"උල්කාපාත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
new page
 
Details
1 පේළිය:
[[ගොනුව:Leonid Meteor.jpg|250px|thumbnail|දකුණ|2009 වූ ලියොනිඩ් උල්කාපාත වර්ෂාවේදී දක්නට ලැබුනු ලියොනිඩ් උල්කාපාතයක්]]
මේ පරක් තෙරක් නොමැති මහා විශ්වයේ විවිධ ආකාශ වස්තුන් ප‍්‍රකෝටි ගණනින් පිහිටා ඇත. මේවායින් සමහරක් කුඩා වන අතර තවත් සමහරක් අති විශාල වේ. අභ්‍යවකාශයේ සැරිසරන මෙම ආකාශ වස්තුන් සමහර අවස්ථා අවස්ථාවල දී පෘථිවියට ආසන්නව ගමන් කරයි. එවැනි අවස්ථාවල දී පෘථථිවි ගුරුත්වාකර්ෂණයට හසුවන මේවා පෘථිවි වායු ගෝලය හා ගැටී පිළිස්සී විනාශ වී යන අතර, සමහර ඒවා විනාශ නොවීම පෘථිවිය මතට පතිත වේ. මේ අනුව බලන කල උල්කාපාතයක් යන්න පහත පරිදි අර්ථ කථනය කළ හැකිය.“පෘථිවි වායු ගෝලයට ඇතුළු වන අභ්‍යවකාශයේ සැරිසරන ඕනෑම ග‍්‍රහ වස්තුවක් උල්කාපාතයකි.”
 
ඈත අභ්‍යවකාශයේ සිට පෘථිවි වායු ගෝලයට ඇතුළු වන සියලුම ආකාශ වස්තුන් පිහිටා ඇත්තේ ගුණාංග සහිත පරිසරයක (සුළඟ නොමැති, වායු නොමැති) නිසා ඒවායේ ගුණාංග ද සෑම උල්කාපාතයකටම එක සේ පොදු ඒවා බව පැවසේ.
මේ අනුව උල්කාපාතවල පොදු ලක්ෂණ ලෙස,
*වායු ගෝලයත් සමග ගැටීම නිසා අධික දීප්තියකින් යුතුව දර්ශනය වීම
*වායු ගෝලයත් සමග ගැටීම නිසා පිළිස්සී විනාශ වී යාම
දැක්විය හැකිය.
"https://si.wikipedia.org/wiki/උල්කාපාත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි