"දර්ශනවාදයේ ගැටලු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
24 පේළිය:
[[දර්ශනය|<u>'''දර්ශනය'''</u>]]<u>''' හැදෑරිය යුත්තේ'''</u> එහි ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු ලබාගැනීම උදෙසා නොවේ. මක්නිසාද යත්, කිසිම නිශ්චිත පිළිතුරක් සත්‍ය බව දැනගත නොහැකිය. එහෙයින් දර්ශනය හැදෑරිය යුත්තේ ඒ ප්‍රශ්න උදෙසාමය. මක්නිසාද යත්, සිදු විය හැක්කේ මොනවාද යන්න පිළිබද අපගේ විකල්පනය පුළුල් කිරීමටත් අපගේ බුද්ධිමය පරිකල්පනය සාරවත් කිරීමටත් විමර්ශනයට බාධා පමුණුවන අධානග්‍රාහී විශ්වාසයන් දුර්වල කිරීමටත් ඒ ප්‍රශ්න හේතු වන නිසාය. එහෙත් ඒ සියල්ලටම වඩා, දර්ශනය ඇසුරින් මෙනෙහි කරනු ලබන විශ්වය සතු ශ්‍රේෂ්ඨත්වය තුළින් මනසද උත්කෘෂ්ට භාවයට පත් වන නිසාය. '''ශ්‍රේෂ්ඨතම යහපත ගැබ්ව ඇති විශ්වය සමග ඒකීයත්වයට පත් වීමට මනසට හැකි වන නිසාය.'''(පරිච්ඡේදය 15, පි.153)<ref name=":0">දර්ශනවාදයේ ගැටලු, බ්‍රර්ට්‍රන් රසල්</ref>
 
=== පෙනීම හා තථ්‍යතාව Appearance and Reality ===
[[ගොනුව:Knowledge, observation and reality.svg|thumb|alt=පෙනීම හා තථ්‍යතාව|පෙනීම හා තථ්‍යතාව]]අපි මේසයක් කෙරෙහි අවධානය යොමු කරමු.. .සිත්තරාට අවශ්‍යවන්නේ වස්තූන් පෙනෙන ආකාරයයි (Appearance). ප්‍රායෝගික මිනිසාට සහ දාර්ශනිකයාට අවශ්‍යවන්නේ වස්තූන් ඇති ආකාරයයි (Reality)....දැකීමෙන්, ස්පර්ශයෙන් හෝ ශ්‍රවණයෙන් එක් වරම අත්දකින්නේ සැබෑ මේසයක් ඇත්නම් ඒ සැබෑ මේසය නොවන බව පැහැදිලිය. සැබෑ මේසය (සැබෑ මේසයක් ඇත්නම්) අපට එය කිසිසේත්ම එක් වරම දැනගත නොහැකිය. එය අප එක්වරම දැනගන්නා දේ-ඉන්ද්‍රිය දත්ත- ඇසුරෙන් අනුමාන-සංවේදනය- කළ යුක්තක් පමණකි. මේ අනුව ඉතා දුෂ්කර ප්‍රශ්න දෙකක් එක් වරම හටගනී.
# සැබෑ මේසයක් කොහෙත්ම තිබේද?
35 පේළිය:
 
මීට ඔබ්බෙන් ඇති නිදහස් අනුමාන රාශියක් ඇත. [[ලයිබිනිස්]] එය ආත්ම වල සංයුතියකියි අපට කියයි. [[බර්ක්ලේ]] එය දෙවියන් වහන්සේගේ මනසේ ඇති අදහසකියි අපට කියයි. විශ්මය ජනක භාවයෙන් ඊට වඩා අඩු නැති [[විද්‍යාව]], එය ඉමහත් වේගයෙන් චලනය වන විද්‍යුත් බලයන් විශාල ගණනක එකතුවකියි අපට කියයි...[[සංශය|'''සංශය''']] පවසන්නේ සමහර විට මේසයක් කොහෙත්ම නැතුවා විය හැකි බවයි.
 
=== සමුද්දේස: ===
"https://si.wikipedia.org/wiki/දර්ශනවාදයේ_ගැටලු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි