී පැරෂූටයේ දෝෂයක් හටගෙන ‘සෝයූස් 1’ අජටාකාශගාමී ව්ලැඩිමීර් කොමරෝෆ් මියගියා.
1968 දෙසැම්බර් : ‘ඇපලෝ 8’ සඳේ කක්ෂයට යයි
ඇමෙරිකා ගගනගාමී ජෝන් ග්ලෙන් පළමුවරට පෘථිවි කක්ෂයට පිවිසී වසර හයක් ගත වෙන්නත් කලින් ඇමෙරිකාව ඓතිහාසික ගගන චාරිකා දෙකකට සම්බන්ධ වුණා. ඒ තමයි, ගගනගාමීන් තිදෙනකුට පෘථිවි ගුරුත්වයෙන් මිදිලා සඳේ කක්ෂයට මුලින්ම පිවිසීම. මේ ගගන චාරිකාවට සම්බන්ධ වුණේ ඇපලෝ 8 ගගනගාමීන් තිදෙනායි. ඔවුන් තමයි විලියම් ඇන්ඩර්ස්, ෆ‍්‍රෑන්ක් බෝමන් සහ ජේම්ස් ලොවෙල්. 1968 වසරේ නත්තල්දාට කලින් දා සඳේ කක්ෂයේ සිට සජීවී ඡුායාරූප පෘථිවියට එවන්න මේ ගගනගාමීන් තිදෙනාට හැකිවුණා. ඊට මාස 11 කට කලින් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී ගුවන්ගත වෙන්න සූදානමින් සිටියදී රොකට්ටුව පිපිරී විනාශ වීමෙන් මියගිය තවත් ගගනගාමීන් තිදෙනකු සිහිපත් කරන්නත් ඇපලෝ 8 කණ්ඩායම අමතක කළේ නැහැ. මියගිය ගගනගාමීන් තිදෙනා තමා රොජර් බී. ෂැෆේ, වර්ජිල් (ගස්* ගි‍්‍රසම්, එඞ්වඞ් එව් වයිට්.
1969 ජූලි 16 වැනිදා : ‘ඇපලෝ 11’ සඳට යයි
ජූලි 16 වැනිදා ඇමෙරිකාවේ නාසා ආයතනයේ වර්නර් වොන් බවුන් නිර්මාණය කළ ‘සැටර්න් 5’ රොකට්ටුව ගගනගාමීන් තිදෙනෙකු අරගෙන උඩුගුවනට ගියා. ඒ ගගනගාමීන් තුන්දෙනා ගියේ සඳටයි. ඔවුන් තමා නීල් ආම්ස්ට්‍රෝං, එඞ්වින් ඕල්ඞී‍්‍රන් සහ මයිකල් කොලින්ස්. මේ සඳ ගමන කි‍්‍රයාත්මක වුණේ ඇපලෝ 11 මෙහෙයුම යටතේයි. ඊට දින තුනකට පස්සේ ගගනගාමීන් තුන්දෙනා සඳුගේ කක්ෂයට පිවිසියා. ජූලි 20 වැනිදා මයිකල් කොලින්ස්, කොලොම්බියා යානයට වෙලා සඳුගේ කක්ෂයේ සිටිද්දී ඊගල් චන්ද්‍ර යානයේ නැගිලා නීල් ආම්ස්ට්‍රෝං සහ එඞ්වින් ඕල්ඞී‍්‍රන් සඳ මතට ගොඩබැස්සා. එහිදී තමයි ආම්ස්ට්‍රෝං සඳමත පිය සටහන් තබා ආවේ.
1971 අපේ‍්‍රල් 19 වැනිදා : ‘සැලියුට් 1’
සෝවියට් සමූහාණ්ඩුව ‘සැලියුට් 1’ නමින් අභ්‍යවකාශ නැවැතුම්පොළක් පෘථිවි කක්ෂයේ රැුඳෙව්වේ ‘ප්‍රෝටෝන් කේ’ නමැති මිනිසුන් රහිත රොකට්ටුවේ ආධාරයෙනුයි.
1971 ජූනි 7 වැනිදා : ‘සෝයූස් 11’ බේදවාචකය
සෝවියට්වරුන්ගේ ‘සෝයූස් 11’ ගගන මොඩියුලය අජටාකාශගාමීන් තිදෙනකු ද සමඟ උඩුගුවනට ගොස් ආපහු එද්දී විනාශ වුණා.
1975 මැයි මාසයේ : යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය
යුරෝපා රටවල් දහ අටකගේ එකමුතුවෙන් ‘යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය’ පිහිටු වූයේ 1975 අවුරුද්දේයි. මෙහි මූලස්ථානය පිහිටන්නේ ප‍්‍රංශයේ පැරිස් නුවරයි.
1975 ජූනි 17 වැනිදා : දෙරටේ එක්වීමක්
ඇමෙරිකාව හා සෝවියට් දේශය තරගකාරීව දශකයක තරම් කාලයක් තුළ උඩුගුවන් ගමන්වල යෙදී සිට හවුලේ අභ්‍යකාශ ගමන්වල යෙදීමට තීරණය කළා. ඒ අනුව 1975 වසරේ ජූනි 17 වැනිදා තමයි, රුසියාවේ සෝයූස් ගගන යානයක් සහ ඇමෙරිකාවේ ඇපලෝ ගගනයානයක් අභ්‍යවකාශයේ දී එකිනෙක හා සම්බන්ධ වුණා. සෝවියට් අජටාකාශගාමී ඇලෙක්සි ලියනෝෆ්, ඇමෙරිකා ගගනගාමී තෝමස් ස්ටැෆර්ඞ් උමං නළයක් ඔස්සේ පාවී ඇවිල්ලා එකිනෙකා සමඟ අතට අතදී සුබ පැතුම් හුවමාරු කර ගත්තා.
1979 දෙසැම්බර් 24 වැනිදා : ‘ඒරියෑන්’ ගුවන්ගත වෙයි
‘ඒරියෑන්’ නමැති රොකට්ටුව සාර්ථකව ගුවන් ගත කිරීමට සමත් වීමත් සමඟ යුරෝපය ද ඔවුන්ගේ අභ්‍යවකාශ ගමන් කටයුතු ආරම්භ කළා.
1981 අපේ‍්‍රල් 12 වැනිදා : අභ්‍යවකාශ ෂටලයේ මංගල ගමන
ඇමෙරිකාව අභ්‍යකාශ ගමන්වල නව පෙරැුළියක් ඇති කරමින් නැවත නැවත භාවිතා කරන්න පුළුවන් විධියේ යානාවක් (ඒ යානය තමයි අභ්‍යවකාශ ෂටලය* ප‍්‍රථමවරට රොකට්ටුවක ආධාරයෙන් උඩුගුවනට යැව්වා. උඩුගුවනට ගිය මුල්ම ෂටලයේ නම තමයි ‘කොලොම්බියා’. ආපහු පෘථිවියට පැමිණෙද්දී ගුවන් යානයක් හා සමානය ගොඩබෑමට ෂටලයට හැකියාව ලැබෙනවා. මෙම යානයේ ප‍්‍රථම ගමන අභ්‍යවකාශ ප‍්‍රවාහනයේ දීර්ඝ ඉදිරි පියවරක් වූ අතර එම ගමන යෙදුණේ යූරී ගගාරීන්ගේ මුල්ම අභ්‍යවකාශ ගමනින් 20 වසරකට පසුවයි. කොලොම්බියා ෂටලය සාර්ථකව ගගන මෙහෙයුම් 27 කට සම්බන්ධ වුණා.
1986 ජනවාරි 28 වැනිදා : ‘චැලෙන්ජර්’ ෂටලය ඉහළ නගිද්දී පුපුරයි
මුල් යුගයේ දී ඇමෙරිකාවේ අභ්‍යවකාශ ගමන්, කොතරම් අවදානම් සහගත වුනත්, සැලකිය යුතු අයුරින් පසුබෑම්වලින් තොරව සතුටුදායකව සිදුවුණා. විවිධ අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවුනත් ඒවා අතරින් සිදු එකම බරපතල අනතුර ලෙස සැලකෙන්නේ 1967 දී අභ්‍යවකාශ යානා දියත් කරන වේදිකාව මත හටගත් ගින්නකින් ඇපලෝ ගගනගාමීන් තිදෙනකු මියයාමයි. ඇමෙරිකාව මුහුණ දුන් අවාසනාවන්ත සිදුවීම ලෙස සලකෙන්නේ 1986 ජනවාරි 28 වැනිදා චැලෙන්ජර් අභ්‍යවකාශ ෂටලය ඉහළට නගිද්දීම පුපුරා යාමයි. ගමන් අරඹා තත්පර 73ක් ඇතුළත සිදු වූ මේ අනතුරෙන් නාසා ආයාතනයේ ගගනගාමීන් හය දෙනකු හා පාසල් ගුරුවරයකු වූ ආධුනික ගගනගාමී කි‍්‍රස්ටා මැක් ඕලීෆ් ද මිය ගියා. මෙය සිදු වූයේ රොකට් බූස්ටරවල ඇති වූ දෝෂයක් නිසයි.
1990 අපේ‍්‍රල් 24 වැනිදා : ‘හබල්’ උඩුගුවනට
ඇමෙරිකාවේ නාසා ආයතනය සහ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ ඒකාබද්ධ මෙහෙයුමක් හැටියට විශ්වයේ රහස් ඡුායාරූපයට නැගීමට හබල් දුරේක්ෂය අභ්‍යවකාශයට ගෙන ගොස් රඳවනු ලැබුවා. හබල් දුරේක්ෂය අභ්‍යවකාශයට අරන් ගියේ ඇමෙරිකාවේ නාසා ආයතනයේ ‘ඩිස්කවරි’ ෂටලයයි.
1998 නොවැම්බර් : ‘අයි.එස්.එස්.’
අයි.එස්.එස්. නැතිනම් ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදිකිරීමේ කටයුතු ඇරඹුණා. මෙහි ප‍්‍රමුඛත්වය ගත්තේ ඇමෙරිකාවයි. එහෙත් ලෝකයේ සියලූම අභ්‍යවකාශ ආයතන මේ කටයුත්තේ දී දායකත්වය ලබා දුන්නා. වසර 2000 දී තමයි නැවැතුම්පොළේ නවාතැන් ගැනීමට ගගනගාමීන්ට හැකියාව උදා වුණේ. මේ වසරේ එනම් 2012 දී තමයි නැවැතුම්පොළේ සියලූම ප‍්‍රතිසංස්කරණ වැඩ කටයුතු නිමාවෙන්නේ.
2001 අපේ‍්‍රල් 28 වැනිදා : ඩෙනිස් ටිටෝ
ලෝකයේ පළමු අභ්‍යවකාශ සංචාරකයා ලෙස ගගන චාරිකාවකට පත් වූ පළමු තැනැත්තා තමයි ඇමෙරිකානු ජාතික කෝටිපති ව්‍යාපාරිකයකු වන ඩෙනිස් ටිටෝ. රුසියාවේ සෝයූස් රොකට්ටුවක ආධාරයෙන් තමයි, මෙයා උඩුගුවනට ගියේ. දින 8 ක් අභ්‍යවකාශයේ සංචාරය කළා.
2001 මාර්තු 23 වැනිදා : ‘මීර්’ කඩා වැටෙයි
රුසියාව විසින් 1986 දී උඩුගුවනට යවා එහි කක්ෂයක රඳවා තිබූ මීර් අභ්‍යවකාශ රසායනාගාරය වසර දහයකට වඩා පවතී යැයි අපේක්ෂා නොකළත් එය නොකඩවා සේවා සපයමින් ගියත් 1997 දී අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දුන්නා. ඒ මිනිසුන් රහිත ප‍්‍රවාහන අභ්‍යවකාශ යානයක් එය සමග ගැටීමයි. ඒත් එය ඉදිරියටම ගියා. අවසානයේ දී 2001 මාර්තු 23 වැනිදා එය කැබලිවලට වෙන්වෙමින් පෘථිවියට කඩා වැටුණා.
2003 පෙබරවාරි 1 වැනිදා : කොලොම්බියා අනතුර
ගගනගාමීන් හත් දෙනකු රැුගෙන අභ්‍යවකාශ මෙහෙයුමක් නිමා කර ආපහු පෘථිවි වායු ගෝලයට ඇතුළු වෙද්දී ‘කොලොම්බියා’ ෂටලට ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයට ඉහළ අහසේ දී ගිනිගෙන පිපිරී ගියා.
2004 සැප්තැම්බර් : රිචඞ් බ‍්‍රැන්සන්
බි‍්‍රතාන්‍ය කෝටිපති ව්‍යාපාරික සහ වර්ජීන් ගුවන් යානා සමාගමේ හිමිකරු ශ්‍රීමත් රිචඞ් බ‍්‍රැන්සන් ලෙව ප‍්‍රථම ව්‍යාපාරික අභ්‍යවකාශ සවාරි ආරම්භ කළේ සැප්තැම්බර් මාසයේදීයි. මේ සඳහා ඔහු ‘වයිට්නයිට් 2’ සහ ‘ස්පේෂ් ෂිප් 2’ යනුවෙන් අපූරු ගගන යානා දෙකක් නිර්මාණය කළා. ‘වයිට්නයිට් 2’ යානය, ‘ස්පේෂ් ෂිප් 2’ යානය රැුගෙන පෘථිවි වායුගෝලය අද්දරට ගොස් ‘ස්පේෂ් ෂිප් 2’ යානය මුදා හැරේ. සංචාරකයන් පුරවා ගත් ‘ස්පේෂ් ෂිප් 2’ යානය පෘථිවි කක්ෂය ආසන්නයට ගොස් යළි පෘථිවියට පැමිණෙයි.
2007 ඔක්තෝබර් 24 වැනිදා : ‘චැංග් ඊ 1’
චීනය ‘චැංග් ඊ 1’ යනුවෙන් පළමුවරට සඳුගේ කක්ෂයට චන්ද්‍රිකාවක් යැව්වා. ආසියානු රටක් ලෙස චීනය අභ්‍යවකාශ තරණයට පිවිසුනේ මේ විධියටයි.
2008 සැප්තැම්බර් 25 වැනිදා : චීන ගගනගාමියා
රුසියානුවන්ගේ ද සහාය ඇතිව චීනය චීන ගගනගාමී සායි සිගැංග් සහ ලියු බෝමින් අභ්‍යවකාශයට යැව්වා. ඒ චීනයේ ‘ෂෙංසූ 7’ රොකට්ටුවෙන්. සිගැංග් ඉතා සාර්ථකව ගගන සක්මනකටත් සහභාගී වුණා.
2008 ඔක්තෝබර් 22 වැනිදා : ඉන්දියාවේ චන්ද්‍රයාන්
‘චන්ද්‍රයාන් 1’ තමයි ඉන්දියානුවන්ගේ පළමු මිනිසුන් රහිත චන්ද්‍ර ගවේෂණ යානාව. එය සඳ බලා පිටත් කර හැරියේ ‘ඉන්දීය ගගන ගවේෂණ සමාගම’ වන අයි.එස්.ආර්. ඕ. ආයතනය විසිනි. 2008 නොවැම්බර් 8 වැනිදා වන විට ‘පීඇස්එල්වී සී 11’ රොකට්ටුවේ ආධාරයෙන් ‘චන්ද්‍රයාන් 1’ සඳේ කක්ෂයට ඇතුළු වූ අතර නොවැම්බර් 14 වැනිදා චන්ද්‍රයාන් රැුගෙන ගිය සඳ ගවේෂණ යානාව සාර්ථකව සඳ මත ගොඩ බැස්සා. යානාව ගොඩබැස්සේ සඳේ දක්ෂිණ ධ‍්‍රැවයේ ෂැක්ලෙටොන් ආවාටය අසළටයි. ඒ අනුව සඳ ජයගත් සිව්වැනි රට වන්නේ අපේ අසල් වැසි ඉන්දියාවයි. ‘හඳේ වතුර තියෙනවා’ යන පුවත ලොව පුරා කාගේත් අවධානයට ලක්වුණේ මේ චන්ද්‍රයාන් සිදුකළ අපූරු සොයා ගැනීමක් සමඟයි. පස් සාම්පල පරීක්ෂා කිරීමෙන් පසුව චන්ද්‍රයාන් ගවේෂණ යානය සොයා ගත්තා සඳ මතුපිට විශාල වශයෙන් ජල අංශු තිබෙනවා කියලා. ‘චන්ද්‍රයාන් 1’ එවූ දත්ත ඇමෙරිකානු නාසා ආයතනය විසින් මේ වනවිට තහවුරු කර අවසන්ය. ගවේෂණ යානාවට සවිකළ සඳෙහි ඛනිජ ගවේෂණ උපකරණ ඉන්දියාවට ලබා දුන්නේ ද නාසා ආයතනයයි.
2009 පෙබරවාරි : ඉරාන චන්ද්‍රිකාවක් උඩට යයි
ඉරානය ප‍්‍රථම වරට ඔවුන් විසින්ම නිෂ්පාදනය කළ චන්ද්‍රිකාවක් යැව්වා පෘථිවි කක්ෂයට. එහි නම ‘කවොෂ්ගාර් 3’. කවොෂ්ගාර් කියලා කියන්නේ ඉරාන බසින් ගවේෂකයා යන අදහසයි. ඊට අවුරුද්දකට පස්සේ ඔවුන් මීයන් වැනි කුඩා සතුන් අභ්‍යවකාශයට යවලා පර්යේෂණ කළා.
2010 පෙබරවාරි : ඔබාමා කී දේ
ඇමෙරිකාව ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින නිසා නාසා ආයතනයේ ෂටල මෙහෙයුම් අවසන් කර ෂටල විශ‍්‍රාම යැවීමත්, අනාගතයේ යළි සඳට හා අඟහරු බලා යෑමට සැලසුම් කළ නාසා ගගන මෙහෙයුම් කප්පාදු කිරීමටත් තීරණය කළා. නාසා ආයතනය සමඟ පෞද්ගලික අභ්‍යවකාශ ආයතන සම්බන්ධ කිරීමටත් ජනාධිපති ඔබාමා යෝජනා කළා.
2011 මාර්තු 11 වැනිදා : ‘ඩිස්කවරි’ සමුගනී
ඇමෙරිකා ෂටල වැඩසටහනට අයත් ‘ඩිස්කවරි’ ෂටලය සිය අවසන් ගගන මෙහෙයුම සාර්ථකව අවසන් කළා. අවසන් මෙහෙයුම හැටියට අන්තර්ජාතික අභ්‍යවකාශ නැවැතුම්පොළට බඩු බාහිරාදිය ඩිස්කවරි අරන් ගියා. ඒ 2011 පෙබරවාරි 24 වැනිදායි. ආපහු ආවේ මාර්තු 11 වැනිදායි. ඇමෙරිකාවේ නාසා ආයතනය සතුව තවත් ෂටල දෙකක් තිබෙනවා. ඒවා තමයි ‘එන්ඬේවර්’ සහ ‘ඇට්ලැන්ටිස්’. මේ ෂටල දෙකත් ගගන මෙහෙයුම් අවසන් කරලා මේ අවුරුද්දේ විශ‍්‍රාම යෑමට නියමිතයි.
{{reflist}}
 

සංස්කරණ

19,665

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/325814" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි